![]() |
| හිම කුමාරියක්ද ?... |
කොහොම වුනත් , මේ කතා අස්සේ මගේ හිතට තවත් “ලියන්න යමක්“ එක් වුනා , ඒ ප්‍රමානවත් දියර පාණය නොකිරීම නිසා ඇතිවන්නට පුළුවන් “ගලක්“ ගැන ..(මේ ලියන දෙයින් එක් අයෙක් හරි දැනුවත් වේවි කියන අරමුණ ඇතිව තබන මේ සටහන් බලන්නේ නම් අතේ ඇඟිළි ගානක පිරිසක් වෙන්න පුළුවන් , ඒත් ඒ දැනුම ඔවුන් වෙතින් තව දුරටත් බෙදී යනවා නම් , එය සතුටක් ..)
ඔව් දිග කතා වලට යන්න ඕනැ නැහැ , අපි අද කතා කරන්න හදන්නේ , වකුගඩු සහ ම්‍රත්‍රා වාහිනි ආශ්‍රිතව ඇතිවන ‘මුත්‍රා ගල්“ ගැන Renal calculi ..(මොකද තවත් තැන් වල , ඒ කිව්වේ පිත්තාශය ,ඛේට ග්‍රන්ථී , ඔය වගේ තවත් තැන් වල මේ ගල් Calculi (කැල්ක්‍යුලි) හැදෙන්න පුළුවන් )
මේ තියෙන්නේ අපේ මුත්‍රා නිශ්පාදනය සහ බහිස්ස්‍රාවයට අදාල පද්ධතිය , මේ ඉහළ තියෙන වකුගඩු ඇතුළෙ ගල් හැදුනොත් ඒ තත්ත්වය අපි නම් කරන්නේ Nephrolithiasis කියන නමින් (Nephro-වකුගඩුව Lithos-ගල්) ....ඊට පහලින් තියෙන බට (Ureter) ඇතුලේ වගේම ඊටත් පහතින් තියෙන මුත්‍රාශය (Bladder) තුලත් මේ විදියට ගල් හැදෙන්න පුළුවන් . මේ හැම තැනකදිම ගල් හැදෙන්නට පුළුවන් වුනත් ඉන් වකුගඩුව තුල ගල් පැවතීම හුඟක් අනතුරුදායකයි . ඒ කිවවේ Nephrolithiasis වලට නිසි ප්‍රතිකාර නොගෙන හිටියොත් , එය වකුගඩුව නරක්වී , Renal failure නැත්තම් වකුගඩු මිය යාමට පුළුවන් . එය ඉතාමත් අවාසනාවන්ත සහ ජීවිතය ගැන අවදානම් අවස්ථාවක් . ඒ වගේ දරුණු තත්ත්ව ඇති කරන්න වුනත් මේ පුංචි ගලට පුළුවන් .
| ගල් ම(ල්)ලක් |
මේ “විජලන“ ප්‍රශ්නේට හැරෙන්න , ඔබ දියවැඩියාව , අධිරුධිර පීඩනය වගේ තත්ත්වයකට දිගු කාළීනව ප්‍රතිකාර ලබනවා නම් හුඟක් පරිස්සම් වෙන්න.ඒ වගේම “රක්තවාතය Gout“ තත්ත්වයෙන් පෙළෙන කෙනෙකුටත් Renal calculi සඳහා වැඩි අවදානමක් තිබෙනවා . ගර්භණී අවස්ථාවෙදිත් මුත්‍රා ගල් හැදෙන්න අවස්ථාවක් තියෙනවා.
