Showing posts with label මුත්‍රා ආසාදන. Show all posts
Showing posts with label මුත්‍රා ආසාදන. Show all posts

2016/01/14

186) උත්තර දෙන මුත්තරා

අද පොඩි අක්කල දෙන්නට වෙනදට වැඩිය සතුටුයි . මොකද ඊයෙ රෑ පටන් ගත්තු හිම වරුසාව තව නැවතිලා නැහැ . අනෙක තෙත් හිම wet snow , කවුරුත් වගේ ආසයි තෙත් හිම වලට . තාත්ත ගේ ඉස්සරහ පාත්වේ එක සුද්ද කරනකං අක්ක දෙන්න වාහන පනගන්වල , හිම  අයින් කරල , අයිස් කඩල ඔක්කොම ටික ලේස්ති කරනවා. මට දැන් ටිකක් ලේසයි ලොකු “කෙල්ලො දෙන්නෙක්ම“ ඉන්න නිසා. (ගෙදර ඉන්න “ලොකුම කෙල්ල“ උදේ පාන්දරම වැඩට යන නිසා , මේ පොඩි කෙල්ලො දෙන්න එක්ක මේ යුද්දේ කරන්න වෙන්නේ මටම තමයි)
ඩ්‍රයිවිං වලින් හොඳම ඩ්‍රයිවිං “වින්ටර් ඩ්‍රයිවිං“ 
කෙහොම හරි වෙලාවට ඔක්කොම කරල පාසල සහ සේවා ස්ථානය බලා යන ගමන පටන් ගත්ත.
“අද නියම දවස ඉවසීම පුරුදු කරන්න නේද තාත්තේ “ ලොක්කි , පොඩ්ඩි දිහා බලන ගමන් .
“ඒ මොකද ?“ පොඩ්ඩි පැන්න මැදට 
“ඇයි වාහනේ යන්නේ අපට ඕන විදියටම නෙවිනේ , ඒ නිසා වෙනදට වැඩිය කල්පනාවෙන් යන්න ඕන “ අක්කගේ විස්තර කිරීම හරි , මේ ස්නෝ තට්ටුව උඩ “කිරි කිරි “ගාමින් කරකැවෙන රෝද , කියන දේ අහන්නේම නැහැ , ස්කේටිං කරනවා වගේ තමා , හැබැයි මම ආසම ඩ්‍රයිවිං , ස්නෝ ඩ්‍රයිවිං කිව්වොත් වැරදිම නැහැ.

2011/11/09

67) උඩට ගියොත් වැඩ වරදින Honeymoon ලෙඩක් ?

අද පොද වැස්සක් දවස පුරාම, සීතලත් ටිකක් වැඩියි වගේ , අහසේ වලාකුළු පිරිළා ...නිල් පාටක් පේන්නවත් නැහැ , වෙනද විනාඩියකට ගුවන්යානා තුන හතරක් බලන්න පුළුවන් වුනාට අද නම් සද්දේ විතරයි , පෙන්නනෙ නම් නැහැ , උදේ අටයි පනහට ගෙයින් එළීයට බැහැ ගත්ත , පොද වැස්සටම , අපිට කොහොම වෙතත් දිනිති අක්කටයි , මිතිලි නංගිටයි නම් රජ මඟුල් , පාරේ යන ගමන් “වැරදිලා“ අඩිය තියන්නේම වතුර වලවල් වලට , “පොඩී ...ඇග තෙමාගෙන ලෙඩ හදාගන්නකෝ ..! “ ...හැමදාමත් පුරුදු අම්මගේ ගෝරනාඩුවට ටික වෙලාවක් හීලෑ වෙන පොඩ්ඩි ආයෙත් වැරදිලා ඒ වැඩේම කරනවා ...