Showing posts with label මුත්‍රා ගල්. Show all posts
Showing posts with label මුත්‍රා ගල්. Show all posts

2016/01/14

186) උත්තර දෙන මුත්තරා

අද පොඩි අක්කල දෙන්නට වෙනදට වැඩිය සතුටුයි . මොකද ඊයෙ රෑ පටන් ගත්තු හිම වරුසාව තව නැවතිලා නැහැ . අනෙක තෙත් හිම wet snow , කවුරුත් වගේ ආසයි තෙත් හිම වලට . තාත්ත ගේ ඉස්සරහ පාත්වේ එක සුද්ද කරනකං අක්ක දෙන්න වාහන පනගන්වල , හිම  අයින් කරල , අයිස් කඩල ඔක්කොම ටික ලේස්ති කරනවා. මට දැන් ටිකක් ලේසයි ලොකු “කෙල්ලො දෙන්නෙක්ම“ ඉන්න නිසා. (ගෙදර ඉන්න “ලොකුම කෙල්ල“ උදේ පාන්දරම වැඩට යන නිසා , මේ පොඩි කෙල්ලො දෙන්න එක්ක මේ යුද්දේ කරන්න වෙන්නේ මටම තමයි)
ඩ්‍රයිවිං වලින් හොඳම ඩ්‍රයිවිං “වින්ටර් ඩ්‍රයිවිං“ 
කෙහොම හරි වෙලාවට ඔක්කොම කරල පාසල සහ සේවා ස්ථානය බලා යන ගමන පටන් ගත්ත.
“අද නියම දවස ඉවසීම පුරුදු කරන්න නේද තාත්තේ “ ලොක්කි , පොඩ්ඩි දිහා බලන ගමන් .
“ඒ මොකද ?“ පොඩ්ඩි පැන්න මැදට 
“ඇයි වාහනේ යන්නේ අපට ඕන විදියටම නෙවිනේ , ඒ නිසා වෙනදට වැඩිය කල්පනාවෙන් යන්න ඕන “ අක්කගේ විස්තර කිරීම හරි , මේ ස්නෝ තට්ටුව උඩ “කිරි කිරි “ගාමින් කරකැවෙන රෝද , කියන දේ අහන්නේම නැහැ , ස්කේටිං කරනවා වගේ තමා , හැබැයි මම ආසම ඩ්‍රයිවිං , ස්නෝ ඩ්‍රයිවිං කිව්වොත් වැරදිම නැහැ.

2012/01/29

81) ගල නොපතන්නයි ..හොඳටම බොන්නයි

හිම කුමාරියක්ද ?...
“ලොකූ ...මේ දවස් වල වෙනදට වැඩිය හොඳට වතුර බොන්න ඕන තේරුණාද ? ....අනෙක මේ කෑම දාන්නේ ගෙදර ගෙනත් කන්න නෙවි ...“ දෙන්නටම කියන්නේ ...අක්කට සැර දාන කොට හොරෙන් පැත්තකට වෙන “මිතිලි නංගිටත්“ එක්ක අම්ම දේශනයක් .. ඉස්කෝලෙට යන්න සූදානම් වෙලා උදේ පාන්දර හැමදාමත් ඔය වගේ උපදෙස් මල්ලක් ලැබෙනවා , ඒත් මේ දවස් වල හිම වැස්සත් එක්ක අපේ දෙන්නටම කන්න බොන්න “වෙලාවක්“ නැති බවයි හැමදාමත් හවසට දැන ගන්න ලැබෙන්නේ , හේතුව හොයල බලන්න නම් ඇඳුම් දිහා බලන්න ඕන , මේ දවස් වල කට්ටියට බර වැඩ , ඉස්කෝලේ පිට්ටනිය පුරා හදල තියෙන snow manලා , snow fairyලා හදන්න “ඉන්ටවල් “එක වැය වුනාම කන්න වෙලාවක් ඇතැයි නේද ? ....