Showing posts with label ස්නායු ආශ්‍රිත රෝග. Show all posts
Showing posts with label ස්නායු ආශ්‍රිත රෝග. Show all posts

2014/08/22

167) ජීවිත රැක දෙන “අයිස් බකට්“

මේ දවස් ටිකේ කවුරුත් “නාගන්නවා“ , නිකම් නෙවි , හොඳ සීතලට නාගන්නවා. දැන් මේ කතාව පටන් ගනිත්දිම ඔබ කවුරුත් දන්නව අද කතා කරන්න හදන්නේ “අයිස් බකට්“ ගැන කියල . නොදන්න කෙනෙක් ඉන්නවා නම් , මේ දවස් වල  එක්තරා ස්නායුක රෝග තත්ත්වයක් පිළිබඳ කෙරෙන පර්යේෂණ සඳහා අරමුදල් රැස්කිරීමේ “දාම ක්‍රියාවලියක්“ ලොව පුරා ක්‍රියාත්මක වෙමින් පවතිනවා. විශේෂයෙන්ම , මුහුණපොත , යූටියුබ් , ට්වීටර් , ඉන්ටග්‍රෑම්  වැනි සමාජ ජාල වල බලපෑම් එක්ක , “රැල්ලක් ලෙසින්“ පැතිරී යන “අයිස් බකට්“ අභීයෝගය ගැන විවිධ රටවල කතා බහක් ඇත වෙලා තිබෙනවා. 

2012/06/20

107) කෙල්ලන්ටම ලෙඩ දෙන මේ පනින නටන කොපු



මේ දවස් වල සැර අව්ව , අදත් සෙල්සියස් 32ට වුනත් දැනෙන්නේ 42ක් විතර (Feels like 42) . උදේ පාන්දර ගමන එච්චර අමාරු නැතත් , හවස එන ගමන නම් ඇහැට හරිම මහන්සියක් , පොළොව රත්වෙලා එන අව් සැර මොන ප්‍රොටෙක්ටර් දැම්මත් ඇහැ කඩාගෙන යනවා වගේ . හරිම වෙහෙසක් දැනෙනව , ඒ එක්කම පිපාසයත් උපරිමයි , මේ වගේම දැඩි උශ්න කාළයක රස වින්ද 2006 විතර , ඒ කටාර් රාජ්‍යෙය් රැකියාව කරන කාළෙ , දැන් මෙහෙත් ඒ වගේමයි මන්ද ? 

2012/05/28

103 ) හදවත රිද්දන පද්දන කකුල් දෙක

පොඩි දඟමල්ලයි , ලොකු අක්කයි 
පහුගිය දවස් ටිකේම ටිකක් කළබලකාරී උනා . මනෝජට එක පිට එක විභාග කිහිපයක් කරන්න උන නිසා ගෙදරම නිකං පාලුවට ගිහින් වගේ . ගේ දොර වැඩ වෙන වගේම කළත් පොඩ්ඩො දෙන්නත් එක්ක රැඳෙන කාළය හුඟක් අඩු වුනා . පොඩීට නං හුඟක් දැනෙනවා ඒ වෙනස . සිකුරාදා රෑ ගෙදර ආ වෙලාවෙ ඉඳන් ..“අම්මට ආයේ tests නැහැනේ ..සඳුද යන්නේ නැහැනේ ?...“ ප්‍රශ්න ගොඩයි. ඒ නිසාමත් අද විවේක දිනයත් නිසා ටිකක් උදේ වෙනකම්ම නිදා ගත්තා ....ඇත්තම කිව්වොත් හොඳටම එළිය වැටෙනකම්ම..පොඩ්ඩි තාමත් අම්මට තුරුල් වෙලා නිදි....නිදි වගේ ඉන්නවා ...  “තාත්ති අපි අරයව නැගිට්ටවමුද ? ....“ ඇහැරලා හුඟක් වෙලා ඇඳට වෙලා හිටි ලොකූ අහනවා ...“හ්ම් .... නංගිවත් නැගිට්ටවන්න , “ ...“මෙන්න හොර ගෙඩියා නිද වගේ ඉන්නවා ...ඒයි චූටී ....නැගිටින්න ......“ ...“ම්හු ..නෑ සද්දයක් ......“

2012/01/03

75) කොන හිරිවට්ටන.....ලඳ අත රිද්දන.. . උමඟ පටුවිම ....

