ලංකාවේ අපි ...ලංකාවෙම විතරක් දකින්න තියෙන දන්සලකට ගොඩ නොවැදි කොහොමද නේද ? උදෙන්ම ගමන පටන් ගත්තා ...කරාපිටිය .......... තලගහ.... යක්කලමුල්ල..... අකුරැස්ස ...ඉමදුව ....ගාල්ල ....(බස් රියකට සෙනග එකතු කරනවා නොවෙයි , මේ අපේ දන්සල් වන්දනාවේ ගමන් මග) ,
ඔන්න දැන් අපි ....මුලින්ම පෙර පාසළක දරුවො පිරිසකගේ රස සව් දන්සලට ගොඩවෙලා සව් කෝප්පයක් එහෙම බීලා ...ඒ පැටවුන් එක්ක කතාබහ කරලා..එන ගමනේදි....ඊළඟට බෙලිමල් වතුර ....ඊළඟට බීම දන්සලක් ...."මොනව කරන්නද ".....දන්සල පහුකරල යන්න හිත ෙදන් ෙන් නැහැ ...දන්සලේ මහන්සි වෙන පුංචි එවුන්ගේ සිත් බිඳෙන නිසා....දන්සලේ සෙනඟ පිරෙන කොට ඒ හිත්වල දෝරෙ ගලන සතුට ....කම්මුල් පුරා පිරිළ ගිහින් ...“ගොඩාක් පින් මේ පුතාලට....හරිම රසයි ....ඔයාල ගොඩාක් මහන්සි වෙලා තියෙනවා නේද ?...." අපේ මේ වචන ටික ඒ පැටවුන්ට මහමෙරක් වගේ සතුටට.....
“තාත්තී අන්න ....නුඩ්ල්ස් දන්සලක් නවත්තමුද ? ...“ කවදත් අපේ “නැවේ කැප්ටන් “ , චූටි මිතිලිගෙන් දුර තියාම පණිවිඩයක් ....(මොකද එයා ඉස්සරහම ඉන්න නිසා ඈත පේනව වැඩියි වගේලු ) .....
“දැන් නම් ඇත්තටම බඩගිනියි , මොකද ...නවත්තමු නේ ...“ .....
පාර අයිනට වෙන්න පොල් අතු වලින් වහල හදපු ...ලස්සන ශාලාවක දන්සලක් ...ටිකක් ඉඩකඩ මදි වගේ , පාර අයිනෙ නේ .....සංවිධායක දරුවො හරියට මහන්සි වෙනවා .....අපිත් පෝළිමේ ගිහින් බෙදා ගන්න...“මම චූටිටත් එක්ක බෙදා ගෙන කවන්නම් ....“ බිරිද එක අමාරු වැඩක් බාර ගත්ත .....මමයි ලොකුයි ඉස්සරවෙලා බෙදා ගෙන පරිස්සමින් ඇවිත් වාඩි වුනා ...
වෑන් එකක් ඇවිත් නැවැත්වුවා ...තරුණ කොළුපැටවු ටිකකුයි , ගැටිස්සියො ටිකකුයි ....වයසක පහේ කිහිපදෙනෙකුයි බැහැ ගත්ත ....
“පුටු මදි වෙනවා වගේ ...ඉක්මණට පුටු ගේන්න....“ දන්සලේ සංවිධායක කටයුතු කරන වියපත් මහත්තයා ටිකක් හයියෙන් තමන්ගේ පිරිසට අඬගැහුව ....පිරිස ටිකක් වැඩියි වගේ ...වාඩි වෙන්නත් ඉඩ මදි....දැන් ආපු කොලු පැටවු ටිකයි කෙළිච්චියෝ ටිකයි ....එහාට මෙහාට වෙනවා ....කිචි කිචි ගානවා, .....එක යුද්දයයි.....
