හැමදාමත් වගේ මේ පරණ පිංතූර බැලිල්ල පටන් ගත්තම වෙලාව යනව දැනෙන්නේ නෑනේ ..හිමින් සීරුවෙ එක එක ..බලමින් යනවා ...මීට අවුරුදු දහයකට විතර ඉස්සර අපේ විවාහය දවස් වල පිංතූර අතරේ මගේ කතාවකට මාතෘකාවක් දෙන කෙනෙක් ඉන්නවා .. ..නමින් ......නෑ අපි නම නොකිය ‘මගේ මිත්‍රය “ කියල කියමුකෝ...
මේ මගේ මිත්‍රය රැකියාව විදියට කළේ නම් විදේශ සංචාරකයින්ට මග පෙන්වීම ..ගාල්ල කොටුවෙ ඉඳන් ලංකාවේ ඕන තැනක් ගැන කියාවි ...හැබැයි ඉතින් තාරබර ඇරල තමයි පිළිගන්න ඕන ...ටිකක් කතාව වැඩියි ..හැබැයි හිත හොඳ මනුස්සයා ....කියපු කතා ඔක්කොම නං මතක නැහැ හැබැයි හොඳ කතා දෙකක් මතකයි ...“මහේෂ් අයිය ..ඔයා දන්නවද අද මට සුදු නෝන කෙනෙක් ෆිට් උනානේ ..නියමයි ...ලෝස් නැතිව වියදං කරනවා ..trip එක ඉවර වෙලා එයා මගෙන් ඇහුව මොනවද අරන් ඕන කියලා ...මාත් ඉතින් ඇරල කිව්ව xxxxhorn කියල(විදේශීය සිගරට් වර්ගයක නමක් ) ....මෙන්න මේ ගෑනි කඩේට ගියා මට ඒවයින් පෙට්ටි සීයක්ම අරන් දැම්මනේ වෑන් එක ඇතුලට ....මාත් මොකද ඒ වෙලාවේ ඉඳළම තාම උරනවා ....සැප තමා ...කොහෙද මහේෂ් අයියලට ඕවයේ අගයක් ඇතෑ.....“ මෙහෙම කියාගෙන සුදු පාට දුම් බෝල එක එක හැඩේට පිට කරා මගේ මිත්‍රයා...හැබැයි මගේ මිත්‍රයට සිගරට් එකක උණුහුම නැතුවනම් ඉන්න බැරි බව මම දන්නවා ..ඒත් මේ කියන වර්ගයේ සිගරට් ඒ දවස් වල මෙයා කියන පළාතේ එක කඩේකින් පැකට් සීයක් ගත්තයි කියන එකනම් මට හිතුනේ තාරබර ඇරල ගන්න ඕන දෙයක් කියල ..
අධිකව දුම් බීමට ඇබ්බැහි වෙලා හිටිය මේ මිත්‍රය මීට මාස තුන හතරකට ඉස්සර වෙලා තමයි විවාහයක් කරගෙන පිළිවෙළක් වුනේ ...අපිත් ගියා මංගල්ලෙට ...ඒ වෙනකොටත් දුමෙන් නම් මිදිල හිටියේ නැහැ ...ඊට ටික දවසකට පස්සේ ....මට මතක විදියට අපේ වීසා අතට ලැබුණූ දවසේ ...එදා ටිකක් කළබලයි ...ඔය අතරේ කෝල් එකක් ...“ මේ මහේෂ් අයියා ..මං පොඩ්ඩක් ගෙවල් පැත්තේ එන්නද ?...පොඩි කචල් එකක් ...“ ...මොන කළබල තිබුණත් අපේ එකානේ ...“ මොකද ලෙඩක් දාගත්තද ? Hospital admit කරන ගාණට ගුටි කෑවද ..?“ හැමදාමත් වගේ මෙයාගෙන එන පණිවිඩ මේව නිසා ඇහුව ...“ නෑ මහේෂ් අයියා ...Private .....and secrete ප්‍රශ්නයක් ..දැන් කිව්වට කමක් නැද්ද ...“ මිනිහට තිබුණ කළබලේ හැටියට හා නොකියත් බැහැ ..“ මොකක්ද ප්‍රශ්නේ ?“
“මේකයි මහේෂ් අයියා ..අපි දෙන්නට එකතු වෙන්න බැහැනේ ...ටික කාළෙක ඉඳන් පොඩ්ඩ පොඩ්ඩ තිබුණ ..මාත් ගණන් ගත්තේ නැහැ .ඩින්ක් එක ගත්තම මතක් වෙන්නෙත් නැහැනේ ...“ ....අගක් මුලක් තේරුණේ නැහැ මට ..“මට තේරුණේ නැහැ මොකක්ද කිව්වේ කියාල ...“ ....“ඒක තමයි මම ගෙදර ඇවිත් කියන්නද ඇහැවුවේ .......මේකයි අපි දෙන්නට sex කරන්න බැහැනේ ...එයාගේනං අවුලක් නැහැ වගේ ..මගේ අවුලක්නේ ...කොච්චර ට්‍රයි කරත් xxxxxන්නේ නෑ ...“ ...මේ කතාව මෙතැනින් එහාට ලියන්න සුදුසු නැහැ ...ඒත් එදා ඔහු මට පැවසුවේ එක්තරා “ලිංගික ගැටළුවක්“ ...ඇත්තටම එය කායිකව වගේම මානසිකවත් විය හැකි “ශිෂ්ණය සෘජු නොවීම“ පිළිබඳ ගැටළුවක් ..අපි එය වෛද්‍ය විද්‍යාවෙදි හඳුන්වන්නේ නම් Erectile dysfunction කියලා .ඉස්සර මේ තත්තව impotence කියලත් නම් කළා .අද මගේ කතාව එතැනින් ....
