මේ මිකී එක්ක දෙන්න සෙල්ලම් කරන හැටි බලාගෙන උන්නු මට හිතුනේ , අපි කැතයි කියල දකින්නවත් අකමැති “කරදරකාර මීයා“ වොල්ට් ඩිස්නි මහත්තය අපේ හිත් වලට සුන්දරව ඇතුළු කළ හැටි කොච්චර අගේද කියලා ..කතාවේ හැටියට නම් වෝල්ට් ඩිස්නි මහත්තයටත් “මීයන්ගෙන්“ කරදර තිබුණලු ...ඒක හේතුවක් උනාලු මේ නිර්මාණයටත් ....අද ලෝකේ පුරා මේ මිකී මවුස් මීයෝ කොයිතරම් ඇත්ද ?...ඒත් ඔබ දන්නවද මේ ලොකු කුඩා අපි හැමෝගෙම හිතට සතුට ගේන මේ “මිකී මවුස් “ නිර්මාණය කළ වෝල්ට් ඩිස්නි මහත්තයා එක්තරා “සුවිශේෂි“ රෝග තත්ත්වයකින් පෙළුනු බව ...ඔහු විතරක් නොවේ තවත් ලෝක පූජිත පුද්ගලයින් ...ඇල්බර්ට් අයින්ටයින් , ලියනාඩෝ ඩාවින්චි , හෙන්රි ෆෝඩ් වගේ පුද්ගලයිනුත් මේ “සුවිශේෂී රෝගය “ සමඟින් කල් ගත කරල තියෙනවා ...
මොකක්ද මේ අරුම පුදුම ලෙඩේ ...ලෙඩේ නම Dyslexia සිංහලෙන් කියන්නේ “වචන අන්ධතාවය“ කියලා , දැන් දන්නවද මොකක්ද මේ කියලා ...
| මෙන්න අකුරු ලියන හැටි .. |
ඇත්තටම මේ තත්ත්වයට හේතු මොනවාද ? ....මේක අපිට විතරක් නොවෙයි විද්‍යාඥයින්ටත් , පර්යේෂකයින්ටත් මේක තවමත් නිසි පරිදිම නොවිසඳුනු ගැටළුවක් ..නමුත් මේ තත්ත්වය ජානමය වශයෙන් , ඒ කියන්නේ පවුලෙන් ලෙඩක් විදියට යාමේ හැකියාවක් තිබෙන බවත් ඊට අදාල වූ ජාන කොටසකුත් හඳුනගෙන තියෙනවා , ඒ වගේම පර්යේෂකයින් කියන තව එකක් තමයි “නිසි වයසෙදි “ දරුවන්ට කියවන්නට පොත පත සහ අවස්ථාව ලබා නොදීමත් , “නොකියවන පවුල් පරිසරයත්“ මේකට හේතුවෙන්න පුළුවන්ලු. අනෙක් හඳුනාගැනීම තමයි මේ තත්ත්වයෙන් පෙළෙන දරුවන්ගෙන් හතරෙන් තුනක්ම “කොලු පැටවු“ ... ඒ එක්කම ඔවුන් බොහොමයක් A.D.H.D කියන තවත් සෞඛ්‍ය ගැටළුවක් සහිතව ඉන්නවාලු ...(මේ A.D.H.D තත්ත්වය ගැන මීට පෙර ලිපියක ඇති කියවලා බලන්නකෝ ....)
