අද දවස නම් හරිම සුන්දරයි , පහුගිය දවස් ටිකේ තිබුණු සීතල අඩු වෙලා අද සෙල්සියස් 3ක් විතර , හෙටත් හතරක් වගේ වෙනවලු , ඇඟට හරිම සනීපයි. වහල වල වසා ගෙන තිබුණූ හිම දියවෙමින් හැම ගෙදරකම පොඩි වැස්සක් වගේ . පාර වල් නම් දිය වෙන හිම එක්ක මඩ වෙලා .
දිවා විවේකය අතරේ හිතුන පොඩ්ඩක් තැපැල් කන්තෝරුව පැත්තට ගොඩ වැදිලා එන්න. (ලංකාවෙදි ගෙදරටම ගෙනත් ලියුම් දුන්නට මේරට වල ඒ උදව්ව නැහැ . ලියුම් එන්නෙ අපේ තැපැල් පෙට්ටියට නිසා එතැනට ගිහින් අපේ ලියුම් , පාර්සල් ගන්නට ඕන.) සීත සෘතුවට උණුසුම් කබාය අත්යවශ්ය අංගයක් වුනත් අද නම් මොන කබාද ? “චිරි චිරි“ ගාන හිම මඩ (Slush) උඩින් රෝද යන්නෙ පුංචි කාළේ මඩ වගුරු වල නටපු හැටි මතක් කරමින් .
