ඔව් , ඒ මේ මාසය අමෙරිකාව විසින් “ජාතික ග්ලුකෝමා මාසය“ ලෙස නම් කිරීම පිළබඳ පොඩි දැන්වීමක් ...රෝගය ගැන , එහි අනතුර ගැන , ඒ වෙනුවෙන් පැවැත්වෙන සායන ගැන , විස්තර දැනගන්න දුරකථන අංක ඔන්න ඔය වගේ කරුණු සමූහයක් අඩංගු විනාඩියක විතර ලස්සන දැන්වීමක් ..(මෙන්න ඒ දැන්වීම) , අමෙරිකාවට විතරක් නොවෙයි මේ රෝගය ගැන දැන ගන්න එක අපේ රටේ අයටත් වැදගත් , විශේෂයෙන්ම අපේ රටේ හුඟ දෙනෙක් “ලෙඩ වුනාම බෙහෙත් ගන්න“ සංකල්පයේ ඉන්න නිසා වඩාත් වැදගත් ..
අද අපි එහෙනම් මේ රෝග තත්ත්වය ගැන කතා කරමු , මේ ගැන කතා කරන්නත් මුලින් “ඉන්න හිටින්න තැනක්“ හදා ගන්න එපායැ , ඒ කිව්වේ මේ රෝගය හා සම්බන්ධ ඉන්ද්‍රයයන් ගැන පොඩි හරි අවබෝධයක් ලබා ගන්න එපායැ , ඒ නිසා අපි ටිකක් “ඇස“ ගැන කතා කරමු.
ඊට ඇතුළින් තියෙන තට්ටුව Choroid , එයා තමයි ඇසට ඔන කරන ලේ සැපයුම කරන්නේ , ඊට අමතරව ඇහැ ඇතුළෙ තියෙන දියර වර්ග හදන්නත් උදව් වෙන්නේ , ඒ choroid ඇහැ ඉදිරිපසදි “ඇහේ බබා“ හදන්න (Iris) උදව්වෙනවා ..ඊට අමතරව අක්ෂි කාචය අල්ල ගන්න , ඒ වගේම ඊට අවශ්‍ය කෑම බීම , දෙන “තරළය“ හදන්න , ඒ විතරද ..වැඩි තරළය අයින් කරලා දාන්නත් මේ තට්ටුවේ දායකත්වය හරිම වැදගත් . ඊට ඇතුලතින් තියෙන්නේ “පොල් මදය“ වගේ retina එක ..මේ රෙටිනාව කියන්නේ තිරයක් වගේ දෙයක් ..ප්‍රධාන වශයෙන්ම ස්නායුව Optic nerve එක්ක සම්බන්ධ , මොළයට “රූපය ගැන පණිවිඩේ“ හදන තැන ..
![]() |
| තරළය හදන ..ගලන සහ උරා ගන්න හැටි |
| උරා නොගත්තම පීඩනය පැතිරීම |
ඔන්න පාඩම ඉවරයි ..මේ පුළුවන් තරම් කෙටියෙන් කිව්වේ ...(වැඩිදුර පාඩම් කරන්න කැමති අය “සොඳුරු සුව සිප්හලට“ යන්න ..හැබැයි තවම මුල හරියේ ඉන්නේ ..මේ වීඩියෝවත් වැදගත් වේවි.)
දැන් ඔබ මගේන අහවි ,“ ඕක ඔච්චර කළබල වෙන්න ඕන දෙයක්ද ...අපිට හොඳට ඇස් පේනවා“ කියල ..ඔව් මේක “කළබල වෙන්න“ ඕන දෙයක් නොවුනත් දැනුවත් වෙන්න සහ මුල් අවස්ථාවේම ප්‍රතිකාරයට යොමුවන්නට අවශ්‍ය අවස්ථාවක් ..නැත්නම් අනාගතයෙදි ඔබත් තවත් “අන්ධ පුරවැසියෙක්“ බවට පත් වීමේ අවදානමක් නැහැ කියල කියන්න බැහැ ..මොකද ..මේ රෝග තත්ත්වය එකපාරටම මතුවෙන අවස්ථා අඩුයි ..බොහොම අවස්ථාවල මේ පීඩනය වැඩි වීම , ස්නායුව මිය යාම , පෙනීම දුර්වල වීම ටිකෙන් ටික තමයි සිද්ධ වෙන්නේ ..එයට ප්‍රතිකාරයක් නෙලැබුණොත් තමයි “අන්ධභාවයට “ පත් වෙන්නේ ..
