2018/02/09

218) ඇණයක් වෙලා හරි- හරියට ඇන ගන්න (රෝගියාගේ අයිතිවාසිකම්)

“අපි ඩොක්ටර් xxxxxx චැනල් කරමු , එයා තමයි දැනට ඉන්න හොඳම කෙනා මේ පැත්තේ, ටිකක් සැරයි
තමයි“
“අපෝ අර xxxxxx ද, අනේ මට බයයි මං අහල තියෙනව ඒ සර් හරියට බනිනවා කියල, “
-----------
“මේ ඔය පහලොව ඇඳේ ලෙඩා එන්න , ලොකු මහත්තයට බලන්න ඕන“
-----------
“කෝ මේ දියවැඩියා ලෙඩ්ඩු , එන්න  මේ දියවැඩියා කෑම ගන්න“ 
-----------
“අනේ නෝනා මට අමාරුයි එකපාරට අමාරුයි , පොඩ්ඩක් ඉන්න මම හිමීට අනිත් ඇඳට මාරු වෙන්නම්“
“මේ අපට ඔහෙලව නලව නලව ඉන්න බෑ , කෝ ඉක්මණට එහා ඇඳට යන්න, අපට තව වැඩ තියෙනවා“
-----------
“හෙට උදේ ඔපරේෂන් එකක් තියෙනවා , මෙතන අස්සන් කරන්න,ඉක්මණට!“
-----------