අද “ලෙඩ පෝසට් “ එකක් කියවන්න හිතාගෙන ආපු ඔයාට මේ මොන බණක්ද කියල හිතෙන්න ඇති ...ඔව් පොඩි බණක් තමයි ..මේ ගැනත් ටිකක් අපි හිතන්න එපායැ නේද ? ...මොකද අපිට තරුණ කාළෙ එන ..විසේට ඕව ගැන හිතෙන එකක්යැ .. ...Facebook එකේ time line එක දිගේ පහලට යත්දි මගේ ජීවිතේ වුනු විපර්යාස ගැන හිතමින් ...බලමින් යන අතරේ මෙන්න “පොඩ්ඩි“ මගේ කරේ ...“මේ ..තාත්ත පුංචි කාළේ මං වගේනේ ..“ , “හ්ම් ..ඒ කාළේ මගේ කොණ්ඩෙත් ඔයාගේ වගේ තමයි ....හැබැයි......මං ඒ කාළේ ඔයාට වැඩිය සුදුයි ....දන්නවද?......“
“ඇත්තද අම්මේ ...මේ කියන්නේ ....“ පොඩ්ඩිට වෙනද නැති ප්‍රශ්නයක් ආවා ...
“අම්ම කොහොමද අනේ ඒක දන්නේ ...ඔයාට ඒක අහන්න තිබුණෙ අහංගම ආත්තම්මගෙන් ......“ ලොකු මැද්දට පැන්න ...
“ඔයා ඉන්නකෝ ....ඇත්තද අනේ මේ කියන්නේ ...“ ...
“හ්ම් ... ඒ කාළේ සුදුයි ..පුංචි කාළේ මාත් එක්ක අව්වේ ගිහින්නේ කලු වුනේ ......“ අම්මල දූල ගේ කතාව අහගෙන මටත් හිනා....කොහොම හරි ඔක්කොම කට්ටිය මගේ වටේ .. වටේ විතරක් යැ .. එක්කෙනෙක් කරේ .... “මහේෂ් අපි අද ෆිල්ම් එකක් බලමුද ...මේ දෙන්නත් වැඩ ඉවරයිනේ .. “ මනෝජගෙන් යෝජනාවක් ...දැන් ඉතින් මගේ වැඩේ ඉවරයි ...ඒ වුනාට ඒකත් ඕනනේ .. සාමාන්‍යෙයන් සතියකට එකක් විතර හොඳ සිංහල චිත්‍රපටියක් බලන්න දැන් පුරුදු වෙලා ...“මොකක්ද බලන්නේ ....“ ....Youtube පැත්තෙන් ටිකක් search කළා ... බලපු චිත්‍රපට , ටෙලි නාටක අතරෙ හොඳට හුරු රෑප රාමුවක් අහුවුනා .....“ජීවිතයට ඉඩ දෙන්න“ ....ඔව් අපි ලංකාවේ ඉන්න දවස්වල හරිම ආසාවෙන් බැලූ , වැඩිය සද්දේ නැති , බොහොම සුන්දර කතාවක් ...
මතකද මේ ටෙලි නාටකය ...අර ...රිය අනතුරකින් පස්සේ තමා ගැන මතකය නැතිවෙලා ගිය විවාහක තරුණයෙක්ගේ කතාව ....බැලුවෙ නැත්නම් බලන්න ..ඇත්තටම ලස්සනයි .....
හරි කතාවෙන් කතාව හුඟක් දුර ගියා වගේ ..අපි ඉතින් අද කතාවේ මාතෘකාව කිව්වෙ නැහැනේ ..ඔන්න එහෙනම් ...ඔව් අද අපේ මාතෘකාව ....................ඇම්නීසියාව ......???????????? නෑ නෑ ඉන්දුනීසියාව නෙවි ...ඇම්නීසියාව ... මොකක්ද මේ ඇම්නීසියාවයි මේ කතාවත් අතර සම්බන්ධෙ .....?
ඔබ මේ නාට්‍යය බැලුවනම් මතද ඇති මේ තරුණයාට සිදුවන අනතුරකින් පස්සේ ඔහුගේ අතීතය ගැන තිබුණු මතකද නැතිව යනවා , ඔහු තමා කවුද කින එකවත් , නම ගම ...තමන්ගේ දරුව සහ බිරිඳවත් හඳුනගන්නේ නැහැ ..ඒ “තමාට තමාම නැතිවන “ මේ ගැටළුවේ වෙලිල ඉන්න තරුණයත් ...ඒ වඩා සිදුවන කතාවත් තමයි අද අපිට මේ මාතෘකාව දෙන්නේ ....
| ම්......මතක නැහැනේ ... |
මේ බලන්න මේ තත්ත්වයට ඇත්තටම මුහුණ දුන් අයෙක් කියන දේ ,
දැන් අපිට පොඩි අදහසක් තියෙනවනේ මේ තත්ත්වයේ දුක්බර ස්වභාවය ගැන ...අපි එහෙම නම් දැන් කතා කරමු මේ තත්ත්වය ගැන ටිකක් විස්තරාත්මකව ..
