| අපේ රටේ හඬ සම්පතක් ... |
ඒ රූප රාමුවක තියෙනවා ඇඳුම් තෝරන සිදුවීමක් ..මට මතක් වුනා අපිට තව ජැකට් කීපයක් ගන්න තියෙනවා , අද හොඳ දවස ඒකට ...
| මේ දවස් ටිකේ පාඩම් පොත |
“බලමු අද කොහොමද ගනන් කියලා ...“ මනෝජ හැමදාම වගේ flyer එක කියවනවා ..ඕකෙන් තමා අද දවසේ බඩු වල මිල ගණනන් ... මිල අඩු කළ විස්තර වගේ ඔක්කොම හොයා ගන්නේ ..ඊට පස්සේ අපි ඇතුලේ පොඩි රවුමක් දාල ගෙදරට ඕන කරන අඩුම කුඩුම ටිකකුත් දාගෙන ගියා ඇඳුම් ගන්න ....එක ඒක ජාතියේ ඇඳුම් ...අත දරුවගේ ඉඳළ හැමෝටම ...හැබැයි මිල නම් ඉතින් ඉහලයි ...ලංකාවේ රුපියල් තුන් සීයට විතර ගන්න පුළුවන් T-Shirts වල මිල ඩොලර් 18ක් විතර .(රුපියල් 2000ක් විතර ටැක්ස් එක්කම .. , ලැබෙන වැටුපට සාපේක්ෂව බැළුවම කෑම බීම , වාහන පරිගණක , ඉන්ධන හැමදේම ලංකාවේ මිලට වඩා අඩුයි ...ඒත් ඇඳුම් නම් ...!!!!)
| මේං අපේ කඩේ .... |
“හ්ම් ...ඇත්තමයි මං ඒ ,ඕක අඳිනකෙනාට නං sure එකට fatty ලිවර් ඇති ...“ .....
| ඇඳුම් ගොඩක් ගේන්න .. |
දැන් හිතා ගන්න පුළුවන්ද අද මගේ කතාවේ මාතෘකාව ....පුළුවන් නම් හොයන්න ...
ඔව් fatty liver ...ඒ තමයි අද මට මේ සටහන ලියන්න උල්පන්දම් දෙන “චවන දෙක“...
| තෙල් කෑල්ල ...... |
| අපරාදේ ලිවර් එක නරක් කරගන්නේ |
ඉතින් අපි දැන ගන්නේ කොහොමද අපිට Fatty liver අවස්ථාව තියෙනවද නැත්ද කියල ...? ඇත්තටම මේක ලොකු ප්‍රශ්නයක් , විශේෂයෙන්ම අපේ වගේ නියමිත කාළයකට වතාවක් වෛද්‍යවරයෙක් ලවා තමන්ගේ සාමාන්‍ය දේහ පරීක්ෂාවක් නොකරගන්නා රටවල ඉන්නා අයට , මොකද අපි පුරුදු වෙලා ඉන්නේ ලෙඩ උනාම “දොස්තර මහත්තය ගාවට යන්නනේ ...ඒත් නිසි වයසට නිසි කළට පුර්ව වෛද්‍ය පරීක්ෂණ Regular general body checkups කරන්නවා නම් මේවා හඳුනගන්න පුළුවන් . එතැනදි ඔබේ සාමාන්‍ය දේහ පරික්ෂාව කරන විට හදුනගන්න වෙනස්කම් එක්ක , Ultra Sound Scanning එකක් කළොත් පළමු හදුනාගැනීම මෙයින් කරන්න පුළුවන් , ඊට අමතරව අක්මාවේ ක්‍රියාකාරීත්වය මනින S.G.OT. , S.G.P.T , Serum Albunim/Billirubiin වගේ රැධිර පරික්ෂණත් ඊට දායක කරගන්නට පුළුවන් , තවත් ස්ථිර කරගන්න නම් අක්මාව ඇතුලට පුංචි කටුවක් ඇතුළු කරලා ඉන් පටක කෑල්ලක් අරගෙන Liver Biopsy එය අන්වීක්ෂයෙන් බැලුවාම ඇත්තම තත්වේ කියන්න පුළුවන් .(හැබැයි මේ තරම් සංකීර්ණ පරීක්ෂණ වලට යන්නේ නැති තරම් )
