Showing posts with label Gastritis. Show all posts
Showing posts with label Gastritis. Show all posts

2011/07/14

32) මරණයේ දැවිල්ල - Gastritis වලින් පරිස්සම් වෙන්න

සීතල ......උණුහුමක්  ???......
ඊයේ ඇසළ පෝය දවස ...දුවන වැස්සත් එක්ක වරින් වර වැටෙන පොද පොළොව විතරක් නොවෙයි අපේ හිතත් සංසුන් කළා වගේ දැනෙනවා ...ඒත් මගේ බිරිඳගේ හිත නම් නොසන්සුන් කරළ වගේ ..ඇය සෝදපු රෙදි ටික වේලගන්න විදියක් නැතිව “යුද්ධයක්“ කරනවා ...“ලොකූ මේ වෙලිච්ච රෙදි ටික ගෙට ගිහින් දාන්න ...ආයේ වැස්සොත් ඒ ටිකත් ඉවරයි .....“ බිරිඳ කළබළය මුසු විධානයක් දුන්නා...“අම්මේ ..අද විජිත සාදුලගේ පන්සල් යමුද ? හුඟ දවසකින් ගියේ නැහැනේ ...“ රෙදි ටික ගෙට ගෙනත් දාපු ලොක්කී අම්මගෙන් අහනව මම අහගෙන ...“යමු ..හැබැයි වැස්සොත් නම් යන්න බැහැ , අනෙක අර තාත්තගේ වැඩක් ඉවර කර ගන්න තියෙනවා කිව්වනේ...ඔයාල කරදර කරන්නේ නැතිව හිටියොත් ඉක්මණට ඒ වැඩේ ඉවර  කරගෙන ..හවස් වෙන්න ඉස්සර පන්සලට යමු .....“ පැහැදිලි කරන ගමන්ම කළබලේට රෙදි දානව ..පොඩි අවු රැල්ලක් වැටිලා ඒකයි මේ .....