උදේ පාන්දරම මම ගියා , ඒ වෙනකොට සියල්ල සූදානම් , විශේෂයෙන්ම අපේ ඉංග්‍රීසි ගුරුතුමා , සුජීව මහත්තයා හරිම ලස්සනට වැඩ කටයුතු සියල්ල සංවිධානය කරල තිබුණ , (වෙනදට නම් මේ මුළු බරම මම අදින්න එපායැ , අද මම හරිම නිදහස් , )
හරියටම 4.45 ට ගමන ආරම්භ කළා , දැන් ඔන්න අපි යනවා රත්නපුරේ බලා .. කවුරු කවුරුත් ඉතින් චාරිකාවේ විනෝදය ගන්න සුදානම , අපිත් ගිහින් අත්පොළසමක් හෙම දීලා උනන්දු කළා , අපේ උත්තේජනයත් එක්ක මෙන්න මුළු බස් එකම නටනවා , ඇත්තටම බස් එකත් නැටුවා , අපරාදේ ෂීට් ටික , කිසි කෙනෙක් ෂීට් වල නැහැවගේ , හැමෝම සිංදු යනවා ,නටනවා , හරිම සුන්දරයි , යොවුන් ජවයේ සොඳුරුතම නිමේෂයක් , කිසි මහන්සියක් නැහැ , ඇත්තෙන්ම මේ තමයි යෞව්වනයේ සොඳුරුම රිද්මය මට හිතුනා, හැමෝගෙම හිත් සතුටින් පිරිල ,
දැන් වලස්මුල්ල මිද්දෙනිය පහු කරගෙන බස් එක ඇදෙනවා , ඇදෙනවා කිව්වට පියාඹනවා වගේ , රියදුරු මහත්තයත් තරුණ කොළු ගැටයෙක් , ඒ නිසාද මන්ද ටිකක් වේගයත් වැඩියි වගේ .ඒ ගැන කිසිම හැඟීමක් නැති අපේ කට්ටිය එක රැල්ලට නැටුමේ ගැයුමේ ,
“මන්ද නාව කාරනාව..යන්න අපේ වන්දනාව ....මට හරි..පා.......,“
| දකුණූ කකුළ පෙරට තබා පැන්න නේද ....හරකා! |
.“මොකක්ද වුනේ , ............“ සුජීව මහත්තයට කෑගැහුනා ....
“හරකෙක් පැන්න මහත්තය , මොනව කරන්නද මං බ්රේක් ගැහැවා , නැත්නම් ඌත් ඉවරයි , ගමනත් ඉවරයි ,..“ රියදුරු මහත්තය කියනවා ..
“හ්ම් ..මොනවා කරන්නද ,කෝ මොකද අපේ කට්ටියට ....“
මෙන්න කවුරුත් හිනා වෙනවා , කිසි ගානක් නැහැ , බස් එක ආයෙ පණ ගන්වන්නත් කළිත් පටන් අරගෙන නැටිල්ල ....
![]() |
| දවල් කෑම කාපු තැන ලස්සන ...! |
“සර් මේ වත්සරණීගේ කකුලට මොකක්ද වෙලා , ටිකක් ඇවිදින්න අමාරුයි වගේ , අපි බස් එකේ ඉඳගෙනම කන්නද ?....“ ....
ගිහින් බලන කොට කකුලේ විළුඹ ටිකක් ඉදිමිලා , මට නම් හිතෙන්නේ Sprain එකක් වගේ , “ මොකද වුනේ ? “
“ස්ර් අර බස් එක ලොකු බ්රේක් පාරක් ගැහුවේ , ඒ වෙලාවේ වත්සරණී කරකැවිලා ගියා , අපි නට නටනේ හිටියේ “ යළුවෝ දෙන්න විස්තරේ කියනවා , කොහොම හරි මේ දරුවගේ කකුළේ Sprain එකක් වෙලා තිබුණා , ඒත් අර මුලින් කී යොවුන් ජවය නිසා ගන්න අරගෙන නැහැ , දිගටම නට නට ඇවිල්ලා , දැන් ටිකක් ඉදිමිලා , අපේ චමින් දරුවා පොඩි ප්‍රතිකාරයක් දීලා බැන්ඩේජ් එකක් එහෙම දැම්ම , ටිකක් වෙලා කෙඳිරි ගගා හිටපු කෙල්ල මෙන්න ආයෙත් නටනවා සිංදු කියනවා ...මොනවා කියන්නද ? මේ සොඳුරු යව්වනයේ ජවය නොවැ ...
