Showing posts with label අමතකවිම. Show all posts
Showing posts with label අමතකවිම. Show all posts

2012/04/04

91) මට මා නැති වන .....කළුවර මතකය

ජීවිතේ නියන්නේ පුදුමාකාර වෙනස්වීම් රැසක ප්‍රතිපලයක් ...කායිකව ..මානසිකව ..පාරිසරිකව ..සමාජයීයව ..ඔය වගේ විවිධාකාර මාන ඔස්සේ සිදුවන අනවරත වෙනස් වීම් මාලාවක් තමයි මෙය .. ඉතින් මේ වෙනස්විම් , වන බව දැන හඳුනගෙන , ඊට ගැලපෙන ලෙසින් හැඩ ගැසෙමින් ඉදිරියට යාම තමයි අපි කළ යුත්තේ ...විටෙක ඒ වෙනස් වීම් හිතට සතුටකුත් විටෙක දුකකුත් දේවි , සමහර විට එහෙම දෙයක් වුනාද කියන්න තරම් අපිට නෙදැනුනු වෙනස්විම් වෙන්නත් ඇති ..කෙසේ වෙතත් අපේ ජීවිතය , ජීවිතයක් කරන්නෙත් මේ වෙනස්වීමමයි ...