2011/06/22

20th Discussion - මගේ ආදර කොළෙස්ටරෝල් වෙතටයි , (H.D.L හොඳ දඟ ළමයාටයි)

පාසල් කාළයේ සුන්දරබව 
අද මගේ පරණ යාළුවෙක් මුණ ගැහුණ , වසර  විස්සකට විතර පස්සේ ...මුලින්ම ඔහු මා දිහා බලාගෙන හිටිය ...මටත් ටිකක් මතකයි වගේ ..ඒත් හරියට මතක නැහැ වගේත් ....මම ටිකක් හිනා වෙලා මගේ රාජකාරි කටයුත්තට යන්න ගියා...“මේ මහේෂ් අයිය නේද .....“ , පුදුමයි , දැන් අවුරුදු දහහතරක ඉඳළ මගේ නම කවුරුත් දන්නේ “නිශාන්ත “ යන නමින් , “හරි , එහෙනම් මේ මම හිතපු කෙනා තමයි ..“ 
“ මේ කතළුවේ ජයේ නේද ? ...“ මම ටිකක් අවිශ්වාසයත් , මතකයත් කැටිවූ ස්වරයකින් ඇහුවා ...“ ඔව් මහේෂ් අයියා ...මම ජයේ ..., කොච්චර කාළෙකට පස්සේද ? ....මං හිතන්නේ අනූදෙකේ , තුනෙන් පස්සේ විතර .....“ මට මගේ පාසලේ උසස්පෙළ කාළය මතකයේ ඇඳී ගියා ....“ 

“ඔව් මල්ලි , කොහොමද ? ඔයා දැන් කොහෙද ඉන්නේ ? ....මොනවද කරන්නේ ...? ......ඒක නෙවි මොකද මේ ඉස්පිරිතාලේ ....“ 
බර වැඩියී ඊ ඊ ඊ ඊ ඊ 
“දැන් මම business කරනවා.... wife , teach කරනවා ..මගේ කොලෙස්ටරෝල වැඩියිනේ ....ඒකට clinic ආවා ..“ 

“ඇත්තටම , ඔය වයසට කොලෙස්ටරෝල් වැඩි උනාද ? ...reports කොහොමද ? වෙන ලෙඩ මොනවහරි තියෙනවා ?“  මගේ හිතේ ප්‍රශ්න වැලක් ! .... හැබැයි ජයේ හුඟක් තරබාරුවෙලා ....

“පහුගිය දවසක පොඩි පපුවේ අමාරුවක් හැදිල hospital admit කළානේ ....ඒවෙලාවේ තමයි හොයාගෙන තිබුණේ ...කීයද කියලනම් දන්නෑ .... ඒ වුනාට මාසෙකට සැරයක් clinic එන්න කිව්ව ...අපේ තාත්තත් නැති වුනානේ heart attack එකකින් , ... අපේ wife ත් ටිකක් බයවෙලා ... ඉතින් clinic  එන්නම එපායෑ“ 

“ඒක නෙවි ..ඇත්තටම මොකක්ද මේ කොලෙස්ටරෝල් කියන්නනේ .අපේ ගමෙත් කිප දෙනෙක්ම clinic ඇවිත් තිබුණ කොලෙස්ටරෝල් වලට “ 


ඔන්න ඉතින් මට හොඳ අවස්ථාව තව කතාවකට මුල පුරන්න ...

night shift වැඩි cholesterol ෆැක්ටරිය 
මොනවද මේ කොලෙස්ටරෝල් ..., කොලෙස්ටරෝල් කියන්නේ අපේ ඇඟට අවශ්‍ය ඒ වගේම අපේ ඇඟේම නිපදවෙන රසායනික ද්‍රව්‍යයක් ...අපේ ඇඟේ තියෙන fat එහෙම නැත්නම් මේදය තවත් සංයෝග කිහිපයක් එක්ක (steroids) එක්ක එකතු වෙලා තමයි මේවා හැදෙන්නේ ...