අර සංවිධායක මහත්තය ආව ....“පුතාල , ....පුටු ටිකක් මදිවගේ අපි ඉක්මණට ගේනකම් , Ladies first කියල මේ නංගිලා ටිකට තියෙන පුටු ටිකේ වාඩි වෙලා කන්න කියමු ....කමක් නැහැනේ “ ......තරුණ පුතාලා ටික බොහොම ගෞරවයෙන් එකඟ වුනා....දැන්නම් හරිම සන්සුන් .....
අපිත් ඉක්මණට කාළ , මහන්සි වුන හැමෝටම පින් දීල .....පිටත් වුනා අපේ “වන්දනා ගමන යන්න....“ , ඒ අතරේ මට මතකයට ආවේ" Ladies first " කතාව ,
මේක නාවික ඉතිහාසයට අයත් ප්‍රකාශයක් වුනත් සෞඛ්‍ය තර්ජනයක් විදියට පිළිකාවෙදිත් මේ වෙනකොට Ladies first ......තත්ත්වයේ ඉන්නවා ....
මොකද දන්නවද ලෝකයේ වැඩියෙන්ම තියෙන පිළිකා(Top Ten Cancers) අතරේ Female Breast cancer ඒ කියන්නේ කාන්තාවන් ඉක්මණින් අනතුරක් කරා ගෙන යන ප්‍රධානතම පිළිකාව ඉහළින්ම තිබෙනවා.....
තවත් විදියකින් කිව්වොත් කාන්තාවන්ගෙන් අට දෙනෙක්ගෙන් එක් අයෙකුට පියයුරු පිළිකාව ඇතිවීමේ අවදානමක් තිබෙනවා ...ඒ කියන්නේ ....ඔව් ..ඔයාලා අට දෙනෙක් ගත්තොත් ඉන් එක් අයෙක් පියයුරු පිළිකාවට ගොදුරු වේවි ...හැබැයි මේක අවදානමක් ...අවදානමකදි වඩා වැදගත් බයවීම නොවෙයි ....දැන ගත් අවදානමට මුහුණ දීමට සූදානම් විම .....ඒ නිසා මේ අවදානම ගැන අපි කතා කරමු ....මේ කතා කරන දේ තවත් අය අතරේ බෙදා ගන්න පුලුවන්නම් අපට පුලුවන් ඒ අයත් අවදානමෙන් මුදවා ගන්නට..... ඇයිද දන්නවද මුලින්ම හදුන ගත්තොත් පියයුරු පිළිකාවේ අනතුර හුඟක් අඩුකර ගන්න පුලුවන් ...
| “ලස්සන පියයුරු පිළිකා සෛලයක්“ |
අපි මුලින්ම කෙටියෙන් හදුනගනිමු , කවුද මේ cancer කියලා ...අපි දැනටමත් දන්නව අපේ ඇඟ හැදිල ගියෙන්නේ විවිධ සෛල වර්ග ගණනාවකින් ....අපි නිරෝගි නම් මේ සියලුම සෛල යම් කිසි “නීතියකට“ අනුව තමයි වැඩ කරන්නේ ...කන්නේ බොන්නේ ...පැටවු දාන්නේ ...ඒ තියා ඒ සෛල මිය යන්නේ පවා එක්තරා රටාවකට , පිළිවෙළකට ...
ඒත් පිළිකාවක් කියන්නේ , අර මුලින් කී සෛල වගේ නොවෙයි ...“කියන දෙයක් අහන්නෙ නැති ..කිසි නිතියක් අනුගමනය කරනනේ නැති සෛල රාශියක එකතුවකට “ ....ඒ සෛල වල තිබෙන අක්‍රමවත් , පාළනය නොකළ හැකි බව නිසා එම සෛල ගොනුවකට පුලුවන් මහා විනාශයක් කරන්නට ...අවට තියෙන සෛල විනාශ කරල , ඒ සෛල වලට ලැබෙන්න තියෙන කෑම බීම උදුරගෙන , අපේ සාමාන්‍ය දේහ ක්‍රියාකාරීත්වය බිද දමන්න මේ පිළිකා සෛල වලට පුලුවන් ...(The name for diseases in which the body's cells become abnormal and divide without control. )
ප්‍රධානම අවදානම , කාන්තාවක් වීම , ඒ ගැනත් කියන්න ඕන , ඇයි දන්නවද පිරිමි අය හුග දෙනෙක් හිතාගෙන ඉන්නේ තමන්ට පියයුරු පිළිකා අවදානමක් නැහැ කියල ...ඒක වැරදිය ...පිරිමි අයටත් අවදානමක් තියෙනවා ..නමුත් කාන්තාවන්ට තරම්ම නැහැ ...මගේ සේවා කාළයේ වඩාත්ම “සතුටින් සේවය කළ“ පිළිකා ඒකකයෙදි මටත් දකින්නට ලැබුනා පියයුරු පිලිකාව සහිත පිරිමි කෙනෙක් .....
