| මෙන්න පත්තරේ ... |
අදත් වෙනද වගේම rest එකේදි පොඩි කතා බහකට අපේ rest room එකට අපි ටික එකතුවුනා ..වෙනද වගේ නෙවි අද ලොකු කතාබහක් ලෙඩක් ගැන ..වෙනදනම් ඉතින් කාන්තාවෝ ඇදුම් මෝස්තරයි පුරුෂ පාර්ශවේ කාර් ගැනයි තමයි වැඩි පුර කතාව ...අද වෙනස් ..කවුරුත් Toronto Sun පත්තරේ (මේ පැත්තට එන්න ඉන්නවා නම් ටිකක් කියවල ,මෙහේ තත්ත්වේ දැන ගන්නත් පුළුවන් ) තියෙන ලිපියක් ගැන තමයි අවධානය ..වෙනදට නම් ඉතින් මේ පත්තරේ මේසේ පාළුව මකනවා විතරයි ..
| මේ කෝපි කඩේ ... |
කොහෙම හරි ඒ ප්‍රශනේ නම් අවසන් ..ඒත් මට ප්‍රශ්නයක් ! ....මොකක්ද ..මේ වෙනකොට ලිපි හැත්තෑ පහක් ලිව්වත් තවම Schizophrenia ගැන තවම ලිව්වේ නෑ නේද කියල එක ...ඔව් තවමත් ඒ ගැන නොලිවු නිසා අද ලියන්නයි හිතන්නේ ...
කාටද පුළුවන් වුනේ අර ලෙඩේ නම එකපාර කියන්න ....? ...ඔව් ටිකක් කියවන්න අමාරු ලෙඩක් ..ඒ එක්කම මානසික රෝග අතරින් ටිකක් දරුණූ ඝණයේ තත්ත්වයක් ..(මානසික රෝග අතර පිළීකාව කියලත් මේකට කියනවා ) ..මේක ස්කිසෝෆ්‍රේනියා කියල කියවන්නත් පුළුවන් ..නමුත් ව්‍යවහාරයේ අපි කියන්නේ සික්සොෆ්‍රීනියා කියන නමින් ..(සිංහලෙන් නම් භින්නෝන්මාදය ...)
Schizophrenia මේක ඇත්තටම දරුණූ ..ඒ වගේම බොහොම කාළයක් ප්‍රතිකාර කළ යුතු ..නැත්නම් බොහෝ කාළයක් විඳවන ..ඒ වගේම ජීවිතය සම්පුර්ණයෙන් වෙනස් වෙන ලෙඩක් ..මේක ඇති වෙන්න ප්‍රධානම හේතුව මොළයේ තියෙන ස්නායු සම්ප්‍රේශක Neurotransmitter කියල රසායනික ද්‍රව්‍ය වන වන අසමතුලිතතාවයක් කියල දැනට සොයාගෙන තිබුණත් ..තවමත් පර්යේෂණ කෙරෙනවා .කොහොම හරි මේ විදියට මොළයේ රසායනිකයන් වෙනස් වුනාම , “හිතන විදිය“ , වෙනස් වෙනවා ..තීරණ ගන්න විදිය වෙනස් වෙනවා ..ඒ විතරක් නෙවි මේ පුද්ගලයාගේ “ආවේග ...හැඟීම් “ ආදියත් අස්වාභාවිත වෙන්න පුළුවන් ...තව දේවල් තියෙනවා ..මෙයාට අමුතු දේවල් පේනවා .ඇහෙනවා ..අමුතු විශ්වාස ඇතිවෙනවා ...කෙටියෙන්ම කිව්වොත් මිනිහා සම්පුර්ණයෙන්ම වෙනස් චරිතයක් බවට පත්වෙන ..පත් කෙරෙන රෝග තත්ත්වයක් ... ඕං ඉතින් මම ඔයාව බය කරන්න හදනවා නොවෙයි ..මේ ලෙඩේ වුනත් පාළය කරන්න පුළුවන් ..හරියට ප්‍රතිකාර ගත්තොත් ..බොහෝ දුරට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන් .. අනෙක් දේ අපි අතරෙත් තවම හඳුනා නොගත් මේ රෝගීන් ඕනෑ තරම් ඉන්නවා ...කතාවේ ඉස්සරහට යන්කෝ ..එතකොට තේරේවි කවුද මේ කියල ..සමහර විට මේ ඔයා ගැන වෙන්නත් පුළුවන් ..මොකද අපි සිය දෙනෙක් ගෙන් එක් අයෙක්ට මේ තත්ත්වය ජීවිත කාළයේ එක් අවස්ථාවක හරි මතුවෙන්න ඉඩ තිබෙන බව අද සොයාගෙන තියනවා ..