මේවා හදන factory එක තමයි අක්මාව ...ඔය අනෙක් ෆැක්ටරි වගේ නෙවෙයි ...මේ නිශ්පාදනය වැඩි පුර කෙරෙන්නේ රෑට ...night shift එකට , 70-80% විතර එහෙම හැදෙනවා ..“


“ඉතිරිය ? “

“අපි තව කොලෙස්ටරෝල් අපේ ඇඟට ආනයනය කරනවා අපේ කටෙන් ....ඒ මස්  , බිත්තර , සම්පුර්ණ යොදය සහිත කිරි වලින් ....ඒවායේ  කොලෙස්ටරෝල් තියෙනවා ..හැබැයි මම හැමදාමත් වගේ මතක් කරන දේ තමයි ..මේ හැම දේකදිම අපි ප්‍රමාණය දැනගෙන වැඩ කළාම අනතුරු අඩුයි ...එහෙම නැතිව මේක කියවපු ගමන් මස් කෑල්ලක් වත් කන්නැතුව(කනවානම් ..) ඉන්න කියන එක නොවෙයි ..මොකද අපි මේ ආහාර නොගත්තත් අපේ ඇඟ ඇතුලේ කොලෙස්ටරෝල් නිපදවෙනවානේ ....මේ ආහාර වැඩිපුර ගැනීම නිසා ඒ කොලෙස්ටරෝල් නිශ්පාදනය වැඩි වෙනවා .එච්චරයි ...වැඩියෙන් cholesterol තියෙන ආහාර විදියට කුකුළු මස් , කුකුළු බිත්තර , හරක් මස්( විශේෂයෙන්ම පීකුදු) , සත්ව කිරි වලින් තැනූ බටර් වගේ දේවල් පර්යේෂකයො හොයාගෙන තිබෙනවා ..

“මේ මොන විදියට වුනත් අපේ ඇඟට කොලෙස්ටරෝල් නැතිව බැහැ ...අපේ ඇඟේ හැම සෛලයකම කොලෙස්ටරෝල් ගියෙනවා ..ඒ විතරක් නොවෙයි ඊස්ට්‍රජන් කියන ස්ත්‍රී ලිංගිකත්වයට වැදගත් හොමෝනය , පිරිමි බව රැක දෙන ටෙසටොස්ටෙරෝන් හෝමෝනය ....ඒ විතරක් නොවෙයි අපේ දත් , ඇට , හයි කරන විටමින් ඩී වලටත් කොලෙස්ටරෝල් අත්‍යවශ්‍ය යි ...“ 

“එතකොට මොකක්ද මේක වැඩි වුනාම වෙන්නේ ....? 

“මෙහෙමයි ...මේ අපි පොදුවේ කොලෙස්ටරෝල් කිවුවට ඒකෙ වර්ග ගණනාවක් තියෙනවා ...සමහර වර්ග වලට පුළුවන් අපේ ලේ නහර ඇතුලේ පාප්පයක් වගේ ඇලෙන්න ..එතකොට මොකද වෙන්නේ ..අර ලේ ගෙනියන්න තියෙන ඉඩ අඩු වෙලා තැනේ හැටියට heart attack  එකක් එහෙම නැතිනම් අංශභාගය වගේ තත්ත්වවයක් ඇතිවෙන්න පුළුවන් ...“

“ආ....එහෙනම් ඒකයි මම බය කළේ ...? අපේ තාත්තත් නැතිවුනේ heart attack  එකකින්නේ ...සමහර විට තාත්තටත් තියෙන්න ඇති නේද ? ,“ 

“ඔව් , වෙන්න පුළුවන් ..මෙහි එක් අවස්ථාවක් තියෙනවා පරම්පරාවෙන් ඉදිරියට යාහැකි තත්ත්වයක් අපි ඒකට කියන්නේ Hypercholesterolemia කියලා ,“ 

“එතකොට අර ...දොස්තර මහත්තයා කිව්වේ Report එකේ තුනක් හොඳයි ..තවම එකක් හොඳ නැහැ කියලා ...“ 

හොඳ H සුරඟන 
මෙහමයි ..ඔය කොලෙසටරෝල් කිව්වට ඒක ලේ වල ඉන්නේ වර්ග කිහිපයක් විදියට , 

එකක් තමයි H.D.L(high  density lipoprotein cholesterol) , අනෙක් L.D.L  (low density lipoprotein cholesterol) 

මේ දෙන්නගෙන් අර H තිබුණ එක්කෙනා අපට හොඳයි H.D.L , (හොඳයි -H අපි මතක තියාගන්න ලේසියට කියමු “හොඳ දඟ ළමයා“ කියලා)  ඒ කිවවේ එයානම් රුධිර වාහිනි වල ගෑවිලා තියෙන  කොලෙස්ටරෝල් පාප්ප ඉවත් කරන්නත් උදව් වෙනවා ...



නරකම එක්කෙනා තමයි L.D.L (low density lipoprotein cholesterol විහිළුවට වගේ කියමු “ලොකු දඟ ළමයා“ කියලා , කොහොමත් ලොකු ළමයා හරිම දඟයිනේ  , අපේ ලොකූ තරහවේද මන්දා ?)) එයා තමයි අපේ ලේ නහර block කරළා අපිට මරණිය අනතුරු ඇති කරන්නේ .

