අද බ්‍රහස්පතින්දා , දූලා දෙන්නා පාසලට ගෙනියන්න යතුරු පැදියට ගොඩවුනත් ලට්ට ලොට්ට ගොඩක් , බෑග් දෙකටයි වතුර බෝතල් දෙකටයි අමතරව මල් පැල , තවත් මොනවාදෝ බඩු ගොඩකුත් එක්ක ව්‍යායාම වලට ගන්න පැදුරකුත් , ....බඩු ටිකත් එල්ලගෙන දූලා දෙන්නත් නංවාගෙන පරිස්සමින් අපි යනවා ඉස්කොලෙට ...එයත්දි පුංචි පුංචි සුන්දර සිදුවීම් ගොඩයි , ...... දෙන්නක් එක්ක මොකක්දෝ කසු කුසුවකුත් එක් හිනා වෙනවා ... හිනා වෙනවා ,.... “මොකද මේ දගලන්නේ ..... “ ඩිංගක් තරවටු ස්වරයෙන් ඇහුව ....“නැ තාත්තේ ..අර බලන්න අර ත්‍රීවීල් එකේ ඉන්න අයියට බැහැ ගන්න බැරුව දගලන හැටි ...., අම්මෝ මහත! .....“ ලොකු දුව තමයි උත්තර බදින්නේ ....
ඇත්තමයි ...ඉස්සරහ තියෙන ප්‍රධාන ආපන ශාලාවක් ළග පාසල් ළමුන් ගෙන යන ත්‍රීවීල් රථයක .... “පුංචි පුතෙක්“ , පුංචි කිව්වට පහේ පන්තියේ විතර හැබැයි හරීම තරබාරු පුතෙක් , ආපනශාලාවට යන්න ත්‍රීවීල් එකෙන් බැහැ ගන්න බැරුව දගලනවා ... දැක්කම සතුටකට වඩා මට ඇති වුනේ දුකක් , ඇයි මේ පුංචි කාළෙම මේ වගේ තරබාරු උනොත් මේ දරුවගේ අනාගතේ මොනවගේ වෙයිද කියලා ....
මොකක්ද මේ Childhood obesity කියන්නේ , දළ වශයෙන් ගත්තොත් , දරුවෙක්ගෙ වයසට සාපේක්ෂව තිබිය යුතු බරක් තියෙනවා ,දරුවා කුඩා කාළෙදි සායනයෙදි කිරල බලනව , ඒ විදියටම දරුවෙක් වයසින් වැඩි වීමෙදිත් මේ වයසට , විශේෂයෙන්ම උසට සාපේක්ෂ බර නිසි ලෙස පවත්වා ගත්තොත් මේ ගැටලුව ඇති වෙන්නේ නැහැ , මේකට අලුතින් ඉගෙන නොගත්තත් අපි දන්නව සාමාන්‍යයෙන් ක්‍රියාශීලි පාසල් දරුවන්ගේ ඇග පත සාමාන්‍ය ප්‍රමාණයක තිබෙනව , ටිකක් කෙට්ටු වුනත් උදරයෙන් , පිටෙන් “මස් වැදලි එල්ලා වැටෙන “ තරමේ මහතක් දකින්න ලැබෙන්නේ නැහැ , නමුත් මේ තත්ත්වයට ගොදුරු වූ ( දෙමාපියන් විසින් ගොදුරු කළ ) දරුවන් මීට හාත්පසින්ම වෙනස් , උදරයෙන් , ඉනෙන් එල්ලා වැටෙන තරමේ “මස් වැදලි ..හරියටම කිව්වොත් තෙල් කුට්ටි ) වලින් පිරිණු මේ දරුවන් තම පාසල් කටයුතු කර ගන්නේ පවා හරිම අපහසුවෙන් , වේගයෙන් දුවන්න , සෙල්ලම් කරන්න තබා බිමට වැටුනු තමන්ගේ පෑන පැන්සල වත් නැමිල ගන්න බැරි තරමේ අවාසනාවන්ත තත්ත්වයක් , ඒ විතරද වෛද්‍ය විද්‍යාත්මකව බැලුවොත් අධිරුධිර පීඩනය , හෘදයාබාධ පමණක් නොවෙයි අඩු වයසින්ම දියවැඩියාව වගේ තත්ත්වයනු ඇති කර තත්ත්වයක් මේ,
