| මේ සුවය ගතට වගේම සිතටත්.... |
බෙළිගහ හන්දියට කිට්ටුව ....අපිට ඉස්සරහින් 49cc යතුරු පැදියක් ....ගමේ වචනෙන් කිව්වොත් මදුරු බයික් එකක් ,
“තාත්තේ අර බලන්නකෝ අර බයික් එකේ දුම දාන්නේ ඉස්සරහින් ....දැක්කද ? “ නැවේ කැප්ටන් වගේ බයික් එකේ ඉස්සරහින්ම ඉන්න චූටි දුව කෑගහනවා.....හැමෝටම හිනා.... ඇත්තමයි ....යතුරු පැදියෙන් නම් දුමක් පිටවෙන්නෑ....ඒත් පදවන මහත්මයගේ දුම් වැටියෙන් දුමක් පිටවෙනවා...... වයස හතලිස් පහක , පනහක විතර අපිළිවෙළකට ඇදුම් ඇදලා ගත්ත මහත්මයෙක් ...සෙරෙප්පුවක් වත් නැති කකුලේ මඩ තවරුණු බැන්ඩේජ් පටියක් ඔතාගෙන ......දුම දාගෙන....පැද්දි පැද්දී යනවා ....මට හිතෙන්නේ දුම විතරක්ම වෙන්න බෑ ඇගේ තියෙන්නේ ...
| සුන්දර පා යුගල ජීවිතයට අනතුරක් දේද ? |
ඇයි මේ කකුල ගැනම කතා කරනනේ ....දියවැඩියාවෙන් පෙළෙන රෝගියෙක් ගේ ස්නායු ක්‍රියාකාරීත්වය දුර්වල වෙනවා ......එහි බලපෑම වැඩියෙන්ම දැනෙන තැනක් තමයි කකුල ....ඒ වගේම නිතර අනතුරුවලට ලක් වීමේ අවදානම වැඩියි...ඉතින් ස්නායු ක්‍රියාකාරීත්වය අඩුනිසා එම ප්‍රදේශයේ තුවාලයක් , සීරීමක් වුනාට දැනෙනනේ නැහැ ..දැනෙනවනම්නේ අපි තුවාලය පිරිසිදු කරගන්න , බෙහෙත් දාගන්න පෙළඹෙන්නේ ....ඉතින් දියවැඩියා රෝගීන් තමත්ගේ පාදයේ සිදුවන තුවාල වල විෂබීජ වර්ධනය වෙලා ඔඩු දුවන තත්ත්වයට පත් වෙනකම් නිසි ප්‍රතිකාරයකට යොමු වෙන්නේ නැහැ ,අවසාන ප්‍රතිඵලය වෛද්‍යවරයාට සිදු වනවා ඒ පාදය ශල්‍යකර්මයකින් ඉවත් කරන්නට .....
ඒකියන්නේ දියවැඩියාවේ අතුරු පල විදියට ස්නායු දුර්වල වීම , ප්‍රතිශක්තිය අඩුවීම ,සහ ලේ නහර පටුවීම කියන සිදුවීම් තුන නිසා රෝගියාගේ පාදය “ඉතා අවදානම් කළාපයක් “ බවට පත් වෙනවා ... අපි මේ කරන්න හදන්නේ ඒ අවදානම් කළාපය පරිස්සමින් පරිහරණය කරන හැටි හදුනාගන්න ......
| මරණයේ සෙවනැලි ...ද මේ....... |
ඒ අවදානම් කළාපය නිසි ලෙස පරිස්සම් කර නොගත්තොත් සිදු වන්නේ එක්කො පාදය නැති ජීවත් වන්නට එහෙම නැතිනම් ජීවිතයම නැති කර ගන්නට......
මම දැන් දියවැඩියා පාද සාත්තුව හෙවත් Diabetic Foot care ගැන කෙටියෙන් කියන්නම් .....