| පිස්සු නටනවා කියල කියන්න එපා |
මුලින්ම බලමු කොහොමද මේ රෝගය ඇතිවෙන්නේ කියල ...මේකටත් ප්‍රධානම හේතු සාධකය පවුල ...නෑ මම මෙතන පවුල කිව්වේ ..ජානමය සම්බන්ධයක් කියන එක ..ඒ කිව්වේ මේක “ආරෙන්“ එන්න ඉඩ තියෙන ලෙඩක් ..තව විදියකින් කිව්වොත් තමන්ගේ අම්මට ,තාත්තට හරි සහෝදර , සහෝසදරියකට හරි Schizophrenia තිබුණොත් අනෙක් සාමාජිකයාටත් එය ඇතිවෙන්න අවදානමක් තියෙනවා ...මේක ඉළින්ම සම්බන්ධයි නිවුන් සහෝදරයන් අතරේ ...ඒ කිව්වේ “සම නිඹුල්“ අයෙකුට මේ ලෙඩේ හැදුනනම් අනෙක් කෙනාට ඇති වෙන්න 50%කට කිට්ටු අවස්ථාවක් තියෙනවා ....
ඊට අමතරව දරු උපත සිදුවන අවස්ථාවේ නැත්නම් ගර්භණී අවස්ථාව තුල සිදුවන අනතුරු නිසාත් වියපත් වුනාම මේ තත්ත්වයට අවදානමක් තියෙනවා ..විශේෂයෙන්ම මව ගර්භණී අවස්ථාවේ යම් මානසික රෝගයකින් පෙළුනනම් ...නැත්නම් දරුණූ ශ්වනසාබාධයකින් පෙළුනනම් ..දරුවට ලැබෙන ඔක්සිජන් අඩුවීමක් වෙනවා ..එයත් දරුවට අනාගතේ අවදානමක් ගේනවා ..(දැන් ගේ ඇතුලේ දුම පුරවන තාත්තලා ටිකක් හිතුවොත් තමා හොඳ ..) ..
තාත්තලා ගැන කීවම මතක් වුනේ දරුවට මේ මානසික රෝගය ඇති කරන්න තාත්තගේ වයසත් බලපානවලු ..ඒ කියන්නේ දරුව බිහිවෙනකොට තාත්තගේ වයස අවුරුදු 50ක් විතර නැත්නම් ඊට වැඩි නම් ..ඒ දරුවට මේ මානසික රෝගය ඇතිවීමට වැඩි අවදානමක් තියෙනවා ..දැන් මේක කියවන අපේ මිතුරන් ටිකක් කල්පනාකාරී වීම හොඳයි ..මොකද හැමදේම පහුකර කර හිටියොත් දරුවට හොඳ නෑ .....
| මොළ දෙකේ වෙනස ! |
දැන් අප ටිකක් හොය බලමු මේ ලෙඩේ හැදුනම ඇතිවන ලක්ෂණ මොනවාද කියල ..හොඳට කල්පනාවෙන් කියවන්න ..මේ ලක්ෂණ ගැන කියවන විට කවුරු කවුරු මතක්වේද බලන්න ..
