Showing posts with label Pornography. Show all posts
Showing posts with label Pornography. Show all posts

2017/02/26

209) බිඳෙන සිහින ගෙනෙන “රහස“

මුලින්ම සොඳුරු සුව අසපුව මාස කිහිපයක් තිස්සේම යාවත්කාළීන නොවීම වෙනුවෙන් සමාව ඉල්ලා සිටිනවා. හේතු ගණනාවක් නිසා ලියන්න තියා මේ පැත්තට , සිංහල බ්ලොග් වල ගැවසෙන්නට ලැබුණෙ නැහැ. කොයි දේත් “පහු පහු වෙන කොට කොහු කොහු“ වෙනව කියනව වගේ වෙන්ට නොදි ඉඳළ හිටල හරි කාටහරි වැදගත්වේවි කියල හිතෙන යමක් ලියන්නට ඇති උත්සාහය අතහරින්නේ නැහැ. ඊට හේතුව 2011 ඉඳළ මේ දක්වා ලියපු දේ දිහා නැවත හැරිල බලත්දි එන සතුට. පූර්විකාව අවසන් කරල අද කතා කරන්න තියෙන දේට එමු. මේ ලියන මම කවුදැයි නොදන්නවා නම් , මෙන්න මේ පිටුවට ගිහින් ඒ ගැනත් දැන ගත්තාට කමක් නැහැ , මුලින්ම සොඳුරු සුව අසපුවට පැමිණියානම් ඔබ‍.

එදත්  අදත් බයිසිකලේ 
කාළය මතක විදියට අසූ නමයේ අනූවේ විතර , දීපය නම් සිරි ලංකාවේ , අහංගම කියන සුන්දර ගම්මානේ. ගිනිමද්දහනට ලංවෙලා , “නිල්පාට රොන්සන් “ බයිසිකලයක් පැදගෙන , කළු උස හීනදෑරි කොළුවෙක් බොහොම වේගෙන් ටවුමෙ පත්තර කඩේට ආව . 
“ ආ මල්ලී , කොහොමද  ? අද ඉස්කොලේ නැතයෙි ? “ පත්තර ලෑල්ලේ අයියගේ පළමු ප්‍රශ්නය 
GL 56 නැතත් 58 නම් හම්බවුනා http://sltbbus.blogspot.ca
(පිංතූරය එකතු කරගන්නට අවසර දුන්නාට ස්තුතියි උත්පල දිල්හාන්)
“ නෑ අයියා , අද  GL 56  ආවේ නෑනේ , සමාධි ආවේ , නැවත්තුවේ නැහැනේ , ඒ පාර ගෙදර ගියා , මේ දවස් වල ඉස්කොලේත් වැඩක් කෙරන්නේ නැහැනේ ?“ කොළු ගැටයා විස්තරාත්මක උත්තරයක් දුන්නා.