Showing posts with label විශේෂිත පරික්ෂණ. Show all posts
Showing posts with label විශේෂිත පරික්ෂණ. Show all posts

2016/01/14

186) උත්තර දෙන මුත්තරා

අද පොඩි අක්කල දෙන්නට වෙනදට වැඩිය සතුටුයි . මොකද ඊයෙ රෑ පටන් ගත්තු හිම වරුසාව තව නැවතිලා නැහැ . අනෙක තෙත් හිම wet snow , කවුරුත් වගේ ආසයි තෙත් හිම වලට . තාත්ත ගේ ඉස්සරහ පාත්වේ එක සුද්ද කරනකං අක්ක දෙන්න වාහන පනගන්වල , හිම  අයින් කරල , අයිස් කඩල ඔක්කොම ටික ලේස්ති කරනවා. මට දැන් ටිකක් ලේසයි ලොකු “කෙල්ලො දෙන්නෙක්ම“ ඉන්න නිසා. (ගෙදර ඉන්න “ලොකුම කෙල්ල“ උදේ පාන්දරම වැඩට යන නිසා , මේ පොඩි කෙල්ලො දෙන්න එක්ක මේ යුද්දේ කරන්න වෙන්නේ මටම තමයි)
ඩ්‍රයිවිං වලින් හොඳම ඩ්‍රයිවිං “වින්ටර් ඩ්‍රයිවිං“ 
කෙහොම හරි වෙලාවට ඔක්කොම කරල පාසල සහ සේවා ස්ථානය බලා යන ගමන පටන් ගත්ත.
“අද නියම දවස ඉවසීම පුරුදු කරන්න නේද තාත්තේ “ ලොක්කි , පොඩ්ඩි දිහා බලන ගමන් .
“ඒ මොකද ?“ පොඩ්ඩි පැන්න මැදට 
“ඇයි වාහනේ යන්නේ අපට ඕන විදියටම නෙවිනේ , ඒ නිසා වෙනදට වැඩිය කල්පනාවෙන් යන්න ඕන “ අක්කගේ විස්තර කිරීම හරි , මේ ස්නෝ තට්ටුව උඩ “කිරි කිරි “ගාමින් කරකැවෙන රෝද , කියන දේ අහන්නේම නැහැ , ස්කේටිං කරනවා වගේ තමා , හැබැයි මම ආසම ඩ්‍රයිවිං , ස්නෝ ඩ්‍රයිවිං කිව්වොත් වැරදිම නැහැ.

2014/02/10

152) බටේ නොදා ඇටේ ගිලින අපේ කාළේ තාක්ෂණේ ...

පිංතූරය ගත්තේ fastercure.org වෙතින්
“කෝ බලන්න සඳුනි ..ඔයාගේ අත චූට්ටක් මෙහාට දෙන්නකෝ ........“ .....
“ අනේ මාමී අදත් මගේ ලේ ගන්නවද ? ..... ලොකු සර් කීවනේ අද ගෙදර යන්න පුළුවන් කියල ...“ ..

2012/05/11

99) ටෝර්ච් ගහන පූසා ...ඇන්ටි බොඩිය පෑවා ..

පන්දම අල්ලන 
 “ලොකූ ..........කෝ කොහෙද ටෝර්ච් එක....ඔයා නේද ඊයේ ගේ අස් කළේ ...“ අම්මගෙන් ලොකු සද්දයක් ...

“ඔය ඇඳ ගාව ඇත්තේ... “ ලොකු මොකක්දෝ ලිය ලියා උන්නු නිසා ඒ දිහා බලාගෙනම උත්තර බැන්දේ ..“ඒකතමයි අහන්නේ , ඒ තියෙන්න ඕන තැන ඒක නැහැ ...මෙහෙ එන්න ...“ මගේ දිහාත් බලපු ලොකූ පරිස්සමට අඩි තිය තිය ගියා කාමරේට ....

“කෝ ...තියෙන්න ඕන තැන තියෙනවද ?...

“ඉතින් මං මෙතනනේ තිව්වේ ..“

දැන් දෙන්න එක්ක කමරේ පුරා අවුස්සන හඬ මට ඇහුනත් , කරගෙන ගිය වැඩේ ඉවර කරන්න ඕන නිසා ..අනෙක ඉතින් තුන් දෙනක් ඕනයැ ඕක හොයන්න ...මං මගේ පාඩුවේ මගේ වැඩේ කරගෙන ගියා ...

2011/12/17

72) ලැජ්ජ නැතිව ඇඟ පෙන්නන හැටි දැනගන්න ...!

බල්ලන්ටත් ඇදුම් ......
“මනෝජ ඔහොම කියයි දැන්  , Summer එකේදි ...දැන් ඔය වහගෙන ඉන්න කෑළි ටික ටික අඩු වෙනවා , ඊට පස්සේ බලන්නත් ලැජ්ජයි අනේ  මුළු ඇඟම එළියේ ....අනේ මන්ද මේ කුණු සරීරෙ මොකට එළියට දාගෙන යනවද කියල ,...“ මගේ බිරිඳයි , මේ රටේදි අපිට හුඟක්ම උදව් කළ මිතුරියකයි ඇඳුම් ගැන කළ කතා බහක කොටසක් තමයි ඔය ..මොකද දැන් හැමෝම මුළු ඇඟම හොඳට වැහෙන්න ඇඳුම් , ජැකට් ...තව තව පලදනා ගණනාවක් දාගෙන තමයි යන්නේ එන්නේ ,ඒ විතරද මේ දවස් වල නම් බල්ලන්ටත් හොඳ උණුසුම් ඇදුම් අන්දවගෙන තමයි යන්නේ ...එ වුනාට ඉතින් හොඳ හොඳ ඇඳුම් එන්නේ Summer එකටලු

2011/07/11

30) පරිස්සමට පරීක්ෂණේ ..රිපෝට් එකේ ලියා ඇතේ

ට්‍රීං..ට්‍රීං.....මේං..මේං....
ඊයේ දවස හුඟක් සංවේදී වුනා ...පුංචි දරු පැටවුන්ගෙන් හෘදයාංගමව ගලා ගිය සුන්දර කදුළු බිඳු වලින් පිරුණු පැය පහක කාළය විටෙක මට දරා සිටින්නට හරිම අමාරු වුනා ..මගේ බිරිඳට කඳුළ සඟවන්නට බැරි වුනත් මම සිතින් විඳිමින් කඳුල සඟවා ගත්තා ..මගේ පැටවුනේ ....ආයෙත් මට ඔබට Anatomy උගන්වන්නට එන්න වෙන එකක් නැහැ ...ජීවිතේ රස කතා කියන්නට ඉඩක් මට ලැබෙන්නේ නැහැ ..ඒත් පුතේ ..දුවේ ...හැමදාමත් ඔබේ දිරියට , ඔබ ළඟින් අපි ඉන්නා බව සිත් තබා ගනී යැයි සිතමි ....