අපි පැහැදිලි කිරීමේ පහසුවට මේ ලක්ෂණ ගොන්න ප්‍රධාන කොටස් තුනකට කඩනවා ..ඒ Positive symptoms , Negative symptoms සහ Cognitive symptoms කියල ..දැන් බලයි මොනවද අප්පේ මේ බර කතාව කියල ..පොඩ්ඩක් ඉන්නකෝ ..අපි මේ එකින් එක ටිකෙන් ටික ලිහා ගනිමු ..
මුලින්ම මොනවද මේ Positive symptoms නැත්නම් ධන ලක්ෂණ කියලා ..මුලින්ම අස්වාභාවික අදහස් මත ඔවුන්ගෙන් මතුවෙන්න පටන් ගන්නවා ..ඒ කිව්වේ සාමාන්‍යෙයන් ලොකේ සිද්ධ නොවන දෙයක් ගැන මේ කෙනා අධිකව විශ්වාස කරනවා ..මේකට වෛද්‍ය විද්‍යාත්මකව කියන්නේ Delusions කියල .....
| “මං දෙයියෝ “ ... |
තවත් උදාහරණ ..සමහරු විශ්වාස කරන්නේ තමන් දුටුගැමුණු රජ්ජුරුවෝම කියල ..කොච්චර එහෙම නොවෙයි කිව්වත් මෙයානම් පිළිගන්නේ නැහැ ..“මමයි රජ්ජුරුවෝ (Grandiose delusion) .....“ ඇවිදින්නෙත් ඔළුව කෙළින් තියාගෙන “කඩුවත් වන වන ..“ ,
තවත් පොදු අවස්ථාවක් තමයි අසාමාන්‍ය සැකය ඇතිවීම(Persecutory delusion) ...කෑම එකවත් කන්නේ නැහැ හේතුව ඇහැව්වම “ අරුන් ඕකට වස දාල ඇති “ , නැත්නම් “ඔය කෑම එකක්යැ ...ඔය මාළු කෑල්ලට වස දාල තියෙන්නේ ...නොකිව්වට මං දන්නවා “ ...ආයෙ කවනව නම් බොරු තමා .....තව හොද ඩිලුෂන් එකක් තමයි අනුන්ගේ දේවල් තමන්ගේ වගේ හිතන එක ..ඒ කිව්වේ රේඩියෝ එකේ සිංදුවක් ගියොත් එයා හිතන්නේ “මේ මටම මගේ හිත රිද්දන්නම හිතල ලියපු එකක්“ ..පාරේ කවුරු හරි හූවක් කිව්වොත් “ඔය හූ කියන්න ඇත්තේ මටමයි“ ... ඔන්න ඔය තමයි අපි මේ කියන අස්වාභාවික විශ්වාස වලට උදාහරණ ..ඔන්න තව සමහරු ඕන කමින්ම හිතාගෙන ඉන්නවා තමන්ගේ ඇඟ ඇතුළෙ පිළිකාවක් ..නැත්නම් ඇඟ ඇතුළෙ යකඩ කෑල්ලක් තියෙනවා .Somatic delusions..විශේෂත්වය මොන සක්කරයටවත් මේක බොරු බව ඒත්තු ගන්වන්න බැහැ ..කොච්චර කීවත් එයාගේ කතාවම තමයි ඇත්ත ....
