| ඔබන්න එපා...ඔබේ ජීව්තය අවදානමේ .. |
අද සෙනසුරාදා ...ටිකක් උදේ වෙනකම් නිදාගත්ත ....වෙනදට උදේ කුකුළටත් ඉස්සර ඇහැරෙන අපි සෙනසුරාදාට කුකුළට පරදිනව ඕන කමින්ම , ...වෙලාව ...හයයි කාළයි ...තවම අපේ කට්ටිය සැතපෙනවා ..මම ඇවිත් මගේ පරිගණකය ක්‍රියාත්මක කළා ...හරිම සතුටුයි ..දැනටත් ඊයෙ දවසට දෙසිය ගණනක් ! , online 5ක් ඉන්නවා ඇත්තටම මට දැනෙන්නේ මේක තමයි නියම නිරාමිස සතුටක් .....පහුගිය දවස් දෙක තුල මේ බ්ලොග් අඩවිය හුඟක් පිරිස අතරට ගිහින් , එහිදී ඔබ හුඟක් වටින සේවයක් කළා ..ඒ තමයි මේ සටහන් කියවීම ..ඒ වගේම බොහෝ දෙනෙක් කියවල නිකම් හිටියේ නැහැ තව කාටහරි Share කරල , send කරල තව තවත් ප්‍රජාව දැනුවත් කළා ..ඒ හැමෝටමත් ස්තුති කරන්නම ඕන ...
| මට එපා ා ා වෙලා |
| මෙන්න බොස්ගෙන් (“බැනුම්“) කෝල් එකක් **** |
මේ හුඟක් stress ටික දවසක් ගියාම ඉබේම අමතක වෙනවා ...ඒකනේ අපි කියන්නේ කාළය හොඳ ඖෂධයක් කියල නේද ?...හැබැයි දවසගානේ stress එක දරාගෙන හුඟ කළක් ඉදීම වගේම , ටිකෙන් ටික මේ නරක stress එක වැඩිවීමත් හරිම අවදානම් ....ජීවිතයට අවදානම් ....මුලින්ම පොඩි තරහක් , හිතේ වේගයක් තියේවි ..කාට හරි බණීවි ...තද වේවි ....නමුත් මේ තතත්වය දිගටම තිබුනොත් දේහයේ කෝටිසෝල් හෝමෝනය සහ ඇඩ්‍රිනලින් ප්‍රමාණය අසාමාන්‍ය ලෙස ඉහළයාම නිසා ....හෘදයාබාධ , අධිරුධිර පීඩනය, දියවැඩියාව ,මිග්‍රේන් වගේ තද හිසේරුදාවන් ....මානසික රෝග විතරක් නොවෙයි ...ආමාශික පිළිකා Gastric cancers පවා ඇතිවිය හැකි බව සොයාගෙන තිබෙනවා...එතැනින් එහාට කියන්න තියෙන්නේ ඔය පපුවේ එහෙම නැත්නම් හිතේ Stress තියාගෙන සිටීම කියන්නේ “උඩ සාක්කුවේ බෝම්බයක්“ තියාගෙන ඉන්නව වගේ තමයි ....මරණයට හේතුව අපි ගාවම පරිස්සම් කරනවා ....
දැන් අපි කතා කරමු stress එකක් ඇති වුනාම අපිට ඇති වන රෝග ලක්ෂණ කිහිපයක් ගැන ...තොළ කට වේලිලා යනවා ..පපුව ගැහෙන වේගය වැඩිවෙනවා ..සමරහ විට එළියට දැනෙන තරමටම , වෙනදට වඩා අසාමාන්‍ය විදියට වැඩි වාර ගණනක් මුත්‍රා පහ කරන්න යන්න වෙනවා ....කළබල ගොඩයි .....ඒ විතරද හරිම මහන්සියි වගේ දැනෙනවා , කෑමක් ගැන ආසාවක් ඇත්තෙම නැහැ වගේ (වැරැද්ද බීමට නම් එහෙම වෙන්නේ නැහැ-බීම කිව්වේ මත්පැන් ගැන ) , නින්ද යන්නේ නැහැ , උදේ වෙනකම් ඇඳේ එහෙට මෙහෙට හැරි හැරි ඉන්නවා විතරයි ....හැමදාම “ලෙඩ“ වගේ දැනෙන්නේ ....එක හුස්මට ලියාගෙන ගියා....දැන් ඔබටම හඳුනගන්න පුළුවන් ...ඔබ ගාවත් “බෝම්බෙ“ තියෙනවාද කියලා , මොකද හුඟ දෙනෙක් මේ අනතුර නිවැරදිව හඳුනා නොගැනීමෙන් තමයි “පිපිරෙන්නේ “
දැන් කියන ලක්ෂණ ගැනත් අවධානයෙන් ඉන්න , විශේෂයෙන්ම ඔබේ දරුවන් මේ වගේ ලක්ෂණ පෙන්වනවා නම් ටිකක් වැඩි අවදානයක් ඔබේ දරුවා වෙත යොමු කරන්න , හැබැයි පොඩි අයට විතරක් නොවෙයි ...වැඩිහිටි අපිටත් මේ ලක්ෂණ ඇති වෙන්න පුළුවන් ...වැඩිපුර ඈනුම් යවනවා...කතා කරනකොට ටිකක් ස්පීඩ් වැඩියි වගේ ...සමහර විට සද්දේ වැඩියි ...නියපොතු හපනව හැම තිස්සේම ....එහෙම නැත්නම් කොහේ හරි බලා ගෙන මේසෙට තට්ටුවක් දානව ...තේරුමක් නැතිව ... මේවත් stress හි ලක්ෂණ .... කොහොමද ඔබේ තත්ත්වේ .....