මේකට හේතුව N.A.F.L.D නමින් කෙටියෙන් හදුන්වන මේ තත්ත්වය උග්‍ර අතට හැරෙනකම්ම අපිට වෙනසක් , රෝග ලක්ෂණයක් නොපෙන්වන තරම් . මීට අදාල ලක්ෂණ නේවන අවස්ථාවට එනකොට වැඩේ ටිකක් ඔඩු දුවල වෙන්න පුළුවන් , (එත් බය වෙන්න එපා , මේ තත්ත්වය මුල් අවස්ථාවන් නිසි ප්‍රතිකාර සහ ජීවන රටා වෙනස් කිරීම් මගින් නැවත නිවැරදි කර ගන්නට පුළුවන් )
අනෙක මේ තත්තවයේදි එන ලක්ෂණ අපිට ඉතින් නිකුනුත් එනවා වගේ .ඒ කිව්වේ ඇගේ පතේ අමාරු ගතියක් , බඩේ ඉහල ප්‍රෙද්ශයේ (දකුණු පැත්තට වන්නට) පොඩි රිදුමක් ඒ එක්කම කොන්දෙ කැක්කුමක් , මාසයක් දෙකක් ඇතුලත හේතුවක් නැතිව ඉක්මනින් කෙට්ටුවන ස්වභාවයක් ..සමහර විට සමේ පාට ටිකක් කහපාටට හුරු වෙන්නත් පුළුවන් ...අනේ ඉතින් ඕව හදුනගන්න තරම් ලක්ෂණද නේද ? ... ඒත් නිවැරදි අවස්ථාවේ හඳුනනොගත්තොත් .......????????
වැදගත්ම දේ මේකයි , අපි හුඟ දෙනෙක් හිතන් ඉන්නවානේ නරක් වෙන්නේ “අරක්කු බිව්වොත් විතරයි“ කියලා , හැබැයි මේතැනදි ඒ කතාව ටිකක් වෙනස් වෙනවා , මීළඟට කියන කරුණු ඔබ ගාව තියෙනවා නම් ඔබ මත්පැන් පානය කළත් නොකළත් මේ N.A.F.L.D කියන තත්ත්වයට යම් අවදානමක් තියෙනවා , (ඔන්න සැර බීම ජාති “කටේවත් තියන“ මහත්තයලා , නෝනලාට ගෙම්බර් දාන්න එපා , නෝනගේ “අධික තරබාරුව“ මේකට හේතුවක් තමයි , ඒත් මහත්තයගේ සැර බීම වලින් වෙන අක්මා හානිය නිවැරදි කරන්නට බැරි සහ ඉක්මණින්ම අවදානමට පත්වන තත්ත්වයක් ...
මෙන්න ඒ අවදානම් සාධක ..මුලින්ම මේ කිව්ව වගේ අධීක තරබාරුව ...ඒ කිව්වේ ඔබ B.M.I. අගයේ 35-50 අතර නම් ගාන වැඩි වෙන්න වැඩි වෙන්න අවදානමත් වැඩි වෙනවා .(දැන් ඉතින් අපි දන්න B.M.I එකක් නෑ කියන්න එපා , අපි මේ ගැන කතා කරල තියෙනවා මීට පෙර ...ඔන්න දැන් ගාන හදල බලන්න මෙන්න මෙහෙම ...ඔයාගේ බර කිලෝග්‍රෑම් වලින් අරගෙන ඒක බෙදන්න ඔයාගේ උස මීටර් අගයෙන් ...ලැබෙන උත්තරේ ආයෙත් උසට අදාල මීටර් අගයෙන්ම බෙදන්න ...ඔන්න ඔය ලැබෙන අගය තමයි B.M.I අගය කියන්නේ , ඔය අගය 23 කිට්ටුව තියෙනව නම් හොඳයි , ඉන් වැඩි වෙන්න ලෙඩත් වැඩි වෙන්න අවදානම් ...)