අනෙක් පිළිකා බොහොමයක් වගේම , වයස්ගතවිමත් එක්ක පියයුරු පිළිකා අවදානම වැඩි වෙනවා ....විශේෂයෙන් වයස අවුරුදු හතලිස් පහ ආසන්න වන විට නැතිනම් ඊට වැඩි වන විට තවත් වැඩි අවස්ථාවක් තියෙනවා ....
තව හරිම වැදගත් සාධකයක් ...මේක එක්තරා විදියකින් පවුලේ රෝගයක් කියන්නත් පුලුවන් (ටිකක් සැර වැඩිද මන්ද ? සැර නැතුවත් බැහැනේ ...මේක ජාන ඔස්සේ මව්,දරු පිළිවෙලට ගමන් කළ හැකි බවයි මේ කිව්වේ) , තමන්ගේ ළඟම කාන්තා ඥාතියෙක්ට , තමන්ගේ මවට , පුංචිට , නැත්නම් සහෝදරියට පියයුරු පිළිකාවක් තිබුනොත් සාමාන්‍ය කෙනෙකුට වඩා ඔබ අවදානම් ඒකට හේතුව තමයි මේ පියයුරු පිළිකාවට සම්බන්ධ ජානයක් තියෙනවා BRCA - 1 සහ BRCA - 2 නමින් ...බය වෙන්න එපා ...ආයෙත් කියනව ඒ වචනය ....අවදානම් ...ඒ කියන්නේ ඔබ සුදානම්වීම සුදුසුයි කියන එක .....
ඒවගේම ආර්තවයත් පිළිබද ඉතිහාසයත් ඔබ හදුනාගන්න ඕන . වැඩිවිය පත්වීම හෙවත් පළමු ආර්තවය හුඟක් අඩු වයසින් , ඒ කිව්වේ...අවුරුදු දොළහ හෝ අඩු ...එ වගේ වයසින් වුනානම් ...ඒ වගේම එම ආර්තව ක්‍රියාව සම්පූර්ණයෙන් නතර වීම “ආර්තවාභාවය“ menopause බොහොම වයසට ගිහින් සිදු වුනා නම් (අවුරුදු 55-57 වගේ ) ඒ අයට වැඩි අවස්ථාවක් තියෙනවා මෙම තත්ත්වය ඇතිවෙන්න ...මොකද ...පියයුරු පිළිකාවයි ....ඊස්ට්‍රජන් කියන ස්ත්‍රීත්වය ලබා දෙන හෝමෝනයයි හරිම යාළුයි ....
දරුවන් නොමැති , එහෙම නැතිනම් තරමක් වයසට ගිහින් , වයස 35-40 දි වගේ දරුවන් ලැබුන මව්වරුන් අවදානම වැඩි කාණ්ඩයට අයත් වුනත් දරුවාට කිරි දිම මගින් යම් තරමකට ආරක්ෂාවක් ලැබෙන බව සොයාගෙන තිබෙනවා....