| ටියුබ් මිටියක් .... |
මොකක්ද මේ Erectile dysfunction කියන්නේ ...මේ ගැනත් කියන්න නම් ටිකක් Anatomy කතාවකට යන්න ඕන ..Penis එහෙම නැත්නම් ශිෂ්ණය හැදිල තියෙන්නේ මෘදු පටක සහ රුධිර වාහිනී එකිනෙක ළඟින් පිහිටන විදියට ..එහි මුල් කොට Glans කියලයි නම් කරන්නේ ..ඔය පෙරසම පිළිබඳ ප්‍රශ්න මතුවෙන්නේ මේ ප්‍රෙද්ශයත් එක්ක ..ඊට ඇතුලතින් සිළින්ඩරාකාර මෘදු පටක කඳන් තුනකින් (කඳන් කිව්වේ දිග පටකයක් ... බට වගේ ) ...මේ පටක තුනෙන් Corpus cavernosum කියල මෘදු පටක බට දෙක තමයි ශිෂ්ණයේ සෘජු සහ දිග් වීමට වැඩියෙන්ම බලපාන්නේ ..අනෙක් පෙටකයත් දායකත්වයක් දෙනවා ..වෙන්නේ මෙහෙමයි ..මේ පිරිමි පුද්ගලයට ලිංගික හැඟිම්ක් ..එහෙම නැත්නම් උත්තේජනයක් ලැබුණම මොලයේ සහ ස්නායු ක්‍රියාකාරීත්වයේ බලපෑමත් එක්ක අපි කිව්ව මෘඳු පටක බට දෙක ඇතුලට ලේ ඇවිත් පිරෙන්න පටන් ගන්නවා ..දන්නවනේ ධමනි ..අන්න ඒවයින් තමයි ලේ ඇවිත් පිරෙන්නේ ..එතකොට ශිෂ්ණය මහත් ..දිගු සහ සෘජු බවට පත්වෙන්වා ..ඒ එක්කම මේ පීඩනය නිසා ලේ එයින් ඉවතට ගෙනියන්න බලාගෙන ඉන්න ශිරා තද වෙලා ඇකිලෙනවා ...ප්‍රතිපලේ ආපු ලේ අපි කයපු බට ඇතුලේ හිරවෙලා තියෙනවා ...මේක තමයි Erection එහෙම නැත්නම් සෘජුවීම කියල කියන්නේ ...දැන් ලිංග ක්‍රියාවකින් පස්සේ හරි මේ හැඟිම් අඩුවුනාම ස්නායු වලින් එන රසායනිකයක් නිසා මෙච්චර වෙලා හිර වෙලා තිබුණු ශිරා ටිකක් පළල් වෙලා හිර වෙලා තිබුණු ලේ ටික ටික එතැනින් ඉවත් කරනවා ...ඒ එක්කම ආයෙත් මේ පද්ධතිය සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා ..එතකොට තමයි ප්‍රාණවත් බව නැතිවෙලා යන්නේ ...මේක හරියට බයිසිකල් ටියුබ් එකකට හුළං ගහනවා වගේ වැඩක් තමයි ...වෑල් එක බුරුල් නැත්නම් හුළං තදට ගැහුවම ටියුබ් එක තද වෙලා තියෙනවා ..දැන් අපි වෑල් එක බුරුල් කරාම හුළං පිටවලා ගිහින් ටියුබ් එක මැලවෙනවා ..ඔන්න ඕකයි පාඩම .....දැන් අපි බලමු ඇයි මෙහෙම සෘජු නොවෙන්නේ කියලා ...