දැන් හිතන්න එපා මේක පොඩි අයගේ විතරක් ලෙඩක් කියල Dyslectic වැඩිහිටියනුත් ඉන්නවා , නමුත් අපි මේ දැනුවත් වීමෙන් කරගන්නට ඕන , ඒ තත්ත්වයට පත්වෙන්නට පෙර පොඩ්ඩන්ට මේ වගේ යැයි සැක කළ හැකි අවස්ථාවක් තියේ නම් Pediatric Psychologist කෙනෙක් මඟින් හෝ සුදුසුකම්ලත් මනෝ චිකිත්සකවරයෙක් මගින් එය තහවුරු කරගෙන , තතත්ත්වය Dyslexia නම් ඉක්මණින් ප්‍රතිකාරයට යන එක ..හැබැයි මේකට පෙති , කරල් නැහැ ...ක්‍රියාකාරකම් මඟින් තමයි උගන්වන්න ඕන ...උදාහරණයක් කළබල නැතිව එක් එක් වචනය ගැන , ලියන හැටි ඒක කියවෙන හැටි , වරින් වර කියමින් කරමින් හුරු කිරීම ..ක්‍රියාකාරකම් මඟින් හුරු කිරීමක් ..පෙර පාසලේ දී Clay භාවිත කරමින් අකුරු හදන , වචන හදන හැටි ..ඔය වගේ ක්‍රම මඟින් තමයි මීට ප්‍රතිකර කෙරන්නේ ..ටිකක් කල් යන , නිසි සොයා බැලීමක් මත කළ යුතු , විශේෂයෙන් දෙමාපියන් මත ලොකු වගකීමක් පැටවෙන ප්‍රතිකාර ක්‍රමයක් ..මේ වෙනස හඳුනාගැනීමෙදි අපේ ගුරුතුමන්ලාට ලොකු වගකීමක් තියෙනවා , කෙටියෙන් කිව්වොත් ගෙදරත්-පාසලත් එකතුවීමකින් තමයි මේ දරුවාගේ ගැටළුවට සාර්ථක ප්‍රථීපලයක් ලැබෙන්නේ ...ඒ වගේම සමාජයෙන් මේ දරුවා කොන් නොකර ..ඔහුත් තවත් එක් දරුවෙක් බවට සළකමින් , සැලකිල්ලක් දක්වන එක හරිම වැදගත් නැත්නම් මේ කිසි දේක පලක් නොවෙන්න පුළුවන් ..
එතැනින් ටිකක් වියපත්වෙලා පෙර පාසලට , පාසලේ මුල් පන්ති වලට ගියාම කියල දෙන කවි , පුංචි සිංදු මතක තියා ගන්න අමාරුයි ..අකුරු වලින් කරන සෙල්ලම් වලට කැමති නැහැ (මෙන්න ප්‍රසිද්ද අකුරු සෙල්ලමක් http://www.wikihow.com/Speak-Pig-Latin ) ..ඒ සෙල්ලම් වලදි දරුව හැංගෙන්නමයි හදන්නේ ...කොච්චර කිව්වත් වචන අකුරු බොහොමයික් මතක නැහැ , “ග“ යන්න ලිව්වට මේක ශබ්ද කරන්න මතක නැහැ ...අනෙක කටු ඔරලෝසුවෙ වෙලාව බලන්න කියල දෙන පාඩම මේ දරුවට අල්ලගන්නම බැහැ වගේ ..තාත්තා පොඩි බයිසිකලයක් අරන් දුන්නට ඒක පැදගන්න බැහැ , ඒ උනාට සම වයසේ දරුවන් හොඳට බයිසිකල් පදිනවා ....ලොකු පන්ති වලට ගියාමත් ඔය මුලින් කී ලක්ෂණත් එක්ක ...Spelling නම් බිංදුවයි , චරනාවක් ගියන්න ගත්තොත් පේලියයි දෙකයි , ඒකෙත් අකුරු මාරු කරලා ..වරද්දලා ..මකළා....විද්‍යාව , ඉතිහාසය , වගේ විෂයයන් අල්ලගන්න හරිම අමාරුයි දරුවට , පන්තියෙ ඉන්නෙත් පිටිපස්සේ හැංගිලා වගේ ..