අපි මුලින් කීව වගේ ඇම්නීසියාව කියන්නේ “Partial or total loss of memory, usually resulting from shock, psychological disturbance, brain injury, or illness“ .. දැන් ඔබ හිතාවි අපි වයසට යත්දි , නැත්නම් අපේ ආත්තම්මලා , සීයලාට වෙන අමතකවීමද මේ කියල ..නැහැ , ඔය වයස්ගතවීමත් එක්ක වන “අමතකවීමට හේතුව ඩිමෙන්ෂියා කියන තත්ත්වය එහිදි මේ අමතකවීම සිදු වන්නේ ක්‍රමයෙන් , ටිකෙන් ටික , කෙසේ වුනත් ඩිමෙන්ෂියාවෙදි සියළු දේ අමතක වන්නේ නැතැ තරම් , නමුත් ඇම්නීසියාවෙදි ඩිමෙන්ෂියාට සාපේක්ෂව ඉක්මණින් හෝ එකවර සියල්ල අමතකව යන , නැවත මතකයට නගා ගත නොහැකි තත්ත්වයකට පත්වෙනවා .ඒත් මේ දෙන්නම එක ළඟ යාළුවෝ ..
| ගබඩාව ... |
අපි කිව්වනේ මේකට හේතු ගණනාවක් තිබෙනවා කියලා , එ නිසාම මේකේ වර්ග ගණනාවකුත් තිබෙනවා , අපි නිකමට වගේ බලමුද මේ වර්ග ටික ගැනත් .....
ඔබට මතකද රිය අනතුරු වලට ලක්වෙච්ච අපේ මිතුරන් කියනවා , ඊට පස්සේ මොකක් වුනාද මතක නැහැ , දන්නේ නැහැ කියල ..ඒ තමයි තාවකාළීකව(Transient) ඇතිවූ Anterograde amnesia කියන තත්ත්වය , අනෙක් වර්ගය තමයි මේ හුඟක් චිත්‍රපට වල කතාවෙන්නේ , ඒ කියන්නේ අනතුරක් වෙනවා , ඊට පස්සේ අනතුරක් ලක්ූ කෙනාට ඊට පෙර කාළයේ සියල්ල අමතක වෙනවා , තමන් කවුද ? , නම ගම , සියල්ල නැතිව යන මේ තත්ත්වය වෛද්‍යවිද්‍යාවෙදි නම් කරන්නේ Retrograde Amnesia කියලයි ..
තව “ලස්සන අමතක වීමක් තියෙනවා “ ඒ තමයි Lacunar amnesia මේ අයට හැම දේම මතකයි හැබැයි ඒ අතරේ සිදුවූ යම් දෙයක් ගැන කිසිම මතකයක් නැහැ ..සමහර විට විවාහ වු දිනයේ වූ දේ කිසිවක් මතක නැති වෙන්න පුළුවන් , නැත්නම් පාසල් කාළයේ කිසිම දෙයක් මතක නැති වෙන්න පුළුවන් ...ඒ අසාමාන්‍ය තත්ත්වය තමයි Lacunar amnesia කියන්නේ ..
ඔය වගේ කියාගෙන ගියාම දිග ලිස්ට් එකක් ලියන්න පුළුවන් , ඒත් ඕක කියවගෙන යන්නත් එපායැ නේද , අන්තිමට “සොඳුරු සුව අසපුව“ කියන බ්ලොග් එක ගැන Lacunar amnesia ඇති වෙන්නත් බැරි නැහැ . ඒ නිසා දැන් අපි මෙතැනින් තව තැනකට පනිමු ..
මේක මුලින්ම හඳුනගන්නේ මේ පුද්ගලයාගේ ළඟම අය , ඒක වෙනසක් බව හඳුනගත්තට පස්සේ වෛද්‍යවරයෙක් ළඟට යොමු වුනාට පස්සේ ඔහු කරන මූලික පරික්ෂා කිහිපයකින් හරියටම මේ මොකක්ද කියල හඳුනගනීවි , එය තහවුරු කරගන්නට මොළයේ MRI ,CT වැනි ස්කෑනින් පරික්ෂණ කරන්නට ඉඩ තිබෙනවා .
ඊටත් වඩා අවශ්‍ය වුනොත් අක්මාවේ ක්‍රියාකාරීත්වය සහ රුධීරයේ ලවන ප්‍රමාණ අගය කෙරෙන රැධිර පරික්ෂණ කිහිපයකුත් කරන්නට ඉඩ තිබෙනවා . ඒ එක්කම මොළයේ අසාදනයක් නම් කොන්ද විදල කරන පරික්ෂණය (සුෂුම්නා තරළය සුළු ප්‍රමාණයක් ගෙන ) කරන්නට පුළුවන් .මේ තත්ත්වයට හේතුව මොළයේ ලේ ගමනාගමනයේ ප්‍රශ්නයක් නම් Cerebral angiography කියන විශේෂිත එක්ස් කිරණ ඡායාරූප ගන්නත් පුළුවන් .
ඕං කතාව ඉවරයි ..දැන් “මතකෙයි“ මුලින් කියපුවා ........එහෙනම් බය වෙන්න එපා ...ඇම්නීසියා නැහැ වගේ ..
එහෙනම් වෙන දවසක ලෙඩක් දාගන්න කතා කරමු , අදට සමුගන්නම් .