Showing posts with label අස්ථි ආබාධ. Show all posts
Showing posts with label අස්ථි ආබාධ. Show all posts

2012/04/18

93) අත නොගාන පිරිමි කකුල ..

එහෙම නම් අළුත් අවුරුද්දේ “ආයුබෝ .....“ කියල අළුත් post එකක් ලියන්නයි පටන් ගන්නේ ..කියන්න එපායැ , මේ පෝස්ට් දැමිල්ලත් පොඩි සෙල්ලමක් වගේ , මොකද ලියන්න යමක් , හේතු සාධකයක් මතුකර ගන්න එපායැ . හේතුය මම ලියන මේ කතා නව කතාවක් වගේ දිගට ගලා යන්නේ නැහැනේ , දවසින් දවස “මොකක් හරි “ අළුත් දෙයක් ලියන්නයි හිත , ඒත් මේ මාතෘකා , පොතක් කියවනව වගේ කියවගෙන යන්න තිබුණොත් දිගටම කියවන්න කැමැත්ත ඇතිවෙන්නේ බොහොම ටික දෙනාටයි , මොකද හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නේ , “අපිට ඔය ලෙඩ නැහැ , අනෙක ලෙඩ වුනාම ගිහින් බෙහෙත් ටිකක් ගන්න පුළුවන් නේ ,“ කියල ..නමුත් මම දන්නවා මේ කියනව ඔබ , ඔබ ගැන පරිස්සම් වෙන්න කැමති , ලෙඩක් දා ගන්න ඉස්සර වෙලා , එයින් ගැලවෙන්න පුළුවන් මඟක් තිබේනම් ඒ මඟගන්න කැමැති කෙනෙක් බව ...ඔව් ඉතින් ඒ නිසානේ “මේ බයිලා“ කියවන්නේ නේද ?...

2011/07/30

39) උකුළු මුකුළු දාල ගන්න රිදෙන උළුක්කු ..

ඊයේ 29දා මගේ ජීවිතයේ තවත් එක්තරා විශේෂ දිනයක් , ඒ මගේ සිසු කණ්ඩායමක් එක්ක විනෝද චාරිකාවකට යන අවසන් දිනය , මේ සඳහා වසරට නියමිත තවත් ඉදිරියේ වුනත් මේ දරුවන්ගේ ඉල්ලීම නිසා මගේ විදේශ ගමනට ඉස්සර වෙලා මේ චාරිකාව හදිසියේ සුදානම් කරල තිබුණ , මේ නිසයි ඊයේ මගේ ලිපිවලට යොමු කරන අදහස් වලට ප්‍රතිචාර දක්වන්නට ප්‍රමාද වේය කියල මම කීවේ ,