විවිධ රෝග තත්ත්ව වලට හෝ උපත්පාලනමය වශයෙන් හෝමෝන ලබා ගන්නා අයටත් වැඩි අවදානමක් තිබෙන බව කීවත් උපත්පාලන පෙති මගින් සිදු කරන්නේ පිළිකාව ඇති කිරීමට වඩා ....පිළිකාවක් මතු වුනොත් ඉක්මණින් වර්ධනය වීමට අවස්ථාව ලබා දීම කියලත් පර්යේෂකයෝ පෙන්වාදීලා තියෙනවා ...ඒ කියන්නේ ඉක්මනින් පැතිරීමට වැඩි අවස්ථාවක් තියෙනවා ....
ඒවගේම මම හුඟ දවසට කතා කරන තරබාරුව , මෙම පිළිකාව ඇති කිරීමට වගේම මුල් අවස්ථාවේ හදුනාගැනීම අපහසු කිරීමටත් දායක වෙනවා , එයටම තවත් හේතුවක් තියෙනවා ඒ තමයි දේහ ක්‍රියා කාරීත්වය අඩු , අළස , එකතැන ඉන්න , කම්මැළි .....තරහ ගන්න එපා .....මේ වගේ ලස්සන වචන වැළක් කීවට ....කොහොම වුනත් ඒ අයටත් මෙම අවදානම වැඩි බවයි හොයාගෙන තියෙන්නේ .....
| මැමෝග්‍රෆි සිදුකරන අවස්ථාවක් |
කොහොම වුනත් ....ඔබ වයස අවුරුදු 40ට හෝ ඊට වැඩිනම් වාර්ෂිකව මැමෝග්‍රෆි Mammography පරීක්ෂණයක් කරවා ගන්න ....ඒක සාමාන්‍ය Xray එකක් ගන්නවා වගේ මයි ...ඔබේ ඇඳුමේ පියයුරු ප්‍රදේශය යම් උපකරණයකට නිරාවරණය කරලා පියයුර යාන්ත්‍රිකව පුංචි තෙරපීමක් කරමින් Xray ඡායාරූපයක් ගන්නවා , හරිම සරළ , පහසු ඒ වගේම රෝගය පූර්ව හදුනාගැනීමට වැදගත්ම පරික්ෂණයක් ...ලංකාවේ නම් රජයේ ප්‍රධාන රෝහල් වලත් දැන් මෙය සිදු කරනවා ....ඔබ කැමතිනම් පෞද්ගලික රෝහලකින් කරගන්නත් පුළුවන් ...
ඔබ අවුරුදු 20-30 අතරේනම් අඩුම තරමේ වසර තුනකට වරක් වත් පුහුණු වෛද්‍යවරයෙක් හෝ මෙම පරීක්ෂාව පිළිබද පුහුණු හෙද නිලධාරිනියක් ලවා ඔබේ පියයුරු පරික්ෂා කරවා ගත යුතුයි ....එහිදී පියයුරු පරික්ෂා කරනාවට අමතරව ඔබත් සමඟ සාකච්ඡා කිරිම් කරමින් පියයුරෙහි අනතුරුදායක වෙනස්කම් හදුනාගන්නට උත්සාහ දරාවි ...ඒකට අපි කියන්නනේ Clinical breast exam කියලා ....
අනික් පරීක්ෂණය හරිම සරළයි ...වයස අවුරුදු 20ට වැඩි හැම කාන්තාවක්ම දැන ගෙන ඉන්න ඕන .... මාසිකව කරන්නට ඕන ..මේ පරික්ෂණයට කිසිම මුදලක් නැය වන්නේ නැහැ ...ඒ තමයි ස්වයං පියයුරු පරීක්ෂාව Breast self examination .. අපි ටිකක් කතා කරමු , මේ “නොමිල , අමිල “ පරීක්ෂණය ගැන ..මේ පරීක්ෂණය කරන්නේ තමන්මයි ..මේ සදහා සෑම මාසයකම සුදුසු දිනයක් තෝරා ගන්න ..එහිදී ආර්තවයට දින 5-6කට පසු දිනයක් ගන්නවානම් වඩා සුදුසුයි ....හැබැයි ඒ දිනයත් මතක තියා ගන්න වෙනවා .....