| Size එක හොඳ ද ? |
වැඩි පුර කෑම වගේම මන්දපෝෂණය (ප්‍රෝටීන මන්ද පෝෂණය) වගේ තත්ත්ව වලදින් මේක ඇති වෙන්න පුළුවන් , මොකද එතකොට අක්මාව ඇතුලෙම වැඩිපුර මේද පටක හැදෙන්න පටගන්න නිසා , ඒ වගේම තරබාරැව අඩු කරන්න කියල operation කරගත්ත අයත් අවදානම් ...තවත් දෙයක් ඔබට මතකද අපි කතා කළා Hepatitis B ගැන ..අන්න ඒ වගේ තත්ත්ව (කාළීන hepatitis තත්ත්ව) ඇති අයත් මේ අවදානමේ ඉන්නේ ..ඒ වගේම දියවැඩියාව , රුධිරයේ කොලෙස්ටරෝල් අධික විම (Hyperlipideamia ) වගේම අධිරුධිර පිඩනය ඇත අයත් මේ තත්ත්වය ගැන ටිකක් හොඳින් දැනගෙන සිටීමත් , පරිස්සම් වීමත් වැදගත් .
මේකටත් හරියටම ටක්කෙටම කියල බෙහෙතක් නැහැ ..වෛද්‍යවරයා මේ තත්ත්වය හඳුනාගත් ගමන් ඔබට දෙන්නේ බෙහෙත් නොවෙයි , උපදෙස් මාලාවක් ...රෝග තත්තවේ ගැන , අවදානම ගැන , කන බොන විදිය පාළනය කරන්න ඕන හැටි මත්පැන් වල අවදානම , තෙල් කෑම සීමා කරන හැටි , ආහාරයේ තන්තු ප්‍රමාණය වැඩි කරන හැටි , දවසකට ව්‍යායාම කරන්න ඕන ප්‍රමාණය , ඒ හැම දේකින්ම තමන්ගේ දේහ බර නිසි ලෙස අඩු කරගෙන හොඳ B.M.I.අගයක් ලබා ගන්න හැටි ඔන්න ඔය වගේ දේ කියල දේවි , ඊට අනුව ඔබේ ජීවන රටාවේ යම් වෙනස්කම් කිහිපයක් කරගන්නත් වේවි , ඔව් ඒ දෙන උපදෙස් වලට අනුව , ඔබේ ජීවන රටා හදා ගන්න , විශේෂයෙන්ම ඔබේ බර වැඩි නම් ඉන් 9%ක් නිවැරදිව ක්‍රමයෙන් අඩු කරගත්තොත් fatty liver තත්ත්වය තිබුණත් එයින් ලොකු හානියක් වෙන්නට ඉඩ නොදී සාමාන්‍ය තත්ත්වයට පත් කරගන්නට පුළුවන් .
මීට අමතරව ඔබේ “ඉදිමුණු අක්මාවට“ යම් සහනයක් දෙන්න ඖෂධ වර්ග කිහිපයකුත් දෙන්න පුළුවන් , ඒ වගේම ඇඟ ඇතුලේ කොලෙස්ටරෝල් නිශ්පාදනය වන ප්‍රමාණය පාලනය කරන්න vastatin කියන නමෙන් අවසන් වන ඖෂධ යම් කාළ සීමාවක් ගන්නත් වේවි ..හොඳට මතක තියා ගන්න මේ ඖෂධය ගන්න ඕන රෑට ...දවල්ට ගත්තට නියම පලය ලැබෙන්නේ නැහැ. ඒ එක්කම වරින් වර සායනයට එන්නට නියම කරාවි , පෙඩා නිවාඩුවක් දාල හරි යන්න , මොකද එහෙම නොවුනොත් , මේ අතපසුවීම ඔබේ ජීවිතේ වන අවසන් අතපසුවීම වෙන්නත් බරි නැති නිසා ...
අනේ පරිස්සම් වෙන්න ...ඔබේ ජීවිතේ “හුඟක් වටිනවා ....“
එහෙම නම් ඔන්න අදත් මගේ කතාව මෙයින් අවසානයි ...අසා සිටි නැහැ නැහැ කියවු ඔබ සැම යමක් හිතට ගත්තා නම් සහ අරගෙන “ඔන්න ඔහේ ඉන්නන් වාලේ නොඉඳ“ තමන්ගේ නිරෝගී බව රැක ගන්න යමක් කරන්න උත්සාහ කරනවා නම් .............ආයුබෝ ....ආවඩා .....ආයුබෝ වේවා ....අපි ගියා එහෙනම් ...