Showing posts with label Restless Leg Syndrome. Show all posts
Showing posts with label Restless Leg Syndrome. Show all posts

2012/05/28

103 ) හදවත රිද්දන පද්දන කකුල් දෙක

පොඩි දඟමල්ලයි , ලොකු අක්කයි 
පහුගිය දවස් ටිකේම ටිකක් කළබලකාරී උනා . මනෝජට එක පිට එක විභාග කිහිපයක් කරන්න උන නිසා ගෙදරම නිකං පාලුවට ගිහින් වගේ . ගේ දොර වැඩ වෙන වගේම කළත් පොඩ්ඩො දෙන්නත් එක්ක රැඳෙන කාළය හුඟක් අඩු වුනා . පොඩීට නං හුඟක් දැනෙනවා ඒ වෙනස . සිකුරාදා රෑ ගෙදර ආ වෙලාවෙ ඉඳන් ..“අම්මට ආයේ tests නැහැනේ ..සඳුද යන්නේ නැහැනේ ?...“ ප්‍රශ්න ගොඩයි. ඒ නිසාමත් අද විවේක දිනයත් නිසා ටිකක් උදේ වෙනකම්ම නිදා ගත්තා ....ඇත්තම කිව්වොත් හොඳටම එළිය වැටෙනකම්ම..පොඩ්ඩි තාමත් අම්මට තුරුල් වෙලා නිදි....නිදි වගේ ඉන්නවා ...  “තාත්ති අපි අරයව නැගිට්ටවමුද ? ....“ ඇහැරලා හුඟක් වෙලා ඇඳට වෙලා හිටි ලොකූ අහනවා ...“හ්ම් .... නංගිවත් නැගිට්ටවන්න , “ ...“මෙන්න හොර ගෙඩියා නිද වගේ ඉන්නවා ...ඒයි චූටී ....නැගිටින්න ......“ ...“ම්හු ..නෑ සද්දයක් ......“