| Job එකේ stress වැඩිද ?..... |
මෙහෙම තත්ත්වයක් ආවොත් මොකද කරන්නේ ..? ..මුලින්ම කියන්න ඕන මේ තත්ත්වය සමහර විට තාවකාළිකව ඇති වෙන්න පුළුවන් ..හිතේ ටිකක් කළබලකාරී බවක් තියෙන කාළෙක ..රැකියාවේ පීඩනය ..වැඩි කාළෙට ..බිරිඳත් එක්ක පොඩි අමනාපයක් තියේනම් ..(ඒ වගේම සැකය ..) ..ඒ වගේ අවස්ථා වල තාවකාළීකව මේ සෘජු නොවීමේ ගැටළුව එන්න පුළුවන් ..ඒත් එය දිගින් දිගටම මතුවෙනවා නම් ඉක්මණින් ඔබේ “පවුලේ වෛද්‍යවරයා “ හමුවෙන එකතමයි හොඳ ..මොකද මුල්ම අවස්ථාවෙ නිසි ප්‍රථීකාර කළොත් මේ ගැටළුව නිවැරදි කරගන්න පුළුවන් ..හැබැයි හුඟක් කල් ගියොත් නිවැරදි කරගන්නට අපහසු වගේම ඔබ කායිකව ,මානසිකව මෙන්ම ..පෞරුෂය අතිනුත් බිඳි වැටුනු පුද්ගලයෙක් වෙන්න ඉඩක් තියෙනවා ...
| ඔහොම තමයි .... |
රෝහලේදි ඔබේ වෛද්‍යවරයා ඔබත් එක්ක ටිකක් කතා කරාවි ..ඔබේ රැකියාව , පවුලේ බැඳිම් , කෑම බීම ..පුරුදු ..මේ හැමදෙයක් ගැනම ඇත්ත කියන්න ..මොකද ඉන් හුඟක් වැදගත් තොරතුරු ඔහුට සොයාගන්න පුළුවන් ..ඉන් පසුව කරන හෝමෝන සහ සාමාන්‍ය රුධිර පරික්ෂණ කිහිපයකින් පස්සේ ඔබට කායික වශයෙන් ගැටළුවක් නැත්නම් “පවුල් උපදේශනය“ සඳහා යොමු කරාවි , නැත්නම් කළ යුතු දේ පිළිබඳ ඔබට උපදෙස් දේවි ..කායික වශයෙන් ගැටළුවක් ඇත්නම් ඖෂධ මාර්ගයෙන් වගේම එන්නත් මාර්ගයෙනුත් ප්‍රථිකාර කරන්නට පුළුවන් ..ඊට අමතරව මේ ගැටළුවට භාවිත කළ හැකි වෛද්‍ය විද්‍යාත්මකව පිළිගත් තාක්ෂණීක උපකරණ කිහිපයකුත් දැන් තියෙනවා ..(ඊට අමතරව ශල්‍යකර්ම මඟින් නිවැරදි කරගන්නත් පුළුවන් ..) ලොකු ලොකු දේට නොගිහින් මේ තත්ත්වය ඇතිවෙන එක වලක්ව ගන්න එක තමයි වඩාත් හොඳ ..එතැනදි දුම්බීම සහ අධික මත්පැන් භාවිතය කියන කරුණූ දෙක පිළීබඳ ඔබට තවත් සිතන්නට වෙනවා ..
| අන්තිමට මේව තමයි උදව්වට එන්නේ |
කොහොම වුනත් මගේ මිත්‍රයට නම් මනෝ චිකිත්සිය ප්‍රතිකාරයක් එක්කම ඖෂධ කිහිපයකුත් ගැනීමට සිදුවුනා ..ඒ හැම දේටම උදව් වුනු මගේ මිත්‍ර වෛද්‍ය නිළධාරිතුමා මේ ලිපි කියවන බව මම දන්නවා ..ඔව් ඔබ කළ උදව්වෙන් දැන් මගේ මිත්‍රය සුවෙන් යහපත් ජීවිතයක් ගත කරනවා වගේ ..මොකද මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව නම් මොන රටේ හිටියත් මට කෝල් එකක් නොදී ඉන්නේ නැහැ .ඒ තරම් හොඳ හෘදයාංගම බැඳිමක් තියෙන මනුස්සයෙක් ..ඔහු ....
කොහොම හරි අද මගෙයි පොඩ්ඩන්ගෙයි බ්ලොග් දෙකටම අළුත් ලිපි එකතු වුනා ...ඒත් කොහෙද දැන් උදේ 1.10 ..මං දවසක් පහුවෙලා ...එහෙමනම් අදට සමුගන්නම් ...තවත් දවසක එන්නම් ...