Showing posts with label කොඳු ඇට ආශ්‍රිත ගැටළු. Show all posts
Showing posts with label කොඳු ඇට ආශ්‍රිත ගැටළු. Show all posts

2012/04/25

94) ඇද කුද ඇති කෙළින් නොවෙන “කෙළින් එක“

 “අපි නෑනේ ඔළුව නමන්නේ ඔය වැඩ වලට , මොන තර්ජනේ ආවත් කොන්ද කෙළින් තියාගෙන කොහොම හරි මේ වැඩ ටික කරනවා ...අනෙක , ඔය දාන සද්දෙ තරමට එයාලට මොනවද කරන්න පුළුවන් ...ඕන නං මාව ටිකක් ඈතට ට්‍රාන්සර් කරල දාවි , ඒත් මොකද බං ...අපි ඒ පැත්තෙන් අළුත් අත්දැකීමක් ගන්න පටන් ගන්නවා ..එච්චරයි ................කෝකටත් මේ ප්‍රශ්නෙදි අපි වැරැද්දක් කරල නැහැනේ , අපි කළේ අපිට අයිති රාජකාරිය , එච්චරයි ...,“

2011/10/05

64) යට හිරි වට්ටන....කඳ දිගු ලඳ නම...

අද යන්න වුනානේ පොලිසි...   නැහැ ..පොලිසියත් එක්ක යන්න වුනා ...වෙන කරදරයක් නිසාවත් ආයුධ පෙන්නන්නවත් නොවෙයි , ඩෙංගු inspection එකකට ..අපේ රෝහල් පොලිසියේ නිළධාරිමහත්වරුත් එක්ක මටත් යන්න වුනා රෝහල වෙනුවෙන් ...ගෙයින් ගෙට යමින් රෝගය පැතිරීමේ අවදානම වගේම දැනට ක්‍රියාත්මක නීතී ගැනත් ,  නිවැසියන් දැනුවත් කරන්නට වුනා ..අද සතියේ දවසක් නිසා බොහෝ නිවෙස් වල හිටියේ ගෘහණියන් සහ දියණියන් ..පොලිස් නිළධාරිමහත්වරු නීතී ගැන කියල දෙත්දි අපි ටිකක් අවට පරිසරේ ගැනත් බලල ...කරුණූ කාරණා ටිකක් කියල දුන්නා...

2011/09/09

55) කොන්දෙ හැංගී ලේ උරා බොන ..මාර පණිවිඩකාරයා .

නාන එක හරිම simple නේ ....
අද  පැටවු දෙන්නම උදේම ඉස්කොළෙට දාගෙන මමයි ,මනෝජයි දෙන්නම ආවා වාට්ටුවට ,මොකද අද අපි දෙන්නම උදේ Duty. වෙලාව හයයි පනහට විතර , ටිකක් වේලාසන වැඩියි වගේ , තවමත්  රාත්‍රී සේවා මුරයේ හිටි අපේ මිතුරු හෙද නිලධාරිනියන් දෙදෙනා රාජකාරියේ , .....

“ආ නිශාන්ත අයිය , අද කළින්ම ඇවිත් ...තාම වැඩ ටික ඉවර නැහැ අනේ ..අර පැටිය නාවන්න ඕනනේ , පොඩි යුද්දයක් වගේ තමයි ....“  
දොරෙන් ඔළුව විතරක් එළියට දාපු මගේ සොයුරියක් කියා ගෙන ගියා , “ආ අර I.M. abscess තියෙන කොළු පොඩ්ඩද ....කොහොමත් එයා නාන්න කිව්වොත් බෑම නේ , නේද ?“ අපේ ඒකකයෙ ඉන්න රෝගීන්ට හුඟ දවසකට විශේෂිත ඖෂධ මිශ්‍රිත නැහැවුමක් ලැබෙනවා . ඒක ප්‍රතිකාරයේ කොටසක් ,  එත් පොඩ්ඩන්ව උදේට නාවන එක නම් හරිම අමාරුයි , ඇත්තනේ සීතලත් එක්ක නාන්න පුළුවන්ද ?

