 |
| අපේ රටේ හඬ සම්පතක් ... |
අද හවස training session එක නිසා උදේ වරුවම ගෙදර ...පොඩ්ඩො දෙන්නත් ඉස්කෝලේ ගිහින් , මනෝජ Driver's Handbook පොත බැහැලම කියවනවා ..මම අන්තර්ජාලය තුල ටිකක් එහෙ මෙහෙ ගිහින් “හොඳ සිංදු“ ටිකක් අහනවා ... “මල් සුවඳට බඹරු එනවා ..බඹර නදට නෙත් වැහෙනවා....“
අමරසිරි පීරිස්ගේ ලස්සන සිංදුවක් ... හඩ , පද , තනුව වගේම රූප රචනයත් මට හිතුන විදියට ලස්සනයි ..සරළයි ...බොහොම සැහැල්ලුවෙන් ගීතය රස වින්ද ...
ඒ රූප රාමුවක තියෙනවා ඇඳුම් තෝරන සිදුවීමක් ..මට මතක් වුනා අපිට තව ජැකට් කීපයක් ගන්න තියෙනවා , අද හොඳ දවස ඒකට ...