“හරිම ලස්සන දවසක් මයික්! ,කොහොමද ඔයාට ? ඔයා ගියානේද කදු පැත්තේ? ලස්සන ඇති නේ? මට යන්න විදියක් නැහැනේ මේ දරුවගේ නීති නිසා “ කෝර් උත්තර දුන්නා.
“හ්ම් , අපි ගියා ඊයේ , ස්නෝ තිබුණා අඩි බාගයක් විතර , ඔයාගේ කැබින් එක වට වෙලා තිබුණෙ, නොගිය එක හොඳයි , නැත්නං වෙන්නෙ දවසෙම ස්නෝ අඳින්න තමයි“
මේ කෝර් මහත්තයා අප ඒකකයට එන්නේ , ඔහුගේ මොළය සහ මතකය ආශ්‍රිතව ඇතිවෙලා තිබෙන ගැටළුකාරී තත්ත්වය උග්‍රවීම පාලනය කරගන්නත් , කාළයක් තිස්සෙ විඳවන “තදබල වේදනාවට“ ඖෂධීය නොවන ප්‍රතිකාරාත්මක චිකිත්සාවකට යොමු වන්නත් බලාපොරාත්තුවෙන්. අද දවසේ වැඩසටහන පටන් ගන්න වෙලාව තිබෙන නිසාත් , අවුරුදු හැටක් තිස්සේ හිම ක්‍රීඩාවලින් සතුට ලැබූවෙක්ගේ හිතට දැනෙන හැඟිම අනුවත් තීරණයක් ගත්ත.
“කෝර් , අපට පැය බාගෙකට වැඩිය තියෙනවා , යමුද VR tour එකක්? , සමහර විට ඒ අතරෙම ට්‍රීෂියා ඇවිත් තුවාලෙට බෙහෙතුත් දාල දේවි.“
මගේ යෝජනාවට ඉහළින්ම එකඟවුනු “කෝර්“ , තමන්ගේ සැප පුටුවේ සනීපෙට දිගාවුනේ කෝපි කෝප්පයත් ළඟට අරගෙනම.
“අපි අද යමු ක්‍රොස් කන්ට්‍රි ස්කී එකක්“
කෝර් මහත්මයා කන්දක ස්නෝ සවාරියේ යන අතරේ , ට්‍රීෂියා ඇවිත්,
“හේයි කෝර් මහත්මයා , මම ට්‍රිෂියා , තුවාලෙට බෙහෙත් දාන්න ආවා“
“ඕ්කේ ඕකේ , මම ලොකු වැඩක , කරන දෙයක් කරන්න“ ඇස් පලදනාව අතින් එහා මෙහා කරන ගමන් උත්තර දුන්න.
වෙනද තුවාලෙ දිහා බලාගෙන එහෙට මෙහෙට ඇඹරෙන කෝර් , අද කිසි වගත් නෑ , යන්තමට කකුල හෙලෙව්වා විතරයි.
“හරි , තුවාලෙට බෙහෙත් දැම්මා , හෝම් නර්ස් ඒවි දවස් දෙකකින් , එහෙනම් මම යනවා කෝර් මහත්මයා“ ට්‍රීෂීයා උපකරන එකළස් කරන ගමන්ම කතාව.
“බෙහෙත් දාලත් ඉවරද , මං හිතුවේ තව වෙලා යාවි කියල, මට නං මේ ගේම් එකේ තව තතත්පර විස්සක් විතර යන්න තියෙනවා, ඕකේ , තැන්ක්ස් ට්‍රීෂීයා“ වෙන කිසි වගක් නැතිව කෝර් උත්තර බැන්ද.
මෙ කතාබව අද සටහනකට එකතු කළේ , අද දවසේ වෛද්‍යතාක්ෂණයේ තවත් ඖෂධීය නොවන ප්‍රතිකාරාත්මන ක්‍රමයක් හඳුන්වා දෙන්න. ඒ තමයි Virtual Reality Therapy නැත්නම් VR Therapy,
පසුගිය වසර 20-25ක කාළය පුරා මේ ප්‍රතිකාරාත්මක ක්‍රමය පරික්ෂණ තත්ත්වයේ ක්‍රියාත්මක කෙරුනත් අද දවසේ ඩිමෙන්ෂීයා රෝගයෙන් , විවිද අහේතුක බිය Phobia තත්ත්වයන්ගේ , Post Traumatic Stress Syndrom PTSD , ළමුන් තුල හදුනා ගත හැකි ADHD, සහ මානසික රෝග තත්ත්වයෙන් වගේ රෝග/ ගැටළු ගණනාවකින් පෙළෙන පුද්ගලයන් සඳහා “ප්‍රතිකාරාත්මක ක්‍රමයක්“ ලෙස භාවිතයට ගන්නවා.
මේ පිළීබඳව තව දුරටත් පර්යේෂණ කෙරෙමින් යන අතර , සාමාන්‍ය දරු ප්‍රසූතියේදි ඉදිරියේදි සුළු ශල්‍යකර්ම , වෘත්තීය චිකිත්සක ප්‍රතිකාර ක්‍රීඩා චිකිත්සාව වැනි අංශ වලත් බහුලව භාවිත කිරීමට නියමිතව තිබෙනවා.
![]() |
| මේ අපේ කෝර් මහත්තයා වගේම කෙනෙක් |