Showing posts with label නහර ගැට ගැසීම. Show all posts
Showing posts with label නහර ගැට ගැසීම. Show all posts

2011/07/08

28) කකුලෙ එතී දිවි වනසන මකුළු දැල - Varicose veins

හොඳ වෙලාවට ඇහැරුනේ  !!!!!
අද ටිකක් නිදි මතයි වගේ ..ඊයේ රාත්‍රී සේවා මුරය කළේ ..වෙනදට වඩා ටිකක් මහන්සියි ..ඇඟේ අමාරුවද , හිතේ අමාරුවද මන්දා ...ටිකක් නිදා ගන්න ඕන ...ගෙදර කවුරුවත් නැහැ ...පොඩ්ඩෝ දෙන්න ඉස්කොළේ , මගේ බිරිද රෝහල් සේවා මුරයේ ...තනියම ගෙදර ඉන්න හරිම කම්මැලිය වෙනදට නම් ....අද නම් නිදා ගන්නමයි හිතෙන්නේ ....

“අපි යමුද ....වෙලාව හරී......“ මගේ බිරිඳගේ හඬ වගේ යාන්තමට  ඇහුන ...හීනයක්ද ? ..මොකද කවුරුවත් හිටියේ නැහැනේ ගෙදර ....ටිකක් කල්පනා කළා ... වෙන්න බෑ ....දඩිස් ගාල ඇඳෙන් නැගිට්ටේ කවුද මේ  කියල බලන්න...බැලින්නම් මෙන්න ..මනෝජා .... මගේ නිදි බර ඇහැ ගියේ ඔරලෝසුවට වෙලාව එකහමාරයි ....දැනුයි තේරුනේ මම උදේ හතහමාරෙ ඉඳල හොඳට නිදා ගෙන ...