| නගින්න නගින්න ෂීට් තියෙනවා (මැවෙනවා) ...... |
තනි පංගලමේ නිදහසේ යන්න පුළුවන් අසුනක් හොයාගෙන සනීපෙට , සීතලට වාඩි වෙලා ඉන්නව...මුලින්ම හිස්ව තිබුණු බස් එක ටික ටික පිරෙනව ...එතකොට අපේ කොන්දොස්තර මහත්තයගේ මූණේ හිනාවේ පරිමාවත් ටිකක් වැඩි වෙනවා වගේ “.....ආ...නගින්න නගින්න ...සීට් තියෙනවා ........“ බොහෝම ප්‍රබෝධමත් හඬකින් කෑගසනව ඔහු ...
| මෙන්න අපි (ගමන් ? නින්ද?) යනවා...... |
| දොයි දොයි දොයි දොයිය!........හොඳටම නිදිනේ |
| මේං බබා උකුළෙම දොයි .... |
අපි නිකම් නිකම් නින්ද කිව්වට මේකෙත් හොඳ විද්‍යාත්මක ක්‍රියාවලියක් තිබෙනවා ...විශේෂයෙන්ම මේ තාවකාලික විවේක කාළයේදි හෘදය රුධිර වාහනී වගේ අය ටිකක් rest එකක් ගන්නවා ...ඒකීවේ ඉතින් අපි වගේ rest එකට කියල වැඩේ නවත්වනව හෙම නොවෙයි .....හෘද ස්ඵන්ද වේගය , පීඩනය ටිකක් 10% ක් විතර අඩු කරනවා ...ඒ අතරේ ගෙවුනු , මිය ගිය පටක අළුත්වැඩියාව ඇරඹෙනවා ..හෝමෝන පද්ධතියේ දවසේ ලාභ පාඩු බලමින් අවශ්‍ය හෝමෝන වැඩි පුර නිකුත් කරනවා .. අපේ ආරක්ෂකයා හෙවත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය Immune system .හෙට සටනට සූදානම් වෙනවා , ශක්තිමත් වෙනවා ..මොකද එයාලට හැමදාම සටන්ම තමයි ......වැඩ ගොඩයි ....ඒ කියන්නේ අපි නිදා ගත්තට ..ඒ වෙලාවෙත් දේහයේ වැදගත් කාර්යයන් සිදුවෙනවා ....
| අත පය දිග ඇරල නිදා ගන්න එපායැ නේද ? |
| REM,සහ NREM හොරෙන් නිදි ද? |
මේ මොන විදියට හරි අපි කොච්චර වෙලා නිදා ගන්න ඕනද ? සමහරට දවසම වුනත් නිදාගත හැකි නේද ...නිවාඩු දවසක් එහෙම මතක් කර ගන්නකෝ .... ඒහෙත් වැඩිහිටියෙක් නිරෝගීව ජිවිතය ගත කරන්න නම් දිනකට අඩුම තරමේ පැය 7ක් වත් නිදා ගන්නට ඕන ..පැය 7-9ක් පුළුවන් නම් වඩා හොඳයි ...හැබැයි දරුවෙක් සඳහා මේ කාළ සීමාව ටිකක් වෙනස් වෙනවා ..අපිට මේක මේ වගේ සටහනකින් දක්වන්න පුළුවන් . කොහොම වුනත් මේ නින්ද අපේ ඇඟේ තියෙන ජෛව ඔරලෝසුවට Biological clock එකට අනුව සිදු වනවා නම් තමා වඩාත්ම හොඳ කෙටියෙන් කිව්වොත් අපිට හැමදාම ආසන්නව එකම වෙලාවක නිදා ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි ...ඒත් මේ රාජකාරි එක්ක කොහොම කරන්නද නේද ?
| නිදා ගත යුතු පැය ගණන | |
| වයස | පැය ගණන |
අළුත උපන් දරුවෙක් (0-2 months)
|
12 - 18
|
ළදරුවෙක් (3 months to 1 year)
|
14 - 15
|
පෙර පාසල් වියේ දරුවෙක් (3 to 5 years)
|
11 - 13
|
මුල් පාසල් විය (5 to 12 years)
|
10 - 11
|
පසු පාසල් විය (12 to 18 years)
|
8.5 - 10
|
වැඩිහිටි (18+)
|
7.5 - 9
|
ඇත්තටම ඇයි මේ තරම්ම නින්ද ගැන කතා කරන්නේ මේක ඒතරම්ම වැදගත් නිසා ....මේ නින්ද නොලැබීම ප්‍රධාන වශයෙන්ම බලපාන අවස්ථා කිහිපයක් ගැන කතා බව වෙනවා ....