හොඳයි දන් බලමු මේ “ගල් ඇතිවුනාම“ අපිට කොහොමද දැනෙන්නේ කියල ...ඔබ දන්නවද ඔබටත් , දැනටමත් මේ අවදානම තිබෙන්න පුළුවන් ,මොකද මේ හුඟක් Renal calculi වල මුල් අවස්ථා වලදි එහෙම නැත්නම් වකුගඩුව වගේ තැනක තිබෙන අවස්ථාවකදි වේදනාවක් ඇති නොවන තරම් , එය වකුඩුවේ හරි , ඒ නාලයක හරි හිරවුනාම තමයි වේදනාව ඇති වෙන්නේ . හිර නොවනුත් සමහර ගල් ඔය මුත්‍රා බට දිගේ ගමන් කරන කොටත් වේදනාවක් එනවා . (විශේෂයෙන්ම උල් කටු වගේ පිහිටිම් සහිත ගල් ගමන් කරත්දි ) . කෙටියෙන්ම කිව්වොත් ප්‍රධානම ලක්ෂණය තමයි “වේදනාව“ ..මේක නිකම්ම වේදනාවක් නොවෙයි , කොන්ද පැත්තෙන් පටන් අරගෙන බඩ දිගේ පහලට ඇවිත් ලිංගික ප්‍රෙද්ශය දක්වා දුවන , බොහොම දැඩි , පුපුරු ගසනවා , නැත්නම් අනිනවා වැනි තද වේදනාවක් . මේ වේදනාවේ තද කම නිසාම මේ එක්ක වමනය යන්නත් ඉඩ තියෙනවා , සමහර විට මේක “බඩවැල් මිරිකනවා වගේ“ දැනෙන renal colic එකක් වෙන්නත් පුළුවන්. මේ එක්කම මුත්‍රා කරත්දි මුත්‍රා මාර්ගය ආශ්‍රිතව වේදනාවත් එක්ක , ලේ මිශ්‍රිතව මුත්‍රා පිටවෙන්න පුළුවන් . සමහර විට මුත්‍රා බර දැනුනත් , එය පිට කරගන්න බැරි වෙලා ලොකු වේදනාවකට පත්වෙන්නත් , මේ ගල පිහිටන තැන අනුව ඉඩ තිබෙනවා. මේ විදියට වරින් වර මුත්‍රා එක්ක ලේ යන අයෙක්ට , ඊට දවසකට දෙකකට පස්සේ තදට උණ ගැනෙන්න පුළුවන් , ඒ කියන්නේ දැන් ඔබට මුත්‍රා ගල් මගින්, සිදුවන “සිරීම්“ නිසා මුත්‍රා ආසාදනයකුත් හැදෙන්න පටන් අරගෙන , දැන් නම් බලන් ඉන්න එපා ඉක්මණීන් වෛද්‍යවරයෙක් කරා යොමු වීමයි සුදුසු.
මේ කියන ලක්ෂණ ඔබට තිබෙනවා නම් ප්‍රමාද කරන්න එපා . සුදුසු වෛද්‍යවරයෙක්ගෙන් ප්‍රථීකාර ගන්න . හුඟක් වැදගත් දෙන බෙහෙත් බොන එක වගේම , දෙන උපදෙස් පිළිපදින එකත් , තත්ත්වය ටිකක් දුර දිග ගිහිල්ලනම් , ඔබට රෝහලකට යොමු කරාවි , එහිදි , බඩේ Xray , CT. scan වගේම Ultra sound පරික්ෂණත් කරන්න පුළුවන් .ඊට අමතරව ඇඟට යම් ඩයි වර්ගයක් ඇතුළු කරලා ගන්න විශේෂිත Xray මගිනුත් ගල් පිහිටන තැන , ප්‍රමාණය වගේ තීරණ ගන්නට ඔබේ සෞඛ්‍ය කණ්ඩායම යොමු වේවි.
හරි අපි හිතමු “ගල් “ තිබෙන බව හදුනා ගත්ත කියල , දැන් ඉතින් ඔපරේෂන් කරන්නම වේවිද ? ...බය වෙන්න එපා , අද ..එකපාරටම Operation කරන්න ඕන නැති තරම් මොකද ඊට වඩා පහසු ප්‍රතිකාර ක්‍රම හුඟක් තියෙනවා . අනෙක ගල් හුඟාක්ම කුඩා නම් ඔබට යම් වේදනානාශක වර්ගයක් එක්ක , මුත්‍රාකාරක Diuretics වර්ගයක් දෙන්න පුළුවන් , එවිට වෛද්‍යවරයා ඔබට පවසාවි වැඩි පුර දියර වර්ග ගත යුතු බව .දැන් ඔබට තියෙන්නේ බෙහෙත් බීලා , හොඳට බීලා ඉන්න එක ..වෙනදාට වඩා වැඩි වාර ගණනක් මුත්‍රා කරන්නට යන්න වේවි , හරිම වැදගත් දැන් ඔය “මුත්‍රා පල් කර කර ඉන්නේ නැතිව“ මුත්‍රා බර දැනුන අවස්ථාවේ එය බැහැරලන්නට කටයුතු කරගන්න . සාමාන්‍යෙයන් මේ ප්‍රතිකාරයෙන්ම ඔබේ ගල් පිට වෙලා යන්න 80% ක විතර හැකියාවක් තිබෙනවා.