ඔබ දන්නවද මේ තත්ත්වය නොදැන , හැංගිලා අපි අතරේ තියෙන්න පුළුවන් ..සිය දෙනෙක්ගෙන් එක් අයෙක්ට මේ විදියට “අන්ධවීමේ අවස්ථාව“ ..ඒ අවස්ථාව වයසත් එක්ක ඉහළ යන්නත් පුළුවන් කියලයි දැන් කියන්නේ ..විශේෂයෙන්ම වයස අවුරුදු 40ට වැඩි (හැබැයි පුංචි දරුවන්ටත් මේ රෝගය ඇති වීමේ - උපතින්ම ඇතිවීමේ අවස්ථාවත් තිබෙන බව ඔබ දැන ගන්න එක වටිනවා) ආසියානු ...අපි වගේ අය වඩාත් අවදානම් තත්ත්වයකයි ඉන්නේ .අනෙක දියවැඩියාව තිබේ නම් අවදානම තවත් වැඩියි ..ඒ වගේම දැනටමත් පෙනීමේ ගැටළු ...ඇස් පෙනීම දුර්වල වීම ..ඇසට අනතුරු වීම වගේ තිබෙන අය මේ ගැන හුඟක් දැනුවත් වෙන්නම ඕන ..ඊට අමතරව Steroid කාණ්ඩයේ බෙහෙත් දිගු කාළිනව ගන්නවා නම් (ඔය හන්දි අමාරු , ඇදුම , වගේ තත්ත්ව වලට) ඒ අයත් ග්ලුකෝමා අනතුරේ ..
දැන් අපි කතා කරමු මේ රෝග තත්ත්වයේ ලක්ෂණ මොනවද කියල ..මොකද මේ ලක්ෂණ මුල් අවස්ථාවෙම හඳුනගත්තොත් වෙන්න තියෙන අනතුරෙන් ගැලවෙන්න පුළුවන් ..විශේෂයෙන්ම කියන්න ඕන ලෙඩේ උග්‍ර අතට පත්වෙලා ..optic nerve එක දුර්වල වුනාට පස්සේ ආයෙත් පෙනීම සාමාන්‍ය තත්ත්වයටම ගන්න ප්‍රතිකාර නැහැ ..ඒ අවස්ථාවේ කරන්න පුළුවන් එකම දේ තව දුරටත් පෙනීම අඩුවෙන එක වලක්වා ගන්න එක විතරයි ..
මෙන්න ලක්ෂණ ..මුල් අවස්ථාවේ කිසිම ලක්ෂණයක් නොපෙන්වන තරම් ..ඒ නිසාම තමයි මේ ලෙඩේටි කියන්නේ “ඔබේ පෙනීම සොරා ගන්නා - the sneak thief of sight කියලා ..කොහොම වුනත් අර මුලින් කීවිදියට ඇස ඇතුලේ පීඩනය වැඩි වුනාම ඔළුවේ කැක්කුමක් එන එක තමයි මුල්ම ලක්ෂණේ..මේක සාමාන්‍ය තත්ත්වයේ ඉඳළ ඉවසගන්න බැරි තරමේ තද ඔළුවෙ කැක්කුමක් දක්වා විහිද යන්න පුළුවන් මේ කැක්කුමේදි ඇස් එක්කම රිදෙන්න පටන් ගනිවි , සමහර විට මේ සමඟම වමනය යන්නත් ඉඩ තියෙනවා ..ටිකක් කල්පනාවෙන් ඉන්න මේ වෙලාවේ වමනය දාන්නෙත් ඈතල විදිනව වගේ Projectile vomiting(ඔය වෙලාවට මොන වමනේ බැලිල්ලක්ද නේද ....නෑ වමනේ දාල ඉවර වුනාට ප්සසේ ටිකක් බලන්නකෝ) ..ඒ එක්කම ඇස් ඉස්සරහ පාට පාට බෝල ..ඉරි කෑළි වගේ පාවෙනව පේන්නත් පුළුවන් ..තව ටික දවසක් යනකොට අපිට පේන දේවල් “බොඳ වෙන බවක් , අපහැදිළි ගතියක් “ ඇති වෙන්න පුළුවන් ..දැන් නම් ටිකක් නරක තත්ත්වෙට එන්නේ ..අපිට පේන හරියේ අසාමාන්‍ය කළුවර ගතියක් ..වැහුණු ගතියක් පේන්න පුළුවන් ..අනෙක වෙනද වගේ නෙවි පාරේ යන්නේ , පොත් පත් කියවන්නේ අමුතු විදියට ..බෙල්ල ටිකක් උස්සල , නැත්නම් පැත්තට හරවගෙන වගේ (මොකද එයාට පේන ප්‍රෙද්ශය visual field එක වෙනස් වෙන නිසා) ...