ඔය රිපෝට් එකේ මෙයාලට අමතරව Triglycerides කියන වර්ගය ගැනත් ඇති විස්තර එම සංයෝගයත් අපේ ලේ නහර පටු කරන්නට උදව් වෙනවා ...“


“එතකොට දොස්තර මහත්තය , මොකක්ද 200ට අඩුවෙන් ිතියාගන්න කිව්වේ ...“

“ඔය රිපෝට් එකේ ඇති total cholestarol කියල අගයක් ..ඒක ඩෙසි ලීටරයකට මිලිග්‍රෑම් 200ට අඩුවෙන් 
පවතින එක තමයි අපේ ශරීරයට හොඳ ....ඔක්කොම කිව්වොත් අපිට මෙහෙම කියන්න පුළුවන් ..


L.D.L. ගැන කිව්වොත් ......
LDL Cholesterol (mg/dl)
තත්ත්වය
 100ට අඩුයි 
හුඟක්ම හොඳ තත්ත්වය
100 - 129
නරකම නැහැ 
130 - 159
වැට උඩ ඉන්න තතත්වය                     
160 - 189
වැඩියි 
190 හෝ වැඩි
වැඩියි , හොඳටම වැඩියි අනතුරුදායකයි

H.D.L ගැන කිව්වොත් 
HDL Cholesterol
(mg/dl)
තත්ත්වය
60 හෝ වැඩි 
හුඟක්ම හොඳ තත්ත්වය                                  
40ට අඩුවීම 
හෘදයාබාධ සඳහා අවදානම් තත්ත්වය

එතකොට අර Triglycerides  වල තත්ත්වය කොහොමද ? 

Triglycerides
(mg/dl)
 තත්ත්වය
150ට අඩු
හොඳයි 
150 - 199                
වැට උඩ ඉන්න තත්ත්වය 
200 - 499
වැඩියි 
500 or higher
හුඟක් අනතුරු දායක තත්ත්වයක ඉන්නේ        




අපි දැන් බලමු total cholesterol ගැනත් 

Total Cholesterol
(mg/dl)
තත්තවය
200ට අඩු 
හොඳයි 
200 - 239
වැට උඩ - බෙහෙත් ගන්න එක හොඳයි           
240 and above
හුඟක් අනතුරු දායකයි ...
ඉක්මණටම ප්‍රතිකාරයක් ගන්න


කොහොම වුනත් අවුරුදු 30 විතර වුනාට පස්සේ වත් අවුරුද්දකට සැරයක් විතර මේ ටෙස්ට් එක මේකට කියන්නේ ලිපිඩ් ප්‍රොෆයිල් ටෙස්ට් එක කරවගගෙන වෛද්‍යවරයෙක්ට පෙන්නගන්න  එක කාටත් හොඳයි.

“එතකොට අයියේ ..මේ ..තෙල් කන එක ගැන මොකද තත්ත්වේ ? “ 

කොලෙස්ටරෝල් මාරයා එළවන්නට සූරයා 
“මේකයි ..අපි කන තෙල් වලින් , කොලෙස්ටරෝල් වැඩි කිරීමට යම් බලපෑමක් කරනවා ...ඒත් පොල් තෙල් ගැන විවිධ මත තිබුණත් දැන් හඳුනාගෙන තිබෙනවා පොල් තෙල් මද වශයෙන් භාවිත කළා කියළ ඒ තරම් හානියක් නැහැ කියන එක ...කොහොම වනත් ඕනම දෙයක් ඔනවාට වඩා ඕනෑ නැත කියනවනේ “

“කෙහොම වුනත් අළුත් එලවළු , විශේෂයෙන්ම කෙඳි තියෙන පළා ,කැරට් ,බතල වගේ අල ජාති , එලවළු වලට පුළුවන් අපේ බඩවැල් වලින් තෙල් ඇඟට උරාගන්න එක අඩු කරන්න සුදුළූනුත් ස්වභාවිකව ගන්න පුළුවන්නම් එයත් හොඳ ආහාරමය ප්‍රතිකාරයක්ලු 

ලාබායි බැදපු කොලෙස්ටරෝල් .....ලාබායී
,  

...ඒ කියන්නේ කොලෙස්ටරෝල් අඩු කරගන්න අපට පුළුවන් ..අළුත් එලවළු , පළතුරු ඒ වගේම අළුත් මාළු ආහාරයට ගත්තොත් ....

