2013/08/19

එන්න සතුටට එක්වන්න !

අද සොඳුරු සුව අසපුවට විශේෂ දිනයක් , ඒ සොඳුරු සුව අසපුව වෙත පැමිණි පිරිස 50,000ක් ලෙසින් සටහන් වුනා නිසාවෙනි. මීට වසර දෙකකට පෙර “හෙදකම අද සහ හෙට...“ යන ලිපියෙන් ඇරඹූණ මෙම බ්ලොග් පිටුව මේ වන විට ලිපි 141ක් සිංහල බ්ලොග් පරිශ්‍රයට එක් කර තිබෙන අතර ඉන්  බහුතරයක් ලිපි සෞඛ්‍යය සහ ලෙඩ රෝග ගැන කතා බහ කළ සටහන් වේ. එම ලිපි තුලින් යම් පිරිසක් , සුළු හෝ ප්‍රයෝජනයක් ලබා ගන්නට ඇතැයි මට විශ්වාස කළ හැකි සළකුණු සටහන් තබා ඇති හෙයින්  , මේ වසර දෙක පුරා මේ වෙනුවෙන් වැය කළ කාළය නිස්කාරණේ “කාළය කාදැමීමක්“ නොවන බව  හැඟේ. 
ඒ හැඟුමම සතුටකි.


එන්න ,එම  සතුටට එක්වන්න .මක් නිසාද ඔබ සතුටේ හිමිකරුවකු වන නිසාවෙනි .

මෙතෙක් සොඳුරු සුව අසපුව සමඟ රැඳී සිටි , දිරිමත් කළ අඩුපාඩු පෙන්වා දුන් ඔබ සැමට මගේ ගෞරව පුර්වක ස්තුතිය පිරිනමමි.එමෙන්ම මේ වෙනුවෙන් කාළය මිඩංගු කරන්නට ඉඩ හසර ලබා දුන් මා ප්‍රිය බිරිඳ මෙන්ම , මගේ කෙළි පැටවුන් දෙදෙනාටත් මගේ තුති පුදන්නට සුදුසුම මොහොතයි මේ .

එසේ නම් , අදට සමුගනිමි , සුව සතුට පිරි දිනයක් ඔබ සැමට !.

පසුගිය මාසයක කාළය තුල සොඳුරු සුව අසපුව වෙත පැමිණි ඔබගේ අදහස් , අනුව සැකසුණූ සරළ සමික්ෂණයකින් ලබා ගත් , යම් අයුරකින් වැදගත් වේ යැයි සිතිය හැකි සටහන් කිහිපයක් මේ සමඟ ...