Showing posts with label Tourette Syndrome. Show all posts
Showing posts with label Tourette Syndrome. Show all posts

2016/03/26

199) බෙල්ල වනල අත හොල්ලන Ticකා

පහුගිය සති  දෙක තුනම ටිකක් කළබලකාරී වගේම , සෞඛ්‍ය පැත්තෙන් ගත්තත් කරදරකාරී දින කිහිපයක් වුනා. ශිත සෘතුවේ අවසානය සහ වස්සානය ආරම්භය අතර කාළ සීමාව තුල හැමදාමත් මතුවන වෛරස් ආසාදන , ශ්වනස ආසාදන මෙවරත් මතුවුනා  මේ ප්‍රෙද්ශ වල . මෙවර කාළගුණයේ ඇති වෙනස්කම් නිසා දෝ ( ඒ කීවේ මේ සීත සෘතුව , වෙනද තරම් සීතල නැති , ටිකක් උණුසුම් සමයක් වුනා  . වෙනද උශ්නත්වය සෙල්සියස් සෘණ තිහ , හතලිහ වගේ සීමාවේ දින ගණනක් රැඳිල තිබුණත් , මේ වසරේ සෘණ තිහෙන් පහලට ගියේ දින දෙකක් විතරමයි. වැටන හිම ප්‍රමාණය පවා වෙනදට වඩා අඩු බවයි වැඩිහිටියන්ගේ අදහස)  වයිරස් ආසාදන වල ප්‍රබලතාවත් හුඟක් වැඩි වෙලා . මේ ගම් පළාත තුල පමණක්ම , හතර පස් දෙනෙක් මිය ගියා H1N1 ආසාදනය නිසා. තවමත් බොහෝ දෙනෙක් රෝගී තත්ත්වයෙන් පීඩා විදිනව. මෙ අතරේ ඔබ දන්න හඳුනන කෙනෙකුත් අප අතරින් වෙන් වුනා. මතකද මීට පෙර ලිපියක ( “ උත්තර දෙන මුත්තරා“- ලිපි අංක  186) තුල කතා කළා ‘ලිලි ආච්චි“ ගැන . ඇය  අපෙන් වෙන්වුනා මීට සති දෙකකට පෙර , ඒ H1N1 වයිරසයේ බලපෑම නිසාවෙන්. අපේ පවුලෙත් ලොකු කෙළී හැරෙන්නට අනෙක් හැමෝම සති දෙකක් පුරා වයිරසයත් එක්ක සටන් කළා. දැන් නම් සුවයි. නමුත් වයිරසය ඇති කළ බලපෑමේ “සැර“ තවම දැනෙනව ඇඟට.