Showing posts with label Bipolar Disorders. Show all posts
Showing posts with label Bipolar Disorders. Show all posts

2011/12/08

70) හඬන නටන උඩ යට යන.. මුහුණු දෙකේ මිනිසා ...

අපිට ඊයේ තමයි මුලින්ම හොඳ හිම වැස්සක් ලැබුණෙ , මේ මුල්ම වතාවනේ Winter එකකට මුහුණ දෙන , අපේ හිතේ නම් පොඩි තිගැස්මක් නැතුව නොවයි , (මොකද තවමත් රියදුරු බලපත්‍රය ගන්න බැරි වුනු නිසා , යන්න වෙලා තියෙන්නේ පොදු ප්‍රවාහන වලම තමයි , ආරංචි විදියට Winter එක ටිකක් තදට එනකොට පොදු ප්‍රවාහන සේවා ටිකක් අඩාල වෙනවලු . එහෙම වුනොත් ගේ ඇතුලට වෙලා තමයි ඉන්න වෙන්නේ .) ඒත් අපේ පොඩ්ඩො දෙන්නට නම් සතුට පිරිල , ඉස්කෝලෙ යන්න සූදානම් වෙලා එළියට බැස්සමයි දැක්කේ පළාතම සුදු පාට වෙලා ...ඇත්තටම හරිම ලස්සනයි ..මේ ලස්සන ගැන මකුළු පැංචි   හරි ලස්සනට එයාගේ බ්ලොග් එකේ දැලක් වියල තිබෙන නිසා තවත් වින්ටර් එක ගැන ලියන්න ඕන නැහැනේ ...