![]() |
| දැනුත් minus ...... |
“මොකද ....ඇඟට අමාරුවක් තියෙනවද ? ...මූණත් වෙනස් ..? ...“ ....අන්තර්ජාලේ සැර සරමින් කොයිතරම් නොපෙන්න ඉන්න උත්සාහ කළත් මගේ බිරිඳගෙන් නම් ගැලවිල්ලක් නෑ වගේ ...“පොඩ්ඩක් බෙල්ල රිදෙනවා .. muscle pain එකක් වගේ ..., “ ...“කෝ බලන්න ...., අපි එහෙනම් හොඳට තවල ........creamටිකක් ගාමු ...“ මනෝජා බෙහෙත් වට්ටෝරුව දිග ඇරියා ..දැන් ඉතින් මං අකමැතිම ප්‍රතිකාරයට මුහුන දෙන්න එපායැ .....
ටිකක් අමාරු උනාට හොඳට තවල වේදනානාශක ක්‍රීම් ටිකක් ගෑවම කැක්කුම අඩුවෙනවා වගේ ...“හ්ම් ..දැන් නං ටිකක් අඩු වේගෙන යනව වගේ ..බොහොම පිං ....“ ....මනෝජා වෙනද වගේම “පොඩි හිනාවක් දාල උදේ කෑම හදන්නට ගියා ...මේ වේදනාවත් එක්ක මට මතක් වුනේ ....බෙල්ලේ කැක්කුම ගැන ලියන්න නෙවි ...මේ වගේ ...ඇත්තටම මීට වඩා වේදනාකාරී ..කල් යන ..අතේ කැක්කුමක් ගැන ලියන්න...විශේෂයෙන් මේ “අතේ කැක්කුම කාන්තාවන්ට බහුළයි ..“ ....
මොකක්ද මේ විශේෂ අත්රුදාව ...අපි මේ තත්ත්වය වෛද්‍ය විද්‍යාත්මකව හදුන්වන්නේ Carpal Tunnel Syndrome කියලා ..ඒ වුනාට හුඟක් ප්‍රසිද්ධ කෙටි නම ..C.T.S...
මේ ලෙඩේ ගැන කියන්න ඉස්සර වෙලා පොඩි Anatomy පාඩමක් කරන්න තියෙනවා ...(වෙනමම Anatomy පන්තියකුත් දැම්මා ..කැමැත්තෝ පැමිණෙත්වා .මෙන්න .link එක .http://nursingdocs.blogspot.com/.) ..
මේ ගැටළුවෙදි කරදර වෙන්නේ අත නිසා අපි අතේ ස්නායු ගමන ගැනයි කතා කරන්නේ ....ලොකු කතාවටක නොගිහින් රෑප සටහනකින්ම විස්තර කරමුකෝ ..මේ රූප සටහනේ පෙන්වන්නේ අතට ස්නායු සපයන හැටි ..පේනවද ප්‍රධාන ස්නායු තුනක් (කහ පාටට පේන) තමයි අතේ පහළ කොටසේ සංවේදනයට මූලිකව වගකියන්නේ ...ඒ Ulnar nerve , Median nerve , සහ මහපට ඇඟිල්ල පැත්තෙ හැංඟිලා ඉන්න Radial nerve ... ඒ එක්කම පේනවාද ඔය මැද ස්නායුව Medial nerve එක ..එයාට සේලයක් දාල තියෙනවා ...ඇත්තටම ඒක බොහොම වැදගත් ආරක්ෂකයෙක් ..ඒ පටකයට කියන්නනේ Carpal tunnel කියලා ..ඒක ඇතුලෙන් තමයි අර කිව්ව අතේ වැදගත්ම ස්නායුව ආරක්ෂිතව යන්නේ ..කොහොම වුනත් මේ ස්නායුවට යන්න වෙන්නේ මේ Carpal tunnel උමඟෙ පොඩි ඉඩක් තුලින් තමයි .....අපි මෙහෙම හිතමු ..යම් හේතුවක් නිසා මේ පාළමේ හිල ...නැත්නම් ගමන් මාර්ගය පටුවුනොත් මොකද වෙන්නේ ....වෙන්නේ medial nerve එක තෙරපෙනවා ..ප්‍රතිපලේ ...මොලේට පණිවිඩයක් යනවා medial ට වගකියන ප්‍රෙද්ශයේ කරදරයක් කියලා .., ඒක්කම අදාල ප්‍රෙද්ශය අපිට ඕන විදියට නවන්න හරවන්න අමාරු වෙනවා ...ඒ කියන්නේ අතේ අල්ල ..