ඉන් පළමුවැන්න ...“මතකය“ ඒ කියන්නේ හොඳ නින්දක් නොලැඹීම මඟින් අපේ මතක ශක්තියේ යම් යම් දුර්වලතා ඇති වන්නට පුළුවන් , මේ තත්ත්වය විශේෂයෙන්ම අධ්‍යාපනය ලබන අපේ දරුවන්ට වගේම රාජකාරිමය වගකීම් දරන අපිටත් බලපානවා ....
| ඊයේ රෑ නින්ද ගිහින් නැහැ වගේ |
තෙවැන්න විදියට විස්තර කෙරෙන්නේ ආරක්ෂාව ...මොකද රාත්‍රියට නිසි පමණ නින්දක් නොලැබුණාම පසු දිනයට “පාවෙනවා වගේ “ නේද ....සමහර විට හරියට සමබරතාවය පවත්වා ගන්නවත් බැරි තරම් ....උදේට තේ එක හදනකොටත් නින්ද යනවා ....දන්නවනේ බොහෝ රිය අනතුරු වලදි හේතු සාධකය රියදුරාට නින්ද යාම ..හොයල බලන කොට ඒ රියදුරු මහත්තයට ඊයේ රෑටත් නිදා ගෙන නැහැ ..
| ආ............නිදිමතයිද බොස් ......... |
| සැපට නිදා ගන්න ... |
.ඊළඟ වැදගත්ම දේ තමයි නිදා ගන්න ඇඳට යන්න කියන එක ..ඒ කිව්වේ ඇඳට ගිහිල්ලා රටේ ලෝකේ නැති සියළුම ප්‍රශ්න කල්පනා කරනවා නම් ....Office එකේ වැඩ ගැන හිත හිත ඉන්නව නම් ඒක හොඳ මදි ..
..ඇඳට ගිහින් පැය භාගයකින් විතර නින්ද යන්නේ නැත්නම් ඇවිත් වාඩිවෙන්න පුටුවක ...මෘදු මිහිරි ගිතයකට සෙමින් සවන් දෙන්න ...පිරිත් ටිකක් අහන්න....හිත සැහැල්ලු වෙන තරමට පහසුවෙන් නින්ද යනවා ....නිදා ගන්න බැරි නම් ඇඳේ පෙරළි පෙරළි ඇඳට වෛර කරන්න එපා ....ඒක හෙට නින්දටත් ඔබට බලපානවා ....හෙටත් ඔබ ඇඳට එන්නේ “...අපෝ ඊයෙත් නින්ද ගියේ නැහැ ..ඉතින් අදත්.....“ හිතාගෙන ඉතින් නින්ද යයිද ?
අනිත් වැදගත් දේ තමයි ඔබ නිදා ගන්න තැන , ඇඳ නින්දට සුදුසු ලෙස පවත්වා ගන්න ...ඒකේ පොත් ...පෑන් ...CD , තව දේවල් තියා ගෙන හිටියොත් අපිරිසිදුව තිබුණොත් නින්ද යන්නේ නැහැ ....ඒ නිසා “ඇඳ නිදා ගන්න හදාගන්න“ පරිසිදුව , ලස්සනට , තද ආලෝකය නොවැටෙන විදියට ....පුළුවන් නම් තරමක මද සීතලක් ඇතිවෙන ලෙසින් ...
.තවත් දෙයක් නින්දට ඉස්සර වෙලා බඩ පැලෙන්න කන්න එපා ....ඒ වගේම කෝපි , තේ මත්පැන් වගේ දේවලිනුත් නින්ද ඔබෙන් ඈත් කරනවා ....ඔබ ව්‍යායාම කරනවා නම් නිදා ගන්න කිට්ටුව එය නොකරනවා නම් වඩාත් හොඳයි ...මොකද එයිනුත් ඔබේ නින්ද ප්‍රමාද කරන නිසා ....
| දැන් නිදා ගන්න .....(මේක දිහා බලන් ඉඳල ඈනුම් අරින්න තහනම්) |
“මහත්තය බහිනව කිව්වේ කොල්ලුපිටියේ නේද ? ...එහෙනම් එන්න ඉස්සර හට “ මට කවුදෝ කතා කරනවා වගේ ඇහුන ...“ඇත්තමයි ...බහින තැනත් ළං වෙලා ....“ , බලනකොට මටත් නින්ද ගිහිංනේ ....වෙලාවට අවදි කළේ නැත්නම් ඉතින් පිටකොටුවෙන්ම තමයි බහින්න වෙන්නේ ... එහෙනම් මම යනවා ....නැත්නම් ආ වැඩේ කර ගන්න බැරි වෙනවා ....හෙට හම්බ වෙමුකො ......