මීට අමතරව මේ ගල් වල තියෙන රසායනික සංයෝග බිඳ වට්ටන්න , තව දුරටත් ගල ලොකු වීම වලක්වන්නත් බෙහෙත් වර්ග දෙන්න පුළුවන් (ගල් දියකරන්න කියලයි පොදුවේ කියන්නේ ) ..
මේ බෙහෙත් සියල්ලම ප්‍රමාණවත් නැතිනම් , ඔබට පුළුවන් ගල පුපුරවා හැරල , ඒ කුඩා ගල් කෑලි සාමාන්‍ය විදියටම මුත්‍රා එක්ක පිට කරල ඔබේ ප්‍රශ්නෙන් නිදහස් වෙන්න , මේ ක්‍රමය අපි නම් කරන්නේ Lithotripsy කියල (ExtraCorporeal shock wave lithotripsy ) . මෙහිදි කරන්නේ අතිධ්වනි තරංග කියන භාවිත කරමින් ගල කුඩු කරන එක . මේක ලොකු වේදනාවක් ඇති කරන ප්‍රතිකාරයක් නම් නෙවි , හැබැයි මේ පොඩි ගල් කුඩු මුත්‍රා එක්ක පිට වෙන කොට නම් සුළු වේදනාවක් ඇති වෙනවා තමයි , එයත් වේදනානාශක වලින් අඩු කරගන්න පුළුවන් .
| ගල් ඇදීම ... |
දැන් ඔක්කොමත් කළා කියමු ..මේ රෝග තත්ත්වය දැන් සුව වුනත් ඔබ පරිස්සම් නොවුනොත් ආයෙත් එන්නට ඉඩ තියෙනවා . ඒ කිව්වේ Renal Calculi වරින් වර මතුවෙන්න පුළුවන් තත්ත්වයක් ,ඒ නිසා පරිස්සම් වෙන්න , විශේෂයෙන්ම එක් අවස්ථාවක හරි මෙය හඳුනගත්තා නම් , නැත්නම් අවදානම් බව හඳුනාගත්තා නම් හුඟක් පරිස්සම් වෙන්න . නැත්නම් මේ පුංචි ගල ඔබේ ජීවිතයම ගිල දමාවි ..
මෙන්න ගල් ගැන වීඩියෝවක්
එහෙනම් අදට සමු ගන්නවා , තවත් දවසක ලෙඩක් දාන්න හිතාගෙනම ..
-----------------------------------------------------------------------------------------------
මේ දවස් වල “සිංහල බ්ලොග් පරිශ්‍රය“ හරහා හමාගෙන ගිය “ලිංගිකත්වය මූලික වූ“ සුන්දර කුණාටුව ඔස්සේම මේ මාතෘකාවට හසු වුනානම් සමාවෙන්න ...ඒ එක්කම ඔය “කුණාටුවේ හමාගෙන ආ “ සමහර අවස්ථා , සිදුවීම් සාමාන්‍ය තත්ත්වයන් නොවන බව තේරුම් නොගත් අයත් අපි අතර ඉන්නා බව දැනුන , ඒ නිසා ඒ හැමෝගෙම හිත සුව පිණිස මගේ 41 වන ලිපියට සිත යොමු කරවන්නට මේ මොහොත අවස්ථාවක් කරගන්නවා. කැමැත්තෝ පැමිණ කියවත්වා .දැනුවත් වෙත්වා ..කැමැත්තෝ මේ දැනුම තවත් අය වෙත බෙදා හරිත්වා ....
.jpg)