දැනුත් minus ......
ඊයේ රාත්‍රි සේවා මුරය අවසන් කරල ...ගෙදර එන්න බස් නැවතුමට යන්න හිතාගෙන කළුවරේම එළියට ආව ...උදේ හතයි කාළයි. ...ඒත් ලංකාවේදි රැ පහමාරට වගේ කළුවර ...අද නම් වෙනදට වඩා සීතළයි ...weather forecast එකේ හැටියට නම් සෙල්සියස් සෘණ 14 විතර ....wind chill factor එකත් එක්ක සෘණ විසි දෙකක් විතර ඇති ...(ඒ කිව්වේ හමාගෙන යන හුඟළ ඇඟට වැදීමත් එක්ක හමට දැනෙන සීතල ප්‍රමාණය , මේ ලියන වෙලාවේ සෘණ 19 ) .....කොහොම වුනත් බස් එකට නැග්ගට පස්සේ නම් ලිප ගාව ඉන්නව වගේ තමයි , හොඳට උණුහුම් ...මොකද බස් එකේ Heaters දාල උපරිමේටම ....ගෙරද ආව ...තේ එකක් බීව ..වෙනද වගේ නෙවි ටිකක් ඇඟට අපහසුවක් ..පිටයි බෙල්ලයි හිර වෙලා වගේ රිදෙනවා ...හැරෙන්න නම් ඇඟෙන්ම හැරෙන්න ඕන හරිම අමාරුයි ...

2011/12/03

69) රැස් විහිදෙන සමනළියන් රිදවන්නා...

ටික ටික ළං වන සීතල දුරුත්ත ....
කැනඩාවේ පළමු මාසය නිමා කළ අපට තවත් කළ යුතු රජයේ කටයුතු කිහිපයක් ඉතිරි වෙලා තිබෙනවා , ඒ අතරින් Ontario Health Insurance Plan-O.H.I.P , එහෙම නැත්නම් අපි මෙහේ පොදුවේ කියන විදියට හෙල්ත් කාඩ් එක ගන්නට ඕන ,  ඒ සඳහා ඉල්ලුම් කරන්නත් මාසයක් විතර බලාගෙන ඉන්න ඕන ...අද තමයි ඒ සඳහා දවස , පොඩ්ඩො දෙන්නා ඉස්කෝලෙට දාගෙන අපි දෙන්නා ඒ වැඩේ කරගන්නට Service Canada ආයතනයට යන්න සූදානම්...

2011/10/05

64) යට හිරි වට්ටන....කඳ දිගු ලඳ නම...

අද යන්න වුනානේ පොලිසි...   නැහැ ..පොලිසියත් එක්ක යන්න වුනා ...වෙන කරදරයක් නිසාවත් ආයුධ පෙන්නන්නවත් නොවෙයි , ඩෙංගු inspection එකකට ..අපේ රෝහල් පොලිසියේ නිළධාරිමහත්වරුත් එක්ක මටත් යන්න වුනා රෝහල වෙනුවෙන් ...ගෙයින් ගෙට යමින් රෝගය පැතිරීමේ අවදානම වගේම දැනට ක්‍රියාත්මක නීතී ගැනත් ,  නිවැසියන් දැනුවත් කරන්නට වුනා ..අද සතියේ දවසක් නිසා බොහෝ නිවෙස් වල හිටියේ ගෘහණියන් සහ දියණියන් ..පොලිස් නිළධාරිමහත්වරු නීතී ගැන කියල දෙත්දි අපි ටිකක් අවට පරිසරේ ගැනත් බලල ...කරුණූ කාරණා ටිකක් කියල දුන්නා...

