Showing posts with label Child Mental Health. Show all posts
Showing posts with label Child Mental Health. Show all posts

2016/09/25

204) බිඳෙන බබාලා නොබිඳින්නට


අද කතා කරන්නට හදන්නේ වැඩි දෙනෙක් කතා කරන්නට අකමැති , නැත්නම් අඩුවෙන් කතා කෙරෙන මාතෘකාවක් ගැන.  ඒ මානසික රෝග/නැත්නම් මානසික සොඛ්‍ය ගැටළු. දැන් මේ මාතෘකාව කිව්ව ගමන් හිතට එන්නෙ කිළිටි ඇඳගෙන පාර පුරා ඇවිදිමින් ඉන්න “පිස්සෙක්“ කියන අදහසනේ . නමුත් හොඳින් දැනගත යතු දේ තමයි , මේ කියන “පිස්සන්“ ට වඩා දරුණූ , අවදානම් “මානසික රෝගීන්“ අපේ සමාජය තුල සිටිනවා . සමහරෙක් ප්‍රතිකාර මත රෝග තත්ත්වයන් හොඳින් පාලනය කරනෙ සාමාන්‍ය ජීවන රටාව ගතකරනවා වෙන්න පුළුවන්, ඔවුන් ගැන ගැටළුවන් නැති තරම්. නමුත් “තමන්ට මානසික ගැටළුවන් ඇතැයි“ හඳුනානොගෙන , තමන්ගේ මිතුරට , හිතවන්තයාට “මානසික රෝගී තත්ත්වයක් , අවදානමක්“ යැයි හඳුනා ගත නොහැකිවීම නිසා , නිිසා ප්‍රතිකාරයන්ට යොමු නොවී , තමන්ගෙත් , අනෙකෙකුගේත් ජීවිත වලට , සමාජයට අවදානමක් ඇති කරන කොයි තරම් අප අතරම ඇත්ද ? මේ නිසා මානසික සෞඛ්‍ය ගැටළු ගැන අපෙ රටේ සමාජය මීට වඩා දැනුවත් විය යුතු සහ ඊට අවශ්‍ය සහායක පහසුකම් වඩාත් ඉක්මණින් සහ පහසුවෙන් ලබා ගත හැකි පරිසරයක් ඇතිවීම හුඟක් වැදගත් කියල මට හිතෙනවා.