පුද්ගලයෙකු පරිපූර්ණ මිනිසකු බවට පත්වීමේදී මතුවන අවශ්‍යතා අතරේ වැදගත් ස්ථානයක් “ආත්මාභිමානය“ට ඇත. යමෙක් තමාගේ හැකියාවන් , වටිනාකම් සහ ගෞරවනීය බව පිළිබඳව දැන , හඳුනාගෙන ඒ පිළිබඳව විශ්වාසනීයම තෘප්තියට පත්වීම ආත්මාභිමානයයි Self-esteem . කෙටියෙන්ම කියතොත් , යමෙක් තමන්ගේ ජීවිතය පිළිබඳ කෙතරම් සතුටුවන්නේද කියන කරුණු මෙයට තදින්ම බැඳී තිබෙනවා.
මේ ආත්මාභිමානය සහ පුද්ගලයාගේ මානසික සෞඛ්‍ය අතර තද බැඳීමක් තිබෙන අතර , එහි අඩුවැඩි බව ඔහුගේ හෝ ඇයගේ සමාජයීය සහ වෘත්තීය ජිවිතය කෙරේද සෘජු බලපෑම් ඇති කරයි.

පහත ඉදිරිපත් කෙරෙන ප්‍රශ්නාවලිය ඔස්සේ සිදුකරනුයේ යමෙක් ගේ “ආත්මාභිමානය“ පිළිබඳ යම් අගැයුමක් කරගැනීමයි. අදාල ප්‍රශ්න වල , ඔබේ හිතට එකඟව අවංකවම පිළිතුරු ලබා දුනහොත් , ඔබේ “ආත්මාභිමානය“ අඩු වැඩි බව ඔබටම හඳුනාගත හැකිවේවි.
ඔබේ අගය ප්‍රතිශතයක් ලෙස ලැබේවි. එහි අගය ඉහළ නම් ඔබෙ ආත්මාභිමානය “ඉහළ“ මට්ටමක තිබෙනවා , පහල අගයක් නම් ඊට හේතුව සහ නිසි පිළියම් යොදාගන්නට ඔබට හැකි නම් “ඔබෙ ජීවිතය තවත් සතුටින් පිරේවි.
මෙන්න ප්‍රශ්නාවලිය , හිතට එකඟව උත්තර දීල බලන්න.