ඇයි අපි මේතරම් මේ ගැන කතා කරන්නේ , ඔබ stress එක්කම ජීවත් වෙනවා නම් , ඔබට ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න වෙනවා ....ඔබේ වැඩවල ඵලදායී බව අඩු වෙනවා ...තීරණ ගැනීමේ හැකියාව අඩුවෙනවා වගේම “අමතකවීම් වැඩිවෙනවා“ ....කොටින්ම කිව්වොත් ඔබ හැම විටම “ඇඟත් හිතත් තද වෙලා ඉන්නේ“.....මේ හැම ලක්ෂණයක් අසාමාන්‍ය විදියට ඒ වගේම වැඩිකළක් තියෙද්දි ඔබේ ස්නායු පද්ධතිය , හෝමෝන පද්ධතිය “ලෙඩ වෙනවා“ ..ප්‍රතිපලය තමයි අර මුලින්ම කී රෝග ලැස්තුවේ අවාසනාවන්ත හිමිකාරීත්වය අරගෙන ඉක්මණින් මරණය කියන අවසාන සහතිකය ගන්නට වීම ....
ඉතින් ඔබට යම් stress තත්ත්වයක් තිබෙන බව දැනෙනවා නම් මොකද කරන්න ඕන ...පළමු දේ තමයි ඔබේ stress එක පිළිබඳ තේරුම් ගැනීම සහ ඊට සාධක වන දෑ හදුනාගැනීම ...(ස්ට්‍රෙස් එකත් මනින පුළුවන් මෙතැනින් ඇවිත් ඔබේ ප්‍රමාණය මැන ගන්න) ...හැකිතරම් අදාල සාධකයෙන් මිදෙන්න බලන්න ,එත් අපේ රැකියාවන් , කළබලකාරී ජීවන රටාවත් එක්ක මේ “මිදීම“ ටිකක් අමාරු වේවි....
හැබැයි ඒ සදහා මත්පැන් හෝ දුම්වැටිය ආදේශකයක් කර ගන්න එපා ...ඉන් ඔබ පෙන්වන්නේ මේ සම්බන්ධ දැනුමක් නැති “මහ මෝඩයෙක්“ කියල ...(තරහ ගන්න එපා ඒ වචනෙට) මොකද දන්නවනේ ... එමඟින් ඔබේ “අවසාන ටිකට්“ එක ලබා දීම ඉක්මණ් කරනවා....
| මේකත් හිත සන්සුන් කරන ව්‍යායාමයක් ..... |
| දැනෙන සහනය ..... |
| සිසිල ...සහනය ...සුන්දරත්වය .... |
හොඳම මිතුරත් එක්ක ටිකක් කතා කරන්න වගේම පිහිනීම වගේ විනෝදාංශක් තෝරා ගන්න ත් පුළුවන් ...පිහිනීම හොද කායික මෙන්ම මානසික සක්‍රියකාරකයෙක් ..... මේ කිසිම දෙයකින් වැඩේ කරගන්න අමාරුයි වගේ නම් හොඳ වෘත්තිය උපදේශකවරයෙක් හෝ නැතිනම් මනෝවෛද්‍යවරයෙක් හමුවන්න (මනෝ වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගන්නේ මානසික රෝගීන් විතරක් නොවෙයි , ඔවුන්ටත් පුළුවන් ඔබේ ගැටළුව හඳුනාගෙන ඔබේ හිතට යම් සහනයක් ලබා දෙන්නට උපදේශනයෙන් මෙන්ම සරළ ඖෂධ මගිනුත්)....එයින් ඔබට නිසි උපදෙසක් ලබා ගන්නට පුළුවන්වේවි .ඒ එකම හරිම වැදගත් හොඳ ආහාර වේලක් ලබා ගැනීම වගේම අඩුම තරමේ පැය 6කවත් “සැප නින්දක්“ (වඩාත් හොඳ පැය8ක් ) ලබා ගන්න...අනේ මන්ද මම “රුහුණුකුමාරී“ train එක වගේ වේගෙන් කියවගෙන ගියාද කියලා ....කමක් නෑ , මේ stress ගැන කියවත්දිත් ඇඟට දැනෙන්න ඕන....
“මේ තේ එකට කූඹිත් ඇවිත් .....“ , බිරිඳගේ හඬට මම නින්දෙන් ඇහැරුනා වගේ ...
| තේ එක ඇල් වෙලා ..... |
මේ ලිපිය කියවන ඔබට මෙම බ්ලොග් සටහනේ අනෙක් ලිපි සොයන්නට මෙතැනින් යන්න පුළුවන් ..
ඒ වගේම ඔබේ මෙම ලිපි ගැන ඔබේ අදහස අකුරු කරන්නට තරම් වෙලාවක් තිබේ නම් ඒ අදහස් ගරු පෙරදැරිව භාර ගන්නට මම අපේක්ෂාවෙන් ....