Showing posts with label Pelvic Inflammatory Diseases. Show all posts
Showing posts with label Pelvic Inflammatory Diseases. Show all posts

2016/03/30

200) කෙල්ලන්ට රිදවන ජීවිතේ බිඳවන PID

සෙනසුරාදාට දවස ගෙවන්නට 
“අය්යා වයිබරේට එන්න පුළුවන්ද ?“  ගම්  පළාතේ  “මල්ලී“ කෙනෙක්ගෙන් පණිවිඩයක්. සෙනසුරාදා දවසින් වැඩිවෙලාවක් , මගේ අතිජාත මිත්‍රයත් සහ තවත් මිතුරියක් එක්ක පාසල් කාළේ ගැන කතා කරල පරිගණකයෙන් මෑත් වුනා විතරයි.
කමක් නැහැ ,  ජපානේ පැත්තට වෙන්න තිබෙන රටක රැකියාව කරන්න මේ “මල්ලි“ එක්ක කාළෙකින් කතා කරන්න ලැබුණෙත් නැහැනේ.
ගියා වයිබරේට , ඒ වෙනකොටත් ඇමතුම එනවා. 
“හලෝ මහේෂ් අයියා , කොහොමද ? දැන් සීතලද ඔහෙට , මෙහේ නම් ගිණි රස්නෙයි අයියා“ කතාව පටන් ගත්තා ඔහුම.
“වරදක් නැහැ මල්ලි, පහුගිය දවස් වල නම් සීතලයි දැන් නම් ටිකක් සීතල අඩුයි , අද නමයක්ද කොහෙද ? ඔය පැත්තට ගිණී රස්නෙයි කිව්වේ? , මං හිතුවේ ඔය රටවලටත් දැන් සීතලඇති කියල “ 
“මොන රටද අයියා , මං දැන් ලංකාවේ මාස  දෙකක් වෙනව ඇවිත් , මෙහේ ඉන්න බෑ අයිය , ගිණිගන්න වගේ “