Showing posts with label Multi Drug Resistance. Show all posts
Showing posts with label Multi Drug Resistance. Show all posts

2016/01/07

182) පාර තියා යන නැව් සමඟින් සුපර් ගොනා

“පැචී , අද ස්නෝ ගොඩයි , ඉක්මණට ලෑස්ති වෙමු , “ අම්ම හදල යන උදේ කෑම එක රත් කරලා , හොඳට පිළීයෙල කරල , නංගිට හරියන විදියට සූදානම් කරන අක්ක , ඇඳටම ගිහින් නඟාවත් කැඳවගෙන එන්නෙ බොහොම ආදර හුරතල් බස් කියවමින් . අක්කට ඒ වැඩ ටික කරන්න දීල පැත්තකට වෙලා නිව්ස් බල බල ඒ සහෝදර ආදරය දකින විඳින එක මට සතුටක් , මොකද  මට නොලැබුණූ ඒ සුන්දරත්වය දකින එක වෙලාවකට හිත තෙත් කරන සුන්දර අත්දැකීමක් .

දෙන්න එක්ක කෑම එක රසවිඳින ගමන් , එළියේ ස්නෝ වැටෙන හැටි බලාගෙන ඉන්න එක පුරුද්දක්. ඇත්තටම ඒක ලස්සන දසුනක් ඇසට වගේම , හිතටත්.

සුදුපාට අහස , පොළව සමඟින් හැංගෙන හිරු 
“ඒයි අක්කි මේ බලන්න අදත් ඇවිත් , “ 
“කවුද අම්මද , තාත්තද බබත් එක්කද “ 
“නෑ අද නං තාත්ත විතරයි වගේ , සිතල නිසා බබයි අම්මයි නිදි ඇති “ තේ කෝප්පේ වීදුරුවට තද කරගෙන පොඩ්ඩි කෑගහනව .

“හ්ම් අද අඩි පාරවල හැටියටනම් තාත්ත , අපරාදේ ඊයෙ අපට අමතක වුනා නේද එයාලට කෑම දාන්න , කමක් නැහැ පදුරේ කොළ තවම තියෙනව නේ “ 

මේ දවස් වල සීතලත් එක්ක අවට තියෙන ගොවිබිම් වල කන්න දෙයක් නැති නිසා රෑට රෑට ගෙවල් වලට එන අමුත්තො (ඇත්තටම හිතවත්තු) කට්ටියක් , ඒ මුවන් රෑනක් . කොයි තරම් මේ කට්ටිය හඳුනනවද කිවොත් , අඩි පාරවල් කියවල මුව පවුලේ අය හඳුනගන්න තරම් අපේ අක්කයි නංගියි දන්නව දැනටමත් .

2011/06/03

6th Discussion - ඔබ ළගම සිටින ඇසට නොපෙනෙන මරණීය අනතුර - දෙවන පියවර

M.R.S.A. බැක්ටීරියාවක් 
අද අපි සාකච්ඡාවේ ඉදිරියට යමු ... මේක හරිම කම්මැලි කතාවක්ද මන්ද ? එත් අපි මේ ගැන කතා කරන්නම ඕන , මොකද නැත්නම් අද අපි බලන සමහර විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක වගේ , “බෙහෙත් නැති රෝගයක්“  පැතිරිලා අපි හැමෝම විනාශ කරන දවස හෙට වෙන්න පුලුවන් , 2012 ලෝක විනාශය වන විදිය ගැන විවිධ මත , ප්‍රවාද පැතිරුනත් මෙම අනතුර ඒ වගේ “විය හැකියි“ කියල අත ඇරල දාන්න බැරි , මෙම ගැටලුව අද අපේ එළිපත්තටම ඇවිත් තියෙන නිසා....





2011/06/01

5th Discussion - ඔබ ළගම සිටින ඇසට නොපෙනෙන මරණීය අනතුර - පළමු පියවර

ඊටත් වඩා අනතුරක් අපි ළගම
අපි ජීවත් වෙන්න ආසයි , නිරෝගීව සතුටින් ජීවත්වීම තමයි අපේ බලාපොරොත්තුව , ඒත් ඒ බලාපොරොත්තුව නැති කරන , අපව රෝගී කරන , එසේ මෙසේ නොවෙයි බෙහෙතක් නැතිවම මැරිළ යන්නට සිදුවන “රෝග කාණ්ඩයක් “ අප වටේ කැරකෙනව කියල ඔබ දන්නවද ?

ඔව් , අපි අහමු බලන්න සුව කළ නොහැකි රෝගයක් නම් කරන්න කියල ? අපේ බොහොම දෙනෙක් කියාවි “ඒඩ්ස්“ කියල , ඔව් ඒක නිවැරදියි , ඒත් තවමත් ඒඩ්ස් තරමක් අපට දුරයි , ඒ වගේම නිවැරදි සෞඛ්‍ය සිරිත් භාවිත කරනව නම් ඒඩ්ස් ඇතිවෙන්න තියෙන අවස්ථාත් අඩුයි,