| මං “මෝඩයිද ?..... |
ඉතින් මේ වගේ ලක්ෂණ කිහිපයක් ඇත්නම් වඩාත් හොඳයි ළමා මනෝ චිකිතසකවරයෙක්ගේ උපදෙස් ගන්න එක , එවිට ඔහු අකුර සෙල්ලම් , ලියවීම් , වගේම දරුව සහ , දෙමාපියන් එක්ක කතාබහ කරලා ..චර්යාවන් බලලා මේ තත්ත්වය ගැන නිසි අගැයුමකට ඒවි .වඩාත්ම වැදගත්තේ Early detection නැත්නම් වේලාසනම හඳුනාගැනීම ..එතකොට දරුවා ඉක්මණින් යථාතත්ත්වයට ගන්න පුළුවන් , ක්‍රමික පුහුණු කිරීම් වලට පස්සේ ..
| තාක්ෂණික ක්‍රමත් ප්‍රතිකාර ලෙසින් |
මේක කියනව ඔබ දැනට මවක පියෙක් නොවෙන්න පුළුවන් ..හැබැයි තව ටික කළකින් ඒ තත්ත්වයට පත්වේවි ..නැතත් ඔබේ පවුලේ , සමාජයේ දරුවන් තුල වුනත් මේ තත්ත්වයන් ඇතැයි හඳුනාගන්න පුළුවන් නම් ඒ දෙමාපියන් දැන්වත් කරල නිසි යොමු කරවීමක් කරන්නට පුළුවන් නම් එයම ලොකු පිනක් ..
ලිපිය ලියලා අවස්න මේකට අර කතා නායක මිකියගේ ඡායාරූපයක් ගන්න හිතාගෙන බලනකොට එයා අපේ පොඩ්ඩියෝ දෙන්න මැදට වෙලා නිදි ..නැහැ ..එයා මැදට කරගෙන පොඩ්ඩියෝ දෙන්න සැපට නිදි ..පිංතූරයක් ගන්න ගියොත් ඇහැරෙනවා ..ඒ නිසා මේ විදියට කතාව ඉවර කරනවා... අන්තිමට මේ දාන්නනේ මගේ කවියක් නෙවි ..මේ රෝග තත්ත්වයෙන් පෙළෙන ප්‍රතිකාර ගන්නා දරුවෙක් ..තමන්ට දැනුනු ..දැනෙන දේ ගැන ලියූ සංවේදී කවි පන්තියක් ..කියවන්න ..ඔන්න හැබැයි ඕගොල්ල අකුරු මාරු කරගන්න නම් එපා....
I'm asked to read aloud in front of the class,
But the words swim before my eyes.
I start to sweat, I'm breathing fast;
The print I see I cannot recognize.
The students stare expectantly, they wait for me to speak.
But I can't focus, can't grasp the words;
I feel so useless, I feel so weak;
My eyes tear up, and my vision's blurred.
The giggles start as they see my trouble,
No one seems to understand what's wrong.
The letters, for me, flip around and double;
My class assumes I'm stupid because I'm taking so long.
Their laughing faces fill my head,
Mocking me, making me feel like I'm somehow less
Important than they. "Let one of us read instead!"
I shrink at their success.
I don't know why I am this way,
I've done nothing to deserve this;
Why choose one person through which to convey
The pressure that becomes paralysis?
I finally decide there's no more use;
I descend from the podium, shamefaced.
My teacher's mad, she thinks it's some ruse;
For my punishment, I am braced.
I sink in my seat, my skin a lot paler,
Through the window, a cloud covers the sun.
But I don't notice, all I see is my failure;
Once again, the dyslexia has won.
ලියුවේ Tilly
පන්තිය 9
Language Arts Class ~ Fredericton High School
මේ ගැන වීඩියෝ කිහිපයක් බලන්නකෝ .
.මෙන්න මේ දරුවෙක් විඳින අපිට නොකියන වේදනාව http://youtu.be/h7cag0Vgkvo
මෙන්න අදාල ජීව විද්‍යාත්මක සිද්ධිය ... http://youtu.be/XKekE10b82s
මේ හින්දි චිත්‍රපටයත් මේ ගැනමයි ..Taare ZameeN Par
http://v.youku.com/v_show/id_XMjk3MDc3MTMy.html