| රෑං ගාල යන ස්කියිං (පිංතූරය freesportwallpaper.com වෙතින් ) |
“ඕකේ ...ඩැඩී ....මෙ රවුමයි තව එකායි “ තාත්ත ගාවින් විදුලියක් වගේ වේගෙන් ලිස්සලා ගිය සේරා පස්සෙන් ඇගේ මල්ලි බ්රයන් ටිකක් දුර ගියත් , වෙනද වගේ නෙවි අද ටිකක් කම්මැලි හන්ද ආයෙත් ආව තාත්ත ගාවට ,
“ඩැඩී , මේ අර ඈත තියෙන කන්ද මුදුනේ ෆෝටෝ එකක් අරන් දෙන්නකෝ , අර අර වලාකුලෙන් වැහෙන්න හදන්නේ , ම් ම් .. පෝඩ්ඩක් ඉන්ට , අපි වලාකුලෙන් බාගයක් කන්ද වහගත්තම ගමු , මගේ ස්කූල් ප්රොජෙක්ට් එකට කියාපු පිංතූරෙ “