| පළමු පියවර |
දැන් අත්දෙක ඉහළට ඔසවාගෙන නැවත ඉහත පරිදිම රහස් පරීක්ෂණය කරන්න...
| දෙවන පියවර |
| තෙවන පියවර |
| තෙරපීමෙදි ඇඟිලි මේ විදියට තබා ගන්න |
| සිව්වන පියවර |
එවිට එය සැක සහිත නම් ඔහු එම ස්ථානයෙන් ලේ බිංදු කිහිපයක් හෝ පටක කැබැල්ලක් අරගෙන Fine needle biopsy සිදු කිරීමට කටයුතු කරාවි එමගින් තත්ත්වය පිළිකාවක්දැයි හදුනාගන්නට පුලුවන් තවදුරටත් අවශ්‍යනම් Scanning ,Mammography සහ රුධිර පරීක්ෂා කිහිපයකුත් කරාවි .
කොහොම හරි අපි දැන් පියයුරු පිළිකාව ගැන ටිකක් දැන ගත්තනේ දැන් අපි ටිකක් නරක දෙයක් ගැන හෙමින් කතා කරමු...
“මේකට බෙහෙත් තියෙනවද ? “ ......ඔබ මොකද කියන්නේ ....ඔව් ප්‍රතිකාර ක්‍රම කිහිපයක් තිබෙනවා ශල්‍යකර්ම , ඖෂධ ප්‍රතිකාර , විකිරණ ප්‍රතිකාර ....ඒත් හැම ප්‍රතිකාරයකම ඵලදායී බව එක්ක රැඳෙන වැදගත් සාධකය තමයි පිළිකාව හදුනා ගන්නා අවස්ථාව සහ පිළිකා වර්ගය ...කොහාම වුනත් එකක් කියන්නට පුළුවන් පියයුරු පිළිකාව මුලික අවස්ථාවේ හදුනා ගත්තොත් .....ප්‍රතිකාරයෙන් සුව කරන්නට පුලුවන් .....ඒත් ප්‍රමාද වුනොත් ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකට පත්වෙන්නත් පුලුවන් ....
හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙටයිළු නේ .....ඒ අපේ ගම් වල තියෙන කතාවක් ,ඒ වගේ හොඳම සහ තවත් වැදගත් කරුණු කිහිපයක් තියෙනවා කියන්න ...ඒ තමයි මෙම අනතුරෙන් වලකින්නට ගත හැකි උපක්‍රම කිහිපයක් , එය අපට පියයුරු පිළිකාවෙන් සුරැකෙන්නට යහපත් මගක් වේවි...කතාව දිග වැඩි වෙන නිසා කරුණු විදියට කියන්නම් පියවර පහයි හරිම ලේසියි ..කුමකටද ? ජීවිතය රැකගන්න ...
- උසට සරිලන බර පවත්වා ගන්න ...B.M.I. අගය 23ට අඩුවෙන් තබා ගන්න පුලුවන්නම් හුඟක් හොඳයි
- හැකි හැම විටම අළුත් පළතුරු සහ එළවළු අනුභවයට ගන්න ,පිටි සහ සීනිමය ආහාර අඩු කරන්න.
- සක්‍රිය ජීවිතයක් ගත කරන්න ....අලස නොවීම හරිම වැදගත් නේද ....?
- රුධිරයේ කොළෙස්ටරෝල් අධික වන තෙල් , කුකුළු මස් අධිකව ආහාරයට නොගන්න.
- වෛද්‍ය අනුමැතියකින් තොරව හෝමෝන ප්‍රතිකාර ලබා නොගන්න.
මගේ අනෙක් ලිපි සඳහා මෙතැනින් යන්න...
මෙම ලිපිය පිළිබද ඔබේ අදහස් යෝජනා මෙන්ම චෝදනාද මම ගරු පෙරදැරිම අපේක්ෂා කරමි , එය තවත් ලිපියක් ලියන්නට , ඔබෙන් ලැබෙන අමිල නොමසුරු දායකත්වයයි........
