“ගැටළුවක් තිබේ....“ ....Google talk එක පැත්තෙන් පණිවිඩයක් මතුවුනා , ...
“බබාගේ කකුල් , නාහේ එහෙම හදන්න එපා කියනව නේද?ඒත් බලත්දි හැමෝම හදනවනේ ....! ....“ ..මෙතැනින් පටගන්න කතාව විනාඩි දොළහක්ම ගියා ..ඒ කතාවෙන් මට හොඳ වටින දෙයක් හම්බ වුනා , අන්න ඒ තමයි අද ලිපියේ මාතෘකාව වෙන්නේ ,
ඔව් , අපේ හුඟක් වැඩිහිටි අය කියනවා “පොඩි එකාගේ “ කකුල් ඇදල අත ගාල හැදුවේ නැත්නම් ඇද වෙනවා! “ ...ඒ නිසා අත්තම්මල පුංචි එකාගේ නාහේ මිරිකළ ඇදල හැඩ කරනවා , කකුල් තෙල් ගාල ඇද අරින්න හදනවා ...මේ දෙවල් මෙහෙම සිද්ද වෙනවා , නමුත් මේ ක්‍රියාවේ වෛද්‍ය විද්‍යාත්මක ප්‍රථීපලයක් නැහැ , හැබැයි අම්ම , තාත්ත , ආදරේට පොඩ්ඩව නැත්නම් පොඩ්ඩිව අතගාල , පිරිමැදල හාදුවක් දෙන එක හරිම වටිනවා , මොකද ඒ උණූසුමට , ස්ඵර්ශයට පැටිය හරිම කැමතියි ,
හැබැයි අද මම කතා කරන්නේ මීට වඩා වෙනස් තත්ත්වයක් ගැන , ඒ තමයි උපතෙදිම දරුවගේ පාදයේ පහළ කොටසේ සිදුවන විකෘති තත්ත්වයක් , මේකෙදි වෙන්නේ පාදය පැත්තකට ඇඹරිලා වගේ පිහිටීමක් , තව විදියකින් කිව්වොත් කකුලේ යටි පතුල හරියට පොළොවෙ වදින්නේ නැහැ , පැත්තකට ගිහින් , ඇතුලට නැමිලා වගේ ...මේ කියන දේ පැහැදිලි නැත්නම් මේ පිංතුරේ බලල ඉන්නකෝ ...
දැන් මතකද මෙහෙම දරුවන් ඔබ දැකළ ඇති , සමහර විට මග තොටේදි , නැත්නම් රෝහලේදි ...මෙන්න මේ පාදයේ විකෘතිතාවය අපි වෛද්‍ය විද්‍යාවෙදි නම් කරන්නේ ..Congenital talipes equinovarus නැත්නම් කෙටියෙන් CTEV කියල ..දිග වැඩියිනේ ..අපි මේකට කියන අනිත් නම් මතක තියා ගනිමු , ඒක ලේසියි ..Clubfoot ...එහෙමනම් අපි දැන් කතාව පටන් ගනිමු Clubffoot ගැන...
ලෙඩේ ගැන කියන්න ඉස්සර වෙලා , තැන ගැන ටිකක් කතා කරල ඉමුකෝ .. බලන්න මේ නම් කළ පාදයේ රූප සටහන , අපැහැදිලියි නේ ? ..ඔව් අපැහැදිලියි , මොකද පාදයේ ක්‍රියාකාරීත්වයට එක්වන , අස්ථි , පේෂි , ස්නායු , බන්ධනී ආදිය ඔක්කොම හඳුනාගන්න විදියට පිංතූරයක් දාන්න ගියොත් මේ මුලු ලිපියම පුරා කකුල පුරවන්න වේවි , ඒතරම් සංකීර්ණ , ඒ වගේම එකිනෙක සමානුයෝජනයක් සහිතව කටයුතු කරන ඒකකයක් තමයි පාදය . ඉතින් මේ යම් කොටසක ක්‍රියාකාරීත්වයේ වෙනසක් , දුර්වල වීමක් වුනොත් අපිට නිසි ලෙසින් පාදය පොළොවේ තබන්නට බැරි වෙනවා , ඒ විතරක්ද , අපේ සෘජු කාය විලාශය පවත්වා ගන්නත් අමාරු වෙනවා . අනෙක දන්නවනේ , අපි හිට ගෙන ඉන්නකොට , ඇවිදින කොට අපේ ඇඟේ මුළු බර දරන්නේ මේ පාද දෙක , ඉතින් එහි යම් අඩුවක් වුනොත් , මුළු ඇඟටම ඒක අපහසුවක් , “ඇඟේම ලෙඩක් “ බවට පත්වෙනවා , ඒ නිසා මේ කරුණ ගැනත් ටිකක් අපි අවදානය යොමු කරමුනේද ?...
