2014/06/23

163) සුපර් ග්ලූ වලින් වහනා මොලේ ලෙඩේ

කතාව ගෙනාව “පින්කි“ ලෙඩ හොඳ වුනා පස්සේ :D
“අක්කේ , මගේ බෝනික්කිගේ කොන්ඩේ ගැලවිලා මේක අලවල දෙන්කෝ “
“මට බෑ , මම දැන් වැඩක්“
“අනේ ....ඔයා මගේ හොඳ අක්කිනේ .....අනෙක ග්ලු ගන්  එක ඔයාගෙනේ , අනේ මෙයාව හදල දෙන්නකෝ ....“
“කෝ ගේන්න  , ඔයාගේ බෝනික්කිගේ සපත්තුවත් ගැලවිලා තියෙනව දැක්කා , ඒකත් අලවන්න බලමු‘‘
දෙන්නගේ කුටු කුටුව අහගෙන මමත් මගේ වැඩේ කරගෙන ගියා .

“තාත්තේ මේ , මේ පින්කි දැන් ලස්සනයි නේ “ පොඩ්ඩි බොනික්කේකුයි තව මොන මොනවදෝ අඩුම කුඩුම වගයක් ගෙනත් තිබ්බා මෙසේ උඩ .

දැන් ඉතින් මගේ වැඩේ කරල ඉවරයි ....
ජීවිතේම රස කතාවක් කළ
මගේ කතාකාරියෝ දෙන්
නා

“හ්ම් , කවුද කොන්ඩේ කරල් ගෙතුවේ අක්කද? ..“
“ඔව් , එයාගේ කොණ්ඩේ ගැලවිලා තිබුණේ , අපි දෙන්න සර්ජරි එකක් කළා “
“සර්ජරි එකක් ! මොකක්ද කළේ දෙන්න එක්ක‘‘
‘‘අපි දෙන්න මෙයාගේ කොණ්ඩේ තියෙන ලේයර් එක උස්සල , ඇතුලට ග්ලු ගන් එකෙන් , ග්ලූ ඇතුල කරල , ටිකෙන් ටික ඇලෙව්ව , දැන් මේ ....ඇද්දත් ගැලවෙන්නේ නෑ  ,  “
පොඩ්ඩි බෝනික්කිගේ කොන්ඩ කරලකින් ඇදලම පෙන්නනව .
“හ්ම් වැඩේ නම් හොඳයි , දැන් අර ගත්තු බඩු ටික අස් කරලද අාවේ “
“අක්කි අස් කළා , මං උදව් කළා ....“ ...ආයෙත් බඩු මට්ටු ටික කරගහගෙන පොඩ්ඩි යන්න ගියා .