Showing posts with label sleep disorders. Show all posts
Showing posts with label sleep disorders. Show all posts

2013/07/07

136) හීන විලේ පීන පීන නාන මෙයාලා

හැමදාමත් වගේ “දවස පටන් ගන්නේ අන්තර්ජාල පත්තර ටික කියවලා“ , එහෙම නැතිව අර “මෝල්ට් එක බීලා‘‘ නොවෙයි . අදත් පටන් ගත්තා , මුලින්ම සිංහල පත්තර ටික , ඊළඟට සිංහල ගොසිප් පත්තර ටික , ඊළඟට දේශපාලනේ ඔස්සේම යමින් මඩ ගහ ගන්නා පත්තර ටික . මේ හැමදේකින්ම යමක් දැන ගන්න පුළුවන් නිසා අදත් වෙනසක් නැතිවම එකින් එක කියවන ගමන් . 

2012/05/28

103 ) හදවත රිද්දන පද්දන කකුල් දෙක

පොඩි දඟමල්ලයි , ලොකු අක්කයි 
පහුගිය දවස් ටිකේම ටිකක් කළබලකාරී උනා . මනෝජට එක පිට එක විභාග කිහිපයක් කරන්න උන නිසා ගෙදරම නිකං පාලුවට ගිහින් වගේ . ගේ දොර වැඩ වෙන වගේම කළත් පොඩ්ඩො දෙන්නත් එක්ක රැඳෙන කාළය හුඟක් අඩු වුනා . පොඩීට නං හුඟක් දැනෙනවා ඒ වෙනස . සිකුරාදා රෑ ගෙදර ආ වෙලාවෙ ඉඳන් ..“අම්මට ආයේ tests නැහැනේ ..සඳුද යන්නේ නැහැනේ ?...“ ප්‍රශ්න ගොඩයි. ඒ නිසාමත් අද විවේක දිනයත් නිසා ටිකක් උදේ වෙනකම්ම නිදා ගත්තා ....ඇත්තම කිව්වොත් හොඳටම එළිය වැටෙනකම්ම..පොඩ්ඩි තාමත් අම්මට තුරුල් වෙලා නිදි....නිදි වගේ ඉන්නවා ...  “තාත්ති අපි අරයව නැගිට්ටවමුද ? ....“ ඇහැරලා හුඟක් වෙලා ඇඳට වෙලා හිටි ලොකූ අහනවා ...“හ්ම් .... නංගිවත් නැගිට්ටවන්න , “ ...“මෙන්න හොර ගෙඩියා නිද වගේ ඉන්නවා ...ඒයි චූටී ....නැගිටින්න ......“ ...“ම්හු ..නෑ සද්දයක් ......“

2011/09/08

54) මහ රෑ එන ...මර බිය දෙන ..අහිංසක භීෂකයා

Daffodil මලක් දෙන දවස නේ...
අදට දින තුනකට පෙර දිනය අපේ ජීවිතයේ සුවිශේෂි දිනයක් . ඒ අපේ විවාහයේ දහවන සංවත්සරය තිබුණේ එදිනට , තව විදියකින් කිව්වොත් අපේ Tin anniversary එක . එදා අපි හැමෝම ගෙදර , ගෙදර තිබුණු පුංචි පහේ උත්සවයට මනෝජගේ අතින්ම හදපු කේක් එක්ක තේ පැන් සංග්‍රහයක් දීලා ආපු “සුවිශේෂි අමුත්තෝ එක්ක " ටිකක් කතා බහ කර කර හිටිය . මොකද අමුත්තෝ දෙන්නත් අමුත්තොම නෙවි , අපේ ලොකු දුවයි , පොඩ්ඩියි , ඔය කතා බහ අතරේ  මිට අවුරුදු දොළහක විතර ඉස්සර ඉඳළ අතීතයක් ටිකෙන් ටික හාරා අවුස්සමින් හිටිය. අපි ඉගෙන ගත්තු හැටි , මුලින්ම appointment අර‍ගෙන කොළඹ දෙපැත්තක රැකියාව කරපු හැටි , ඒ දවස් වල ඉඳන් ගෙදරට ඕන කරන අඩුම කුඩුම එක්රැස් කළ හැටි ,ආපු කරදර ඒව විසඳගත්ත හැටි ඔය වගේ  විවාහයට එනකං අපි දෙන්න ආයෙත් කතා කළා.

2011/06/28

24th Discussion - ගත සිත සුවයට .....හොඳ සැප නින්දක් - importance of sleep

නගින්න නගින්න ෂීට් තියෙනවා (මැවෙනවා) ......
අද කොළඹ ආවා .මගේ මීළඟ දේශ සීමා පැනීමේ පිම්මේ නීත්‍යානුකූල කටයුතු වලට ..මාත් එක්කම අදාල විගමන  අංශයට යන්න පොරොන්දු වුනු මගේ මිත්‍රයා ..උදේ පහට “සාගරිකා“ දුම්රියෙන් ගමන පටන් ගත්තත් ...උදේ පාන්දර මගේ රාජකාරි ටිකත් ඉවර වෙලා දුවවත් පාසලට භාර දීගෙන  තමයි මම ගමන ආරම්භ කළේ ...වෙලාව 6.45 යි ...තැන ගාල්ල නව බස් නැවතුම් පල ......වෙලාවට හොඳ A/C එකක් ...මොකද අර නැව් වගේ ලොකු බස් වල යන්න ගිහින් පැය තුනේ ගමන පැය පහක් විතර “පාවුනු අවස්ථා“ බොහොමයි ...ඒ නිසා මම හරි කැමතියි “බේබි රෝසා“ එකේ යන්න....