2011/07/25

37) ජීවිතේ ගියර් පොල්ල ලෙඩවීම - Backaches

අද මොකද නැත්තේ ................?????
අපේ සොඳුරු සුව අසපුවේ මිතුරු මිතුරියන් ඊයේ දවසේ මේ පැත්තට ආවත් අළුත් සටහනක් තිබුණෙ නැහැ නේද ? සමහර විට ටිකක් අමනාපෙන් ආයෙත් හැරිල යන්නත් ඇති , සමාවෙන්න ඕන , මොකද ඊයේ සහ අද දවස වෙනදට වඩා කාර්ය බහුල දවසක් වුනා . ඉතින් අද උදේ පාන්දරම කොළඹ ගියා , දැන් දැන් ටිකකට ඉස්සර වෙලා තමයි ගෙට ගොඩවුනේ , හරිම අමාරුයි ඇඟට , දන්නවනේ ඉතිං පොඩි යුද්දයක් වගේ තමයි පැටවු දෙන්නයි බිරින්දෑයි එක්ක පැය දොළහක් විතර එහෙ මෙහේ ඇවිදින එකත් , ඊටත් වඩා අද යන්න හොඳ බස් එකක් හම්බ වුනේ නැහැ , සෙනග වැඩියිනේ , ඉතිං මාත් ජම්පිං ෂීට් එකේ වාඩි වෙලා “පිං  පිං ජම්පිං “ කිය කියා කොහොම හරි ගියා කියමුකෝ ,

2011/06/27

23rd Discussion-උස්සා ගෙන පස්ස කිමදැයි විඳවනුනේ - Heel Spur Syndrome

වයලීනය ...සුන්දර රිද්මය...
 ඊයේ හවස ලොකු දුව වයලීන් පන්තියට එක්කගෙන ගියා වෙනත් කිසිදු විෂයක් වෙත අමතර පන්ති නොගියත් වයලීනයටත් , පිහිනීමටත් අමතර කාළය වැය කරන්නේ , ඒවෙනුවෙන් ඇති “අති උනන්දුව“ නිසාමයි.. ඒ කෙසේ වෙතත්  මේ වයලීන් පන්තිය තියෙන්නේ සෞන්දර්යයේ රස විඳින්නට විඳින්නට කියාපු තැනක ... මීපාවල කියන සුන්දර ගම්මානයේ කුඹුරු , තේ වතු කිහිපයකට වටවූ “පරණ මහ ගෙදරක“ ..., මුදලට ඉස්සරවෙලා “හරියට ශිල්ප දෙන්න “ වෙහෙසෙන ඒ ගුරුතුමිය ගැන මේ වචන ටික නොකීවානම් මගේ හිතට හරි නැහැ ..

2011/06/14

14th Discussion -“ සුන්දර කකුලට ගින්දර දෙන්න එපා“

මේ සුවය  ගතට වගේම සිතටත්....
අද මගේ විවේක දවස ....බිරිදත් මේ දවස් ටිකේ නිවාඩු....ඔක්කොම කට්ටිය මගේ සුන්දරතම වාහනේට නැංගේ පොඩි රවුමක් දාල එන්න හිතා ගෙන .....“කොහෙද යන්නේ කොටුව පැත්තෙද .....Beach එකටද .....Town ද ....“ මේ වගේ දවසක හැමදාම මගේ ප්‍රශ්නනය යොමු වුනා .... “ අපි Town  එක පැත්තෙන් යමු ...මොකද ලොකූටයි .පොඩීටයි දෙන්නටම ඉස්කොලෙට බඩු වගයක් ගන්න තියෙනවා “ ...හැමදාමත් අරපරිස්සම ගැන හිතන ඒ වගේම පවුලේ රාජකාරි වලදි ලොකු බරක් ගන්න මගේ බිරිදගේ උත්තරය වුනා.....“O.K එහෙනම් Town  එක පැත්තෙන්  කොටුව පැත්තේ රවුමක් දාලම එමු “ ....... කවුරුත් එකගයි....පොඩී ඉස්සරහම , ඊළගට ලොකූ ...පරිස්සමින් යන්න පටන් ගත්ත ....මොනව කරන්නද දුප්පත් අපේ සුන්දර වාහනේ නේද ?.....