අද පුවත් පත් කියවත්දි ගාල්ල ගිංතොට ප්රෙද්ශයේදි සිදුවූ අවාසනාවන්ත අනතුරක් ගැන කියවන්නට ලැබුණා. අධිබල විදුලි රැහැනක් වාහනයක් මතට කඩා වැටීමෙන් තිදෙනෙක් මිය ගිය බවයි එහි කියවුනේ.
සිදුවීම නිවැරදිවම නොදනිතත් , අට දෙනෙක් එම රිය තුල සිටි බවක් පුවත් පත් වල සටහන් ව තිබූ අතර , ඉන් තිදෙනෙක් මිය ගිය බවයි සඳහන් වුනේ . මිය යාමට හේතුව අධිකරණ වෛද්ය නිළධාරිවරයා තීරණය කරාවි ඉක්මණින්ම . කෙසේ වෙතත් මෙවන් අනතුරු වලදි බහුලවම මිය යාම සිදුවන්නේ , විදුළි රැහැන ස්ඵර්ශ වූ රියෙන් බැස යාමට උත්සාහ කිරීමේදී . එයට හේතුව බිමට පය ස්ඵර්ශ වන මොහොතේ අදාල පුද්ගලයාගේ සිරුර රිය සමඟත් ගැටී තිබුණා නම් විදුලිය දේහය ඔස්සෙ ගමන් කර භූගත වන නිසා.
