“මහේෂ් , මං කඩේ පැත්තට ගිහින් බඩු ටිකක් අරන් එන්නම් , ඔයා ඉන්න , . කඩේ ගියා , මම දෙරණ ගුවන්
විදුලියේ “රෑ ඉර පාන “ අහගෙන හිටිය. ඇඟේ අමාරු අමතක වෙන තරමේ සුන්දර කතාබහක් ...බන්දුල නානායක්කාරවසම් මහත්තයගේ හඬ , පද වැල් ඇමිණුම වගේම , තෝරාගන්නා ගීතයනුත් හද බදන , සිත හදන සොඳුරුම වූවක් , ඒ කතා බහත් එක්ක මමත් මගේ අතීතයට , මගේ ගමට ගියා වගේ දැනුන ..
| රේඩියෝව හදවතට ලංකරන ...රැ ඉර පාන |
ලහි ලහියේ එළවලුවක් බතක් , මාළුත් උයල “ආශ්නි දුව“ අතේ කඩේට කෑම එකක් යවපු මනෝජ , එයාගේ සටහන් ටික කියවන්න ගත්ත , තව සති දෙකකින් test එක ..මමත් අහගෙන හිටපු වැසටහන නවත්වල , ලියන්න හිතාගත්ත.
මොකක්ද මේ කතාවට හේතුවුනු “Vaginal prolapse“ කියන්නේ ? .....Vagina කියන්නේ “යෝනි මාර්ගය“ , Prolapse කියන්නේ පහතට වැටීම ..එහෙම නම් අපි මේ කතා කරන්න හදන්නේ කාන්තාවන් බොහොමයක් ජීවිත කාළේ යම් අවස්ථාවක විඳිවන්නට හේතුවන “යෝනි මාර්ගය පහත්වීම “ කියන රෝග තත්ත්වය ගැන ..
මුලින්ම අපි මේ ආශ්‍රිත අවයව පටක ආදිය සාමාන්‍යෙයන් තියෙන ආකාරය හදුන ගනිමු , එතකොට මේ අසාමාන්‍යතාවය තේරුම් ගන්න ලේසියි. අපි දැනටමත් දන්න විදියට මේ ගැටළුවට හේතු සාධක වන්නේ “යටි බඩ ප්‍රෙද්ශයේ “ තිබෙන අවයව සහ ආශ්‍රිත පටක වල සිදුවන වෙනස් විමක් , ටිකක් හිතල බලමු අපි හිටගෙන ඉන්න ජිවීන් පිරිසක් විදියට අපේ ඇඟේ වැඩි බරක් දරන්නෙ පහළ ප්‍රෙද්ශය , විශේෂයෙන්ම උකුල සාදන Pelvic bones සහ පාදයේ ඉහළ අස්ථි තමයි වැඩිම බරක් දරන්නේ , කොන්ද පැත්තෙන් ගත්තත් එහි පහළම ඇට තමයි වැඩියෙන්ම තෙරපෙන්නේ ...![]() |
| බේසම - Pelvic cavity |
| බේසමේ පල්ල Pelvic floor ' |
මේ කාන්තාවගේත් ඔන්න ඔය කතාවම තමයි මෙතැනදි වෙන්නේ , මේ ගර්භාෂය , මුත්‍රාශය වගේම කුඩා බඩවැල්වල පහත කොටස් , ගුද මාර්ගය වගේ අවයව ඔක්කොම තියෙන්නේ මේ යට බඩ ප්‍රෙද්ශයේ , සීමිත වපසරියක තිබීමත් , වටෙන්ම අස්ථිමය බිත්තියකින් Pelvic cavity වට වෙලා (හරියට බේසමක් ඇතුලෙ වගේ) තිබීමත් නිසා ඉහළ අවයව වලින් එන පීඩනය මේ ප්‍රෙද්ශයට හුඟක් දැනෙනවා , විශේෂයෙන්ම මේ කිව්ව අවයව බොහොමයක බර දරාගෙන ඉන්න pelvic floor පේෂී වලට (බේසමේ පල්ල)වගේම තවත් උපකාරක පේෂී , සම්බන්ධක පටක ගණනාවකින් තමයි මේ පීඩනය දරාගෙන ඉන්නේ , එතෙක් කරදරයක් නැහැ ,
![]() |
| පල්ල ගිය මේසම - Vaginal prolapse |
ඔය විදියට වැජයිනල් ප්‍රොලැප්ස් එකක් වුනාම එළියට එන්නේ මොනවාද ? ...සාමාන්‍යෙයන් ගර්භාෂය , එහෙම නැත්නම් ගර්භාෂයේ කොටසක් එළියට නෙරා එන්න පුළුවන් Prolapsed uterus . ඒ විතරක් නොවෙයි , සමහර අවස්ථා වල ගුද මාර්ගයේ කොටස් නෙරා එන්නත් (Rectocele) අවස්ථාවක් තිබෙනවා , සමහර විට මුත්‍රාශයේ කොටස් මේ විදියට යෝනි මාර්ගය ඔස්සේ තෙරපිලා එන්න පුළුවන් (Cystocele) ...මේ මොන මොන කොටස් එළියට ආවත් , මේ හැම අවස්ථාවක්ම හරිම අප්‍රසන්න , වේදනාකාරී තත්ත්වයක් සමහර විට ජීවිතේ පවා එපා කරවන තත්ත්වයක් ...