මගේ පෙර කතාව ටිකක් දිග වැඩිද මන්ද ? ඒත් වෙච්චදේ කියන්න එපායැ නේද ? මොකද ඔය හැමෝමත් මගේ පවුලේ වගේමයි මට දැනෙන්නේ , ඉතින් ඒකයි මේ හැම කතාවක්ම ඔයාලත් එක්ක කියන්නේ ,
අපි දැන් කතා කරන්න පටන්ගන්නේ Sprains කියන තත්ත්වයත් Stains කියන හදිසි අනතුරත් ගැන , හැබැයි සමහර විට මේ වෙනකොටත් ඔබ දන්නව ඇති , අපි ඔය සාමාන්‍යෙයන් කියන්නේ “උළුක්කු වුනා , එහෙම නැත්නම් කකුළ පෙරළුනා කියල , ඔන්න ඔය තත්ත්වයන් තමයි අපේ අද මාතෘකාව ,
| බොන්න තේ එකක් ... |
![]() |
| මෙන්න ටෙන්ඩන් එකක්.. |
| මේ ලිගමන්ට් |
එතකොට Strain කියන්නේ මොකක්ද ? ඕව් , අපි කතා කළානේ පාප්පයක් ගැන , ඒ කිවවේ අර පේෂී , අස්ථියට තියල අලවල , ගැටගහන පටකයක් ගැන , tendon කියල කිව්වේ අන්න ඒ පටකය , එහි සිදුවන ඉරීමක් හරි වැඩි ඇදිමක් හරි (ඒ එක්කම එම පේෂියේ සිදුවන ඉරීම) තමයි මේ Strain කියල කියන්නේ , සිංහල පදය “උළුක්කුව“strain is a stretching or tearing of muscle or tendon
| මෙන්න හීල් හයිකරන ඒවා |
දැන් අපි බලමු මෙහෙම වුනොත් මොනවද ඇති වන ලක්ෂණ කියලා , ආයේ ඉතින් කියන්න දෙයක්ද , මුල්ම දේ තමයි වේදනාව, ඒ හරිය අල්ලන්න බැරි තරම් වේදනාවයි , ඒ එක්කම උළුක්කු වෙච්ච හරිය ඉදිමෙන්න පටන් ගන්නවා , සමහර විට එවෙලේම වෙන්නත් පුළුවන් , සමහර අවස්ථාවල පැය කිහිපයක් ගියාම තමයි ඉදිමුමක් අඳුන ගන්න පුළුවන් වෙන්නේ , මේ එක්කම මේ කරදරය වෙච්ච හරියේ ගැටයක් වගේ අහුවෙන්නත් පුළුවන් , මොකද තුවාල වෙච්ච පේෂීය වේදනාවට ඇකිලීමක් වගේ spasm වෙනවා , අනෙක් ලක්ෂණය ඉතින් දන්නවනේ , මෙහෙම වුනාට පස්සේ ඒ කකුළ , නැතනම් ඒ ප්‍රදේශයේ චලන හැකියාව අඩු වෙනවා , වෙනද වගේ ඇවිදින්න බැහැ , ඒකනේ අපේ වත්සරණී දුව කොර ගහ ගහ යන්නේ ,
දැන් ඉතින් මොකදෑ කොරන්නේ , ? මෙහෙම දෙයක් වුණු ගමන් ඉස්පිරිතාලෙට , තාලෙට කොරගහ ගහ එන්න එපා , පොඩි අත්බෙහෙත් තියෙනවානේ , ඇත්තටම මොකක්ද කරන්න ඕන ,
“හාල් බඳින්න ඕන “.....