පළමු වැදගත්ම දේ තමයි දියවැඩියා රෝගියා මෙම අවදානම ගැන දැනුවත් කිරීම , එහිදි අනතුරු වියහැකි විදිය , ඒ පිළිබද තමන්ට නොදැනෙන බව පැහැදිලි කරන්නම ඕන ,...එහිදී දිනපතා විශේෂයෙන්ම රාත්‍රී නින්දට පෙර පාද පිළිබද හොදින් “බලන්න“ කියල කියා දෙන්න ... පාද දෙක මද උණුසුම් වතුරෙන් හොදට හෝදල වියලල ....හරිම වැදගත් වියලීම ...විශේෂයෙන්ම ඇගිලි අතර නිසි ආකාරයෙන් වියලුනේ නැත්නම් ...දිලීර වර්ධනය වෙන්න ඉඩ තියෙනවා ...එවිට කැසීම මගින් අපි තුවාල ඇති කරගන්නවාමයි .....එත් ස්වභාවයෙන්ම පාද වියලි සමක් සහිතව සිටින අයට පුලුවන් පාද සෝදල හොදට වියලලා ...මෘදු තෙත්කාරක ක්‍රීම් වර්ගයක් (Moisturize) ආලේප කරන්නට පුලුවන් ..ඒත් කිසිම වෙලාවක පාදයේ ඇගිලි අතරේ එය ආලේප කරන්න එපා....හරි දැන් ඔය විදියට පිරිසිදු කර ගත්ත පාදය දිහා හොදට බලන්න කියන්න ......
| පාදයේ යටි පතුල කණ්නාඩියක් භාවිතයෙන් ... |
ඊට පස්සේ ....පුලුන් කෑල්ලක් අරගෙන පාදයේ ඇගිලි වල ඉදල ඉහලට තැනින් තැන ස්පර්ශ කරල බලන්න ...එම ස්පර්ශය හොදින් දැනෙන්නේ නැත්නම් ...මෙන්න අවදානම් අවස්ථාවක් ...මේබව ඔබේ වෛද්‍යවරයට දන්වන්න.....
දිවා කාළයේදි ඇවිදින කොට පාදය හොදින් ආවරණය වන විදියට පාවහන් පලදින එක හොද ආක්ෂක උපක්‍රමයක් , හැබයි එම පාවහන් පාදයට හුගක් තද නැති මෘදු ඒවා නම් තමා වඩාත්ම හොද ....පාවහන් පලදින්නේ නැතිව ඇවිදින්න එපා .....එතකොට අපට නොදැනෙන පුංචි තුවාල ඇති වෙනවා ....ඒවා හොදටම ප්‍රමාණවත් මහා අනතුරක් ඇති කරන්නට තවත් දෙයක් මේ පාද වලට තද උණුසුම හරිම භයානකයි ...
.ඒවගේම පුටුවක වාඩිවෙන විදිය පවා හරිම වැදගත් ...කිසිම වෙලාවක් පාදයේ පහලට ලේ ගමන් කිරිමට බාධාවන විදියට පාදයක් පිට පාදයක් හරස් අතට තියාගෙන ඉන්න එපා...හුග වෙලාවක් වාඩි වෙලා ඉන්න සිද්ධවෙනව නම් ...වරින් වර පාදය සොලවන්න ..පා ඇගිලි දිග හරින්න ....එතකොට ඒ ප්‍රදේශයට ලේ සැපයුම යථා තත්ත්වයට පත් වෙනවා.....
| හුගක් වෙලා මෙහෙම ඉන්න එපා...... |
මගේ ඉදිරියෙන් පැද්දි පැද්දී තම රථය අමාරුවෙන් හසුරුවන මේ “දුම් මැෂිම“ දියවැඩියා රෝගියෙක් නම් .......කෙතරම් අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවේද කියන කණගාටුව මගේ සිතේ රැදුනා......
මගේ අනෙක් ලිපි සඳහා මෙතැනින් යන්න...