හැබැයි ඔය කඩේ තියෙන රෝල්ස් , බයිට්ස් වගේ කෑම අඩු කරගන්න පුළුවන් නම් තමා හොඳ ...මොකද ඔය කඩවල බැදුම් කරන්නේ එකම තෙල් තාච්චියෙන් ...ඔය තෙල් බැද බැද වැඩි වාර ගණනක් පාචිච්චි කරන එක හොඳ නැහැ ...මොකද ඒකෙන් කොළෙස්ටරෝල් වැඩිකරන trans-fat  කියන සංයෝගය ඇති වෙන බව සොයාගෙන තියෙනවා ...“

එතකොට බිත්තර එහෙම ..

“සතියකට බිත්තර එකක් දෙකක් කෑවට කිසිම ප්‍රශ්නයක් නැහැ ... හැබැයි අර මුලින් කීව වගේ හොඳට එළවළුත් එක්කම ....“ 


“දොස්තර මහත්තය කිව්ව , මේ පෙති අනිවාර්යෙන්ම රෑටම බොන්න කියල ..ඇයි ඒ ?,

“මම අර  මුලින් කිවවේ , අපේ ඇඟ ඇතුලේ කොලෙස්ටරෝල් හදන ෆැක්ටරි එකේ වැඩ වැඩිවෙන්නේ රෑට , ඔය දීල තියෙන Vastatin නම අගට එන බෙහෙත කරන්නේ ඒ වෙලාවටම ඒ නිශ්පාන ක්‍රියවලිය කඩල දාල කොලෙස්ටරෝල් හැදෙන එක අඩු කිරීම ,ඒකයි අනිවාර්යයෙන්ම රෑට ගන්න කියල කියන්නේ “

“මේ ප්‍රශ්නෙන් ගැලවෙන්නම බැරිද ? ......“

ඇවිදීම  හොඳ බෙහෙතක් 
“පුළුවන් ..මුලින්ම ඔබ බර අඩු කර ගන්න ඕන , ඔය උසට සරිලන බර තියාගැනීම හරිම වැදගත් , දෙවැන්න ටිකක් ව්‍යායාම කරන්න ...වැඩි දෙයක් නෙවි ...දවසට පැය භාගයක් විතර හොඳට දාඩිය දාන්න , ඇවිදින්න ...ටිකක් වේගෙන් ඇවිදින්න ....හැබැයි බෙහෙත් ගන්න එක , clinic එන එක නතර කරන්න එපා  දැන්ම ...සමහර විට කොලෙස්ටරෝල් හොඳ ගානකට අඩුවුනාට පස්සේ ඒගැන කියාවි


 ....අනෙක කඩෙන් කන්නේ නැතිව ගෙදරින් එලවළු එක්ක බතක් කන්න පුරුදු වෙන්න ..සිගරට් බොනවා නම් ඒ ගැනත් ටිකක් හිතන්න , මොකද සිගරට් වලටත් පුළුවන් අර L.D.L. පාප්පේ වගේම ලේ නහර බ්ලොක් කරන්න ......ටිකක් කරදර වගේ දැනුනට එතකොට ජීවිතේට කරදර අඩුයි ..“


“කතාවෙන් කතාව හුඟ වෙලාවක් ගියා වගේ , එහෙනම් මල්ලි දැන් යන්න , කරාපිටියේ bus stand එකෙන්ම කතළුවට බස් එකක් ගත හැකි ....ඕන වෙලාවක මට කතා කරන්න .....“


“කොච්චර දෙයක්ද මහේෂ් අයියේ ....ඒක නෙවි ..මතකද ...ඉස්කොළෙ අර වතුර ටැංකිය ගාව අපි දෙන්න පෙරළි පෙරළි ගහ ගත්ත හැටි .....ඒ කාළේ මතක් වෙනකොටත් ආසයි නේද ?“


“අනෙක් එදත් “දඟ ළමයි“  වෙච්ච අපි දෙන්නට කෙළෙස්ටරෝල් උදව් උනා අපේ හයිය පෙන්නන්න ....අදත් උදව් වුනා කාළෙකට පස්සේ හමු වෙන්න ..නේද අයියා ...“ 

කොයි තරමි මහන්සි වුනත් ඒ සුන්දර පාසල් කාළයේ සොඳුරු ස්මරණයන් සිතින් රසවිඳිමින් මම ආයෙත් මගේ පුරුදු රාජකාරි ස්ථානයට ගොඩ වැදුනා.


“මම ඔයාට ගොඩාක් ආදරෙයි දැන්නම් මගේ “හොඳ දඟ ළමයෝ H.D.L......“.

හෙටත් හමුවෙමු .......