2011/06/18

17th Discussion - උඩ සාක්කුවේ “බෝම්බයක් “ , පිපිරෙන්න කළින් දැන ගන්න

ඔබන්න එපා...ඔබේ ජීව්තය අවදානමේ ..
අද සෙනසුරාදා ...ටිකක් උදේ වෙනකම් නිදාගත්ත ....වෙනදට උදේ කුකුළටත් ඉස්සර ඇහැරෙන අපි සෙනසුරාදාට කුකුළට පරදිනව ඕන කමින්ම ,  ...වෙලාව ...හයයි කාළයි ...තවම අපේ කට්ටිය සැතපෙනවා ..මම ඇවිත් මගේ පරිගණකය ක්‍රියාත්මක කළා ...හරිම සතුටුයි ..දැනටත් ඊයෙ දවසට දෙසිය ගණනක් ! , online 5ක් ඉන්නවා ඇත්තටම මට දැනෙන්නේ මේක තමයි නියම නිරාමිස සතුටක් .....පහුගිය දවස් දෙක තුල මේ බ්ලොග් අඩවිය හුඟක් පිරිස අතරට ගිහින් , එහිදී ඔබ  හුඟක් වටින සේවයක් කළා ..ඒ තමයි මේ සටහන් කියවීම ..ඒ වගේම බොහෝ දෙනෙක් කියවල නිකම් හිටියේ නැහැ තව කාටහරි Share කරල , send කරල තව තවත් ප්‍රජාව දැනුවත් කළා ..ඒ හැමෝටමත් ස්තුති කරන්නම ඕන ...