දැන් මේ පේන විදිය , පිංතූර කිහිපයකින් මෙන්න මෙහෙම විස්තර කරන්න පූළුවන් ..මුලින්ම මේ normal vision පිංතුරය බලන්න ..ඔන්න ඔය සිදුවීම ග්ලුකෝමා රෝගියක් දකින්නේ පහත තිබෙන mild to moderate loss හෝ severe visual loss ලෙසින් නම් කළ පිංතූර වල විදියට සමහර විට රෝගයේ උග්‍ර අවස්ථාවක.. ඊටත් දරුණූ අවස්ථාවකදි නම් පේන ප්‍රෙද්ශය තවත් කුඩා වෙන්න පුළුවන් හරියට බටයකින් බලනව වගේ (tunnel vision) ..
ඔබ මොකද දැන් කරන්නේ ..මේ ලක්ෂණ ..නැත්නම් මුල් අවස්ථාවන් ඔබට දැනෙනවානම් හොඳම දේ තමයි රජයේ රෝහලකට , නැත්නම් පවුලේ වෛද්‍යවරයා වෙත යොමු වන එක ..මෙතැනදි ඔබ රෝහලේ අක්ෂි සායනයට යොමු කරාවි ..එහිදි ඇහැට බෙහෙත් බිංදුවක් දෙකක් දාල තියල ඇහේ පීඩනනය මනීවි ..බය වෙන්න එපා වේදනාකාරී පරීක්ෂණයක් නෙවි ..හරිම සරළ පහසු පරීක්ෂණයක් , ඔබට කරන්න තියෙන්නේ වෛද්‍යවරයා කියන විදියට ඒ උපකරණයට හිස රදවගෙන ඉන්න එක විතරයි ..ඊට අමතරව visual field test වගේ පරික්ෂණත් කරාවි . ..ඒ පරික්ෂණ වලින් හඳුනා ගත්තොත් ඔබේ ඇස ඇතුල් පීඩනය ඉහළ ගිහින් කියල ..එම පීඩනය සාමාන්‍ය තත්ත්වයට ගන්නට අවශ්‍ය ඖෂධ , බොන බෙහෙත් සහ ඇසට දාන බිංදු වශයෙන් ලබා දේවි ..දවසක් දෙකක් බෙහෙත් ගන්නකොට වේදනාවන් අඩු වේවි ..දැන් හිතන්න එපා ඔක්කොම හරි ලෙඩේ හොඳයි කියල ..හොඳට මතක තියා ගන්න මේ ලෙඩේදිත් වෛද්‍ය උපදෙස් මත සායනයට යන්නට නිසි කාළ සීමාව දක්වාම ..සමහර විට තත්ත්වය ශල්‍යකර්මයකින් පාළනය කළ හැකි මට්ටමක නම් එයටත් දැන් අවස්තාව තියෙනව ..එහිදි ලේසර් කිරණ භාවිතයෙන් හරි ..සාමාන්‍ය ශල්‍යකර්මයක් විදියට හරි එය කරන්නට පුළුවන් ..ඒ ශල්‍යකර්මයක් කළොත් ඊට පස්සේ ඔබ වැඩකටයුතු කළ යුතු ආකාරය ගැන ඔබේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයෙන් හරියට අසා දැන ගන්න ..මොකද බර එසවීම , නෑම , පොඩි දරුවන් එක්ක කටයුතු කිරීම මේ දවස් වට හරිම උපදෙස් වලට අනුකූලව කරන්න ඕන ..මොකද නැවතත් ඇසට අනතුරක් වුනොත් ටිකක් කරදර වැඩිවේවි ..
මේ නිසා ඔබ අඩුම තරමේ වසර දෙකකට වතාවක්වත් ඔබේ ඇස් , සුදුසුකම් ලත් අක්ෂි වෛද්‍යවරයෙක් මඟින් පරික්ෂා කරවා ගැනීම හරිම වැදගත් ..අර මුලීන් කී අනතුරුදායක සාධක ඇත්නම් ඊට ඉස්සර වෙලා “ඇස් බලවගන්න“ ..නැත්නම් තව ටික කාළෙකිනන් ජීවිතේ අඳුරට ගෙනියන්න වේවි ..
මෙන්න ග්ලුකොමා ගැන වීඩියෝ කිහිපයක් , ඒවත් බලන්න මෙන්න මෙතැනින් ..
අර පෙනීම වෙනස් වන හැටි මෙතැනින් බලන්න පුළුවන්
දැන් ඉතින් අද වැඩට යන්න වෙලාව හරි ..මොකද අද ටිකක් වේලාසන යන්න වෙයි වගේ කාළගුණේ ඒතරම් හොඳ නැති නිසා ..එහෙම නම් “ඇස් දෙක වගේ .......ඇස් දෙක පරිස්සම් කරගන්න“ ...