පළමු (මහපට ඇඟිල්ල ) දෙවැනි තුන්වැනි ඇඟිලි වල කරදරයක් විදියට ..ඒ කියන්නේ මේ කිව්ව ප්‍රෙද්ශයේ වේදනාවක් , හිරි ගතියක් එක්ක අපිට ඕන විදියට නවන්න දිග හරින්න බැරි වෙන්න වගේ දැනෙන්නත් පුළුවන් ,ඇඟිලි නවල මොකක් හරි අල්ලන්න ගියාම තරු පනින වේදනාවක් එනවා ..ඊට පස්සේ ඇඟිළි දිග අරින්න ගියාම ...! ..ඒක ඊට හපන් ..අනිත් අතින් අල්ලල තමයි අර ඇඟිළි ටික දිග ඇරගන්න වෙන්නේ .....සමහර වෙලාවට අතේ තියෙන බෑග් එක දන්නෙම නැතිව බිම වැටිලා ..(ඔන්න මට වගේ බස් එක් නින්ද ගියාම නෙවි ) .ඔන්න ඔය වගේ අවස්ථාවට පත්වුනාම අපි කියනවා Carpal tunnel syndrome හැදිලා කියල ...මේ විදියට කාර්පල් ටනල් එක අවහිර වෙන්න පුළුවන් සාධක ගණනාවක් තියෙනව , ඒ අතරින් මැණික් කටුව හරිය වැඩි වාර ගණනක් නැමෙන දිග හැරෙන කාර්යයක , රැකියාවක යෙදෙන කෙනෙක්ට මේ අවස්ථාව වැඩි බව සොයාගෙන තියෙනවා ..උදාහරණයක් විදියට පරිගණකය යතුරු ලියන්නන් ..Computer typists , ලියන්නන් ...රියදුරන් , සන්නාලියන් මේ අතර ප්‍රධානයි ..ඒ වගේම දැඩි කම්පනයක් Vibrator ඇතිවන උපකරණ භාවිත කරන රැකියාවන් (උදාහරණයක් මහා මාර්ග වල නඩත්තු කටයුතු කරන්නන් ) ලොකු අවදානමක ඉන්නේ , ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ අයට කම්පනය අවශෝෂණය වන අතුවැසුම් ලබා දිය යුතු බව ජාත්‍යන්තර වෘත්තීය සෞඛ්‍ය ආයතන Occupational Health මගින් දැනුම් දීල තියෙනවා , (අනේ ඒත් ගාලු පාර දිගේ කොළඹට යනකොට ඔය එක අත්වැසුමක්වත් නැතිව Vibrators භාවිත කරමින් පාර කඩන කම්කරු මහතුන් කීදෙනෙක් දකින්න පුළුවන්ද ? ) හැබැයි අපේ කාන්තාවන්ට ලොකුම ප්‍රශ්නයක් වෙන්නේ පොල් මිරිකන්න ගියාම තමයි ..මොකද පොල් මිරිකල ඉවර වුනාම අතේ ඇඟිලි දිග අරින්න වෙන්නේ අනිත් අතින් තමයි ..(දැන් ඉතිං පොල් මිරිකන එකක්යැ ...)
සාමාන්‍යෙයන් වයස අවුරුදු 30-60 අතරේ මේ තත්ත්වය මතුවෙන්න පුළුවන් , ඉහත කී රැකියාව අයට වැඩි අවස්ථාවක් තිබුණත් එසේ නොවන , ඒත් දියවැඩියාව , තරුබාරුව ,අධිරුධීර පීඩනය , තයිරොයිඩ් ආබාධ ..එක්කම අස්ථි වල බිඳීම් හෝ රෝග තත්ත්ව තියෙන අයටත් ...ආර්තවහරණය ආශ්‍රිතවත් මේ රෝග තත්ත්වය මතුවෙන්න පුළුවන් ...ගර්භණීත්වය රෝගයක් නොවුනත් ඒ අවස්ථාවෙත් C.T.S. මතු වෙන්නට පුළුවන් ..
| තට්ටුව දාන තැන |
| නැමෙන්න ඕන මෙහෙමයි .. |
| පරිස්සමට ... |
| අතේ පරිස්සමට |
නින්ද ගැන කිව්ව වගේම ..මටත් දැන් හොඳටම නිදි මතයි ..අද නිවාඩු නිසා සැපට , සී...තලට නිදාගන්න පුළුවන් .............................ඒව කොහෙද අපේ චන්ඩි දෙන්නට මේ දවස් ටික නිවාඩුයිනේ .....