ඔව් දැන් අපි දන්නව CTEV කියන්නේ උපතින්ම ඇතිවන , පාදයේ විකෘතිතාවක් බව , දරු උපත් දහසකින් එකක් මේ තත්ත්වයට පත්වෙන්න පුළුවන් බව අද හදුනාගෙන තිබෙනවා , එයිනුත් කොළු පැටවුන්ට අවදානම ටිකක් වැඩියි , ඒ විකෘතිතාවය එක් කකුලකට පමණක් සීමා නොවී පාද දෙකේම පවතින්න ලොකු ඉඩක් තිබෙනවා , මේක උපතේදිම පෙන්වන ලක්ෂණයක් නිසා , දරු උපතින් පසු බබාව බලන ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා මේ තත්ත්වය ඉතාමත් පහසුවෙන් හඳුනගන්නවා , නමුත් ඊට ඉස්සර වෙලා ... ඒ කිව්වේ බබා ලැබෙන්න මාස දෙකකට විතර ඉස්සරදි Scanning පරික්ෂණය කරනකොටම මේ තත්ත්වය “ලැබෙන්න ඉන්න දරුවට තිබේ දැයි“ දැනගන්න පුළුවන් . කොහොම වුනත් මේ විකෘති තත්ත්වය හදුනානොගෙන මඟ හැරෙන්න තිබෙන අවස්ථාව විරළයි , ඔබේ වෛද්‍යවරයා , නැත්නම් වෙනත් සෞඛ්‍ය නිළධාරියෙක් මේ තත්ත්වය හදුනාගන්නවා , ඒ නිසා අළුත උපන් දරුවත් එක්ක ගෙදර එන්න ඉස්සර වෙලා , මේ ගැටළුව ගැන සහ කළ යුතු ප්‍රතිකාර ගැන ඔබ දැනුවත් වේවි , කොහොම වුනත් මේ Clubfoot වල උග්‍රතාවය අනුව ප්‍රධෘන අවස්ථා හතරකට බෙදන්න පුළුවන් , ඒ අනුව Grade 1 ඉඳළ IV වෙනකම් වර්ග කරනවා.
කොහොමද මේක වෙන්නේ ? ..අපි මීට ටිකකට ඉස්සර වෙලා කීවනේ පාදය සැකසෙන්නේ පද්ධති ගණනාවක සාමුහික එකතුවකින් කියලා , ඉතින් මේ යම් පද්ධතියක , නැත්නම් කිහිපයක වෙනසක් නිසා තමයි CLubfoot ඇති වන්නේ ..සමහර විට ඒ ප්‍රෙද්ශයේ ස්නායු ක්‍රියකාරීත්වය , ඒ සමඟම පේෂී වල දුර්වලතාවයක් ඇතිවීම හේතු වෙන්නත් පුළුවන් , නමුත් බොහොම අවස්ථාවල සිදු වෙලා තිබෙන්නේ පාදයේ පේෂි , අස්ථි වගේ දේවල් එක්නෙකට ගැට ගහන “ලණූ වගේ“ පටක වල විකෘති වීම් ,
![]() |
| ගර්භාෂයේ ඉන්න කාළෙම කකුල බලන හැටි |
දැන් මේ ලෙඩේට ප්‍රතිකාර කරන්නම ඕනද කියල ඔබ අහන්නේ නැහැ , මොකද අපිට තේරෙනවා මේ තත්ත්වයට ප්‍රතිකාර නොකළොත් අනාගතේදි දරුවට පොළොවේ “පය ගහල “ ඇවිදින්න බැරි වග , ඒ නිසා මේ තත්ත්වය හඳුනගෙන නිසි කාළයේදි , නිසි ප්‍රතිකාරයට යොමු වීම අවශ්‍යමයි , ඔව් ...මේ පොඩි එකාට වදයක් දෙන්නේ කොහොමද කියල ඔබ හිතාවි , නමුත් ....මේ “පුංචි කරදර“ ටික කරල , දරුවගේ පාදයේ විකෘතිතාව සම්පුර්ණයෙන් , නැත්නම් කල හැකි උපරිම සාමාන්‍ය තත්ත්වයට ගන්න එක දෙමාපියන් විදියට ඔබේ යුතුකමක්
| කාළෙන් කාළෙට දාන ප්ලාස්ටර් ... |
| විශේෂ ප්‍රතිකාර වුනාට “විසේ“ අඩු කරනේ කෝමැයි |
ඔන්න එහෙමනම් අදත් අපි පොඩි ලෙඩක් දාගත්තා , කියවල යමක් දැනගත්තා නම් සතුටුයි , හැබැයි තවත් වටින්නේ දැන ගත්ත දේ තවත් කෙනෙකුට කියා දෙන්න පුළුවන් නම් , මොකද ඒ සතුට මිල කරන්න බැරි සතුටක් ....
අවුරුදු උණුසුම නිසා මීට ඉස්සර වෙල දාපු post එකේ ලස්සන සිංදුව (නොදොඩා මුවින් හමුවි දෙනෙතින් ) ඇහුවෙ නැත්නම් මෙතැනින් ගිහින් ඒකත් අහලා යන්න පුළුවන් ....කොහේ යන්නද ... ????
ඔව් යන්න ඕනම තැනක් තියෙනවා , ඒ 22දා , වැල්ලවත්ත කුරේ ක්‍රීඩාංගනයට ... මොකටද ? ...අහන්නත් දෙයක්ද? ...ඒ සයිබරයේ සිහින බක්මහ උළෙලට ...අපිට යන්න වාසනාවක් නැතත් , අපි සුබ පතනවා සයිබර් අවකාශයේ සියළුම හිතවතුන්ට ...තව විස්තර මෙතැනට ගිහින් කියවලම බලන්නකෝ ..
එහෙම නම් සුබ දවසක් වේවා ..මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි .... මේ ඇහුනද ? ......යන ගමන් බ්ලොග් එකේ අයින දිගේ බලාගෙන යන්න හැමෝගෙම පරිස්සමට වැදගත් වෙයි කියල හිතෙන RSS feeds ටිකක් එකතු කළා , පලක් ඇත්නම් නෙලා ගන්න ....
.jpg)