2011/07/25

37) ජීවිතේ ගියර් පොල්ල ලෙඩවීම - Backaches

අද මොකද නැත්තේ ................?????
අපේ සොඳුරු සුව අසපුවේ මිතුරු මිතුරියන් ඊයේ දවසේ මේ පැත්තට ආවත් අළුත් සටහනක් තිබුණෙ නැහැ නේද ? සමහර විට ටිකක් අමනාපෙන් ආයෙත් හැරිල යන්නත් ඇති , සමාවෙන්න ඕන , මොකද ඊයේ සහ අද දවස වෙනදට වඩා කාර්ය බහුල දවසක් වුනා . ඉතින් අද උදේ පාන්දරම කොළඹ ගියා , දැන් දැන් ටිකකට ඉස්සර වෙලා තමයි ගෙට ගොඩවුනේ , හරිම අමාරුයි ඇඟට , දන්නවනේ ඉතිං පොඩි යුද්දයක් වගේ තමයි පැටවු දෙන්නයි බිරින්දෑයි එක්ක පැය දොළහක් විතර එහෙ මෙහේ ඇවිදින එකත් , ඊටත් වඩා අද යන්න හොඳ බස් එකක් හම්බ වුනේ නැහැ , සෙනග වැඩියිනේ , ඉතිං මාත් ජම්පිං ෂීට් එකේ වාඩි වෙලා “පිං  පිං ජම්පිං “ කිය කියා කොහොම හරි ගියා කියමුකෝ ,

2011/06/27

23rd Discussion-උස්සා ගෙන පස්ස කිමදැයි විඳවනුනේ - Heel Spur Syndrome

වයලීනය ...සුන්දර රිද්මය...
 ඊයේ හවස ලොකු දුව වයලීන් පන්තියට එක්කගෙන ගියා වෙනත් කිසිදු විෂයක් වෙත අමතර පන්ති නොගියත් වයලීනයටත් , පිහිනීමටත් අමතර කාළය වැය කරන්නේ , ඒවෙනුවෙන් ඇති “අති උනන්දුව“ නිසාමයි.. ඒ කෙසේ වෙතත්  මේ වයලීන් පන්තිය තියෙන්නේ සෞන්දර්යයේ රස විඳින්නට විඳින්නට කියාපු තැනක ... මීපාවල කියන සුන්දර ගම්මානයේ කුඹුරු , තේ වතු කිහිපයකට වටවූ “පරණ මහ ගෙදරක“ ..., මුදලට ඉස්සරවෙලා “හරියට ශිල්ප දෙන්න “ වෙහෙසෙන ඒ ගුරුතුමිය ගැන මේ වචන ටික නොකීවානම් මගේ හිතට හරි නැහැ ..

2011/06/25

22nd Discussion - ගැහැණු ඇටේ කැඩෙන හැටේ-රැක ගත යුතුම තුන්පොළ Osteoporosis

අද 25 , සෙනසුරාදා  විශේෂ දවසක් , දන්නවද මොකක්ද කියලා ...? අද අපිට පඩි ගන්න පුළුවන් දවස..ඒ කියන්නේ මාසේ පඩිය කවද අපේ bank  account  එකට ගියත්  අපේ “අතට“ මුදල ගන්න පුළුවන් දවස ...ඒ නිසාද මන්ද අද හරි සනීපයි වගේ පරිසරයත් ....නැහැ ඒකම වෙන්න බැහැ ..පොඩි වැස්සක් වැටුනා ..ගස්කොළන් පණ ගහල ඇවිත් ...අපේ යාළු කුරුළු පවුල් ටිකත් සැපට නාල ....ඇඟ පුම්බගෙන උණුහුම් වෙනව....බලන්න ලස්සන දර්ශණයක් ...
අදත් සරුයි හෙටත් සරුයි..