 |
| බයිසිකලෙත් අමුනං යන අපේ බස්.. |
“තාත්තේ බස් එකක් තියෙනවා හතරයි තිස්පහට...., ...දැන් හතරයි විසි පහයි ...යන්න පුළුවන් ........මාත් එන්නද රිස්වි අංකල්ගේ ගෙදර යන්න ...මට අක්කිත් එක්ක කතා කරල එන්නත් පුළුවන් නේ ...“ ගෙදර ඇවිත් කෑම කන අතරේ , ලොක්කි Google map එක බලාගෙන bus route හොයනවා , මොකද තව ටිකකින් මම යන්න ඕන අපේ මිත්රයෙක්ගේ ගෙදර , ඔවුන් අද රෑට කිලෝ මීටර් හාරදාහක් විතර දුර ගෙවාගෙන වෙනත් පළාතකට යන්න යනවා පදිංචියට , Alberta කියන කැනඩාවේ ඉහළ , සීතල ප්රෙද්ශයට . ඉතින් අපේ මිත්රයෝ ටික ඔක්කොම තව ටිකකින් ඒ Apartment එකට එන්න කතා කර ගත්තා , ටිකක් උදව් කරන්න , මොකද රටේ එක පළාතක ඉඳළ තවත් පළාතකට move වෙනවා කියන්නේ යුද්දයක් තමයි . මේ වෙලාව වෙනද වගේ විවෙක් පාඩුවේ කතා බහ කරන්න තරම් හොද වෙලාවක් නොවෙන නිසා ලොකුගේ ඉල්ලීම ප්රතික්ෂේප කරන්නම වෙනවා...“ අද බැහැ දූ , දැන් එතන කතා කර කර ඉන්න වෙලාවක් නැහැ , මායි , ඩොනවන් අංකලුයි , අපි කට්ටියම බඩු ටික අස්කරල දීලා ඉක්මණට එනවා , එයාල හෙට උදේ පාන්දරින්ම යන්න ඕනනේ ...“