අනෙක් Positive ලක්ෂණේ තමයි Hallucinations කියන්නේ ..මේ ලක්ෂණේ දි වෙන්නේ මෙයාට අසාමානය දේවල් ඇහෙනවා ...දැනෙනවා ...හොද උදාහරණයක් තමයි මේ අය කියනවා තමන්ට දෙවියෝ කතා කරනවා ...සමහරු ඇත්තටම යාළුවෙක් එක්ක කතා කරනවා වගේම කතා කරනවා ...ඒත් අපිට පේන්න කවුරුවත් නැහැ ...Auditory hallucination කියලයි ඒ අවස්ථාවට කියන්නේ ... තවත් සමහරුන්ට විෂුවල් හැලුසිනේෂන් visual hallucination එතකොට එයාට අමුතු දේවල් පේනවා . සමහරුන්ට ගේ ඇතුලේ හොල්මන් ඇවිදිනව පේනවලු ...සමහර වෙලාවට “සියලු දේවාභරණ පැළඳ ගත්ත ...දෙයියෝ අපේ ගෙදර ගාවටම එනවා ..මම දකිනවනේ ..“ අපි කාටවත් නොපෙනුනාට මෙයාට පේනවා ...මේක ගැන කිව්වම “පිං තියෙන අපිට තමයි ඒව පේන්නේ , උඹලට කොහෙද ...“ මට මේ දෙබසත් තාම මතකයි ...මේ විදියටම අපිට නොදැනෙන “සුවඳ ...රස ..“ ඔය වගේ දේවල් දැනෙන්නත් පුළුවන් මෙයාලට ..ඒ විතරක් නොවෙයි අපිට මුණ ගැහුණු එක් රෝගී ගැහැණු දරුවෙක් කිව්වේ ..“කවුද මේ බිත්තියෙන් අත දාල මගේ .......ඇල්ලුවනේ ..“ ..ඇත්තටම අඬාගෙන ඇවිත් මෙහෙම කියනකොට කොහොමද කියන්නේ බොරු කියල ..ඉතින් අපි ගිහින් බිත්තිය පෙන්නුවම ...“නෑ ..දැන් ටිකකට ඉස්සර වෙලා මේ බිත්තිය මැදින් ලොකු අතක් ඇවිත් ඇල්ලුවේ“ .....ඒ බිත්තිය මැදින් අතක් එන්න තියා ඇණයක් වත් එන්න බැහැ ..ඒත් මේ කෙල්ලට “ඒක වෙලානේ ...“ අපි ඔය තත්ත්වෙට කියන්නේ Tactile hallucination කියල ...
| මම කවුද ? ... |
ඊළඟ Positive ලක්ෂණේ....මේ අයට කිසිම වැඩක් පිළීවෙලට කරගන්න බැහැ ...කෑම කන එක ...ඇඳුමක් අ දින එක ...අඩුම තරමේ නාගන්න එකවත් හරියට කරගන්න බැහැ ..එක්කො බාගෙට වැඩේ කරගෙන එනවා ...හැම වැඩක්ම අපිළිවෙලයි .Disorganized බවක් තමයි ඒ හැම දෙයක් ගැනම අපිට දැනෙන්නේ .ඒ එයාට ගැන කිසි තැකීමකුත් නැහැ ..අනෙක හැඟීම රහිත බවක් තමයි මුහුණේ පෙන්න තියෙන්නේ .සමහර විට අවස්ථාවට ගැලපෙන්නේ නැති හැඟීම් තමයි පෙන්වන්නේ .කතාවට ගියාම එකිනෙකට කිසිම ගැලපීමක් නැති කතාවල් එක දිගට කියාගෙන යාවි ..
මෙන්න වේලාසනම ඇතිවන ප්‍රධානම ලක්ෂණේ ...මෙයා “හරිම සංවේදී කෙනෙක් වෙනවා “ ...හරිම සුළු දේකටත් ඉක්මණින් තරහ වෙලා ..කණ්ඩායමෙන් ඈත් වෙලා තනියම ඉන්නවා ...එයාම කියාවි “මගේ යාළුවෝ මාව අයින් කරලනේ ...මට කවුරුවත් නෑ ..මං තනිවෙලා ..“ ..ඒත් ඇත්ත මේක නොවන්න පුළුවන් ..එයාමයි යාළුවන්ගේන් අයින් වුනේ ..එහෙම ඈත් වෙලා තනිවෙලා දුක් විඳින බව යාළුවන්ට හඟවන්න හරිම ආසයි ....ඔන්න ඔය හරිම සෙන්සිටිව් යාලුවො ඉන්නවා නම් ටිකක් පරිස්සමින් හොයල බලන්න එයාලගේ චර්යාව මොනවගේ වේද කියලා ...