දැන් කට්ටියම මගෙන් අහවි “ මොකක් , හාල් බඳින්න ...? “
| කකුලට නිවාඩුවක් ...දෙන්න |
කරන්න ඕන මේකයි මුලින්ම අනතුරට ලක්වුනු තැනට විවේකයක් දෙන්න , නවන , නැවෙන තැනක් නම් ඒ චලනයන් සීමා කරවන්න , බර දරන තැනක් නම් පුළුවන් තරම් එතැනට එන බර අඩු කරගන්න උපක්‍රම ගන්න ,
ඊට පස්සේ පුළුවන් නම් ඒ ප්‍රදේශයට ice කැට ටිකක් තියන්න , ඔය සෙලෝෆේන් බෑග් එකක් ඇතුලට අයිස් කැට ටිකක් දාල අර උළුක්කු වූ තැනට උඩින් ටික වෙලාවක් තියාගෙන ඉන්න , එතකොට ඉදිමෙන එක වගේම අර පේෂිය ගැටයක් වගේ තද වෙන එකත් අඩුවෙනවා , ඒ වගේම ඇතුලට පොඩි හරි ලේ ගැලීමක් තිබුණොත් ඒකත් අඩු වෙනවා ,
| බැන්ඩේජ් එකක් දාගන්න .. |
දැන් ඔබ සාමාන්‍යයෙන් භාවිත කරන වේදනානාශක පෙති වර්ගයක සාමාන්‍ය මාත්‍රාව (උදාහරණයක් විදියට Paracetamol පෙති උපරිමව දෙකක් හෝ බරට අනුව ) ගන්න , හැබැයි වේදනාව වැඩියි කියල වැඩි පුර පෙති ගන්නවත් , ඉක්මණින් නැවත ඊළඟ පෙති වාරය ගන්නවත් එපා , මේ ගැන කියවන්න
| දැන් ඉතින් rest තමයි |
(plaster of paris ) cast එකක් දාල ඇඳ විවේකය bed rest කරන්නත් , අත්වාරු වැනි උපකරණයක් භාවිත කරන්නත් (බය වෙන්න එපා ටික දවසකට) වෙන්න පුළුවන් ,
කොහොම වුනත් ලොකු කරදරයක් නොවී අපි චාරිකාව ගිහින් ආයෙත් ගාල්ල එනකොට රෑ දෙකයි , බස් එකෙන් බහින්න ටික වෙලාවට ඉස්සර වෙලා දුවෙක් මා ගාවට ඇවිත් පිටු දෙසීයෙ විතර මොනිටර් පොතක් දුන්න ,
“මොකක්ද දුවේ මේ ?....“ මම ඇහැව ....
“සර්ට ලියපු කවි ටිකක් , අපි සර් ආයෙ දකින්න ලැබෙන එකක් නැහැනේ ...ඒකයි අදම ගෙනාවේ ...“ කෙළි පැටික්කි අඩ අඩ කීවා ....“දුවේ , මම ආයේ උගන්වන්න නාවත් ඔයාලත් එක්ක ඉන්නව හැමදාම , අනෙක් skype වලින් හරිම සතියකට දවසක් ඔයාලට කතා කරන්නම්කෝ , පුළුවන් වුනොත් අපි ඒ විදියට lecture කිහිපයකුත් කරන්නම්කෝ ....නේද සුජීව මහත්තයෝ ..“ මේ සිද්ධිය දිහා බලාන හිටිය , මේ ආයතනයේ මට තිබූ බර කරට ගත්ත අපේ අළුත් සම්බන්ධීකරණ නිලධාරි , ඒ වගේම ඉංග්‍රීසි ගුරුතුමා සුජීව මහත්තය දිහා බලාගෙන මම ඇහැව්ව , ඔව් කියන්නට හිස වැනුවත් “ඒත් සර් ....සර් නැහැනේ අපිට .......“ මේ කෙළි පැටික්කි කියනවා ...
“ඇත්තටම මේ ආදරණීය , අහිංසක පුංචි පැටවු ටික දාල වෙන රටකට යන්නේ කොහොමද? කියල හිතුනු අනන්තවාර ගනනට තවත් එක් වාරයක් එකතු වුනා “ ඒත් මට එය කරන්නම වෙනවා , එහෙම නම් අද ලිපිය නිමා කරන්නම් , ඒ ලස්සන පද වැලකින් , අර කෙළි පැටික්කි දිපු පොතේ අන්තිම කවිය , ඇත්තටම මගේ හිත සසල කළ මේ පද වැල ගැන ටිකක් හිතන්න , පුංචි දරුවන්ගේ ලෝකය කොයිතරම් අවංක , පිරිසිදු සහ ඒ ප්‍රාර්ථනා කෙතරම්ම අහිංසකද කියලා ...
“එන්න තාත්තේ ...එක්පාරක්වත්
පැටවුන්ගේ නෙත් මානයට ....
ඇවිත් ඉස්සර වගේ ...
හිනාවෙලා කියන්න අපට ...
දරුවනේ , මම යන්නේ නැහැ කියල ....“