මේ පිළිබද රජයේ , විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය හරහා චක්‍ර ලේඛනමය මැදිහත් වීමක් වුනත් තමගේ දරුවගේ අනාගත නීරෝගී බවේ වගකීම , පියෙක් හැටියට , මවක් හැටියට ඔබම ගන්නා තුරු මේ ගැටලුව දිනෙන් දින උග්‍රවෙමින් ඉදිරියට යාවි ,
අපි කළ යුත්තේ කුමක්ද ,
| මේ ලොවේ සුන්දරතම ආදරය නොවේද .... |
- ඔබේ දරුවා වෙනුවෙන් මෙම සෞඛ්‍ය ගැටලුව ගැන දැනුවත් වන්න ,
- ඔබේ සම මිත්‍රයින් ප්‍රජාව මේ පිළිබද දැනුවත් කරන්න,
- ඔබේ දරුවාගේ උස සහ බර පිළිබද විමසිලිමත් වන්න ,
- ඒ සදහා B.M.I. යන දර්ශකය භාවිත කරන අතර දරුවන් සදහා වූ එම දර්ශකය පිළිබද තොරතුරු මෙම සබැදියෙන් ඔබට ලබා ගත හැකි වේවි,
- දරුවාගේ ආහාරයේදී එළවලු හෝ කෙදි සහිත ආහාර , අලුත් මාලු , කඩල වැනි දෑ සහිත ආහාර වේලක් දෙන්න , මව්වරුනි , විශේෂයෙන් පාසල් යාමට පෙර දරුවාට ඔබ ගෙදර පිසූ “එළවලුවක් බත කටක් “ උදෑසන ආහාරය ලෙස ගැනීමට හුරු කරවන්න , ක්ෂණික ආහාරයෙන් හැකි තරම් දරුවා ඈත් කරන්න , ඒ වෙනුවට අපේ රටේ වැවෙන කෙසෙල් ගෙඩියක් අඹ ගෙඩියක් වගේ පළතුරක් ගැනීමටයොමු කරන්න ,
- පාසල් කාළයෙන් පසුව හෝ දරුවාට කය වෙහෙසන ක්‍රියාකාරකම් කරන්නට “නිදහස“ ලබා දෙන්න..
- දරුවාට “මාධ්‍ය රූප වලින් පෙන්වන කෑම ආදරය නොව“ “ඔබේම උණුසුම් ආදරය “ දෙන්න , මක් නිසාද යත් “මටත් වඩා කල් මගේ දරුවා නීරෝගීව හා සතුටින් සිටීවා“ යන කාටවත් නොකියන , දරුවා වෙනුවෙන් හැම දෙමාපියෙක්ම කරන අමිළ පැතුම නිසාවෙන්
| ලාංකිය අපට හොද ආහාර වේලක් |
| මේ දරුවා නිරෝගී දරුවෙක් කිරීමේ වගකීම .......?????????? |
එසේ නම් අදට ලිපිය නිමා කරනවා , තවත් දිනකදි ඔබට වැදගත් වේයැයි සිතන ලිපියකින් හමුවනු අපේක්ෂාවෙන් ,....
මෙම ලිපිය පිළිබද හෝ මෙම බ්ලොග් අඩවිය පිළිබද
ඔබේ යෝජනා මෙන්ම චෝදනාද ගෞරවයෙන් බලාපොරොත්තු වන්නේ
එමගින් මා ලබන සතුට ,
තවතවත් මෙවැනි දේ සෙවීමටත් ලිවීමටත් පෙළඹවීමක් කරන හෙයිනි .