තුන් වැනි ලක්ෂණෙ Cognitive symptoms .. ඒ කියන්නේ මේ පුද්ගලයාගේ මතකය , බුද්ධිමක තත්ත්වය ඉතාම පහළ ..රස්සාවට යන්න ..ඉස්කොළෙට යන්න කැමැත්තක් නැහැ ..ගියත් මුකුත්ම මතක නැහැ ..සමහරුන්ට තමන්ගේ නමවත් මතක නෑ කිව්වොත් ඔබ පිළිගන්නවද ..?
දැන් මේ ලෙඩ ලක්ෂණ මල්ල කියෝගෙන යත්දි හිතන්න එපා මේක එන්නේ වයසට ගිය අයට විතරයි කියල ...නැහැ ..වයස අවුරුදු 18 විස්ස වගේ සීමාවේ ඉඳළම මෙය මතුවෙන්න පුළුවන් .. ..ඒ නිසා මේගැන අවධානය අඩු කරන්න එපා ...අනෙක් කාරණේ මේ රෝග තත්ත්වය ජීවිත කාළය පුරා ආකාර තුනකින් ඇතිවෙන්න පුළුවන් ..
| මාව අඳුනගන්න .... |
ඉතින් මේ තත්ත්වයට ප්‍රතිකාර තියෙනවාද ?...ඔව් මේ Schizophrenia රෝගයට ඖෂධීය ප්‍රතිකාර ...විද්‍යුත් ප්‍රතිකාර ..චර්යාත්මක ප්‍රතිකාර ..ඔය වගේ ආකාර කිහිපයක ප්‍රතිකාර තියෙනවා ..ඒත් ඒ ප්‍රතිකාර වල නිසි ඵල ගන්නට නම් “ලෙඩේ කුරෝලු වෙන්න ඉස්සර“ ...එහෙම නැත්නම් ලෙඩේ උත්සන්න වෙන්න ඉස්සර නිසි සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙක්ට පෙන්වන්න ..උපදෙස් ගන්න ...ආසන්නම රජයේ රෝහලේ මානසික රෝග සායනයට යොමු කරවන්න ..එහෙම කළොත් මේ රෝග තත්ත්වය හොඳන් පාළනය කරගෙන ජීවිතය ගෙවන්න පුළුවන් ...හැබැයි මේ රෝගියාට පවුලෙන් ..සමාජයෙන් උදව් ඕන ..ඔහු නැත්නම් ඇය ඔබේ කෙනෙක් විදියට සලකන්න .. මොකද මේ තුවාල වෙලා තියෙන මනසට හරියට රිදෙනවා ..ඔබෙන් වෙන පුංචි අතපසු වීමක් ..තද වචනයක් ඇති එයාට ජීවිතේ නැති කරගන්න වුනත් ..(මානසික රෝගී අයෙක් රැක බලාගන්න විදිය අපි 18 වැනි ලිපියෙදි කතා කළා ..කැමති නම් මේ link එකට ගිහින් ඒ ගැනත් බලන්න ..) එහෙම නම් අපි අද කතා කළ Schizophrenia කියල රෝග තත්ත්වය ගැන කතාව මෙතැනින් නිමා කරනවා ...මොකද මේ වගේ රෝග වල ප්‍රතිකාර ..ඖෂධ ...පරිස්සම් වෙන්න ඕන විදිය අපි මීට ඉහත ලිපි කිහිපයක කතා කරල තියෙනවා ..ඒ දේවල් ආයෙත් කියවන්න ඕන නැහැනේ ...එහෙම නම් අදට සමුගන්නම් ..
පසුවදන,...
මෙන්න ඔබේ අදහස් එක්ක සොයාගත්ත එක්තරා සිංහල චිත්‍රපටියක කොටසක් ....බලන්න වීඩියෝව මානසික රෝගීන් ගැන සංවේදී අදහසක් ගත හැකි අවස්ථාවක් ....http://youtu.be/Ev8pu1IvLt0