| තාත්තට නං ෂෝක් ... |
ඒ වගේම ආර්තවහරණය සිදුවු කාන්තාවනුත් තම අවදානම වැඩි කරගන්නවා , හේතුව තමයි අපි මේ කතා කළ බොහොමයක් පේෂි පටක වල ශක්තිමත් බව රඳවගන්න ඊස්ට්‍රජන් හෝමෝනය වැදගත් , ඒත් ආර්තවහරණයත් එක්ක මේ හෝමෝන මට්ටම අඩුවෙන නිසා අර කී උදව්වට ඉන්න පේෂි , පටක වල ශක්තිමත් බවත් අඩුවෙනවා .එය හේතුවක් මේ prolapse තත්ත්වයට.
අනෙක් හේතුව තරබාරුව ..ඒ ගැන ඉතින් කියන්න ඕනයැ නේද ? අපේ සමහර කාන්තාවන් දිහා බැලුවම මේ බර කොහොම දරාගෙන ඉන්නවද කියල හිතෙන තරම් . අධික තරබාරුව තියෙන අයට පෙර කී සාධක නැතිව වුනත් මේ තත්ත්වය එන්න පුළුවන් ..
මීට අමතරව ගර්භාෂය ඉවත් කිරීමේ ශල්‍යකර්ම හෝ ඒ ආශ්‍රිත ශල්‍යකර්ම කළ කාන්තාවන්ටත් කාළයක් තිස්සේ මළබද්ධය වැනි තැටමීම් කරන ආබාධ තියෙන අයටත් ..රැකියාව විදියට අධික බර ඔසවන හෝ දිගා කාළීනව හිටගෙනම සිටින රැකියාවල ඉන්නා කාන්තාවන්ටත් යම් අවදානමක් තිබෙනවා , කොහොම වුනත් මේ අවදානම වියපත්වීම එක්ක වැඩිවන බව (විශේෂයෙන්ම වයස අවුරුදු 45න් ප්සසේ) නම් කියන්නම ඕන..
| විඳවන්නේ නැතිව හදාගන්න.. |
මේ තත්ත්වයන් ඇත්නම් නිස්කාරණේ විඳවන්න එපා , ඔබේ වෛද්‍යවරයා හමුවෙලා මේ ගැන පවසන්න , මුලික සරළ පරික්ෂණ කිහිපයකින් සහ ඔබ සමඟ කෙරෙන කතා බහකින් පසුව , ඔබේ ප්‍රතිකාරයන් සඳහා යොමු වේවි , ප්‍රතිකාර විදියට ඔබේ බර අඩු කර ගැනීම , ආහාර රටව නිවැරදි කිරීම , පවතින අපහසුතා අඩු කිරීමට ඔහු කටයුතු කරන අතරේ , තත්ත්වය ශල්‍යකර්මයකට යායුතු තත්ත්වයේ නම් ඔබ රෝහලක් වෙත යොමු කරනු ඇති , එහිදි ශල්‍යකර්මයක් මඟින් එම ප්‍රෙද්ශය ශක්තිමත් කිරීමට කෘතිම පටකයක් (surgical mesh) රැඳවීම , විකෘති වී ඇති කොටස් නිවැරදි කිරිමක් කරාවි , මෙය “මහා ලොකු ඔපරේෂණ් “ එකක් නොවෙයි කියන්න පුළුවන් , ඕනම රජයේ රෝහලක ඉක්මණින් කරවා ගන්නට පුළුවන් , දවස් දෙක තුනක් විතර පොඩි වේදනාවක් තියේවි , ඒත් ඊට පස්සේ නිදහසේ ඉන්න පුළුවන් නේ ..ඒ නිසා විඳවන්නේ නැතිව නිසි ප්‍රතිකාරයට යොමුවෙන්න , ජීවිතේ සතුට විඳින්න ..
![]() |
| අම්මල දූලගේ පන්තිය ... |
එහෙනම් අදට සමුගන්නවා , ආයෙත් දවසක් එන්නම් ,
.jpg)
.jpg)
