| ට්‍රීං..ට්‍රීං.....මේං..මේං.... |
හරිම මහන්සියි ..ගෙදර ඇවිත් ටිකක් බිම වැතිරුණා ....පොඩ්ඩිත් ඇවිත් තුරුළු උනා ....“ ට්‍රීං ට්‍රීං......‘ මට ඇහැ ඇරුණා ..ඒ කියන්නේ මට... නෑ අපි දෙන්නටම හොඳටම නින්ද ගිහින් ...
“ඔව් පුතා ..කව්ද මේ “......
“සර් මම චමින් ....අපි දැන් සර්ලගේ ගෙදර එන්න හදන්නේ .....දැන් එන්නද ?“ මගේ සිසුවෙක්ගේ හඩ...
“හරි පුතා එන්න ...මාත් දැං තමයි නැගිට්ටේ ....“
මේ වෙනකොටත් මගේ බිරින්දෑ කුස්සියේ “සොඳුරු ජරමරය“ පටන් අරගෙන ...“ මනෝජා ...චමින්ල එනවළු ......“ මම ඇයට කීව ...“ මට හිතුන කට්ටියගේ කතාවෙන් ..අපි ටක් ගාල බතකුයි එළවළුවකුයි හදමු ....“
| රසට උයමු ... |
මේ ඔක්කොම වැඩ අතරේ එක් පුතෙක් මං ගාවට ආව ...“සර් ...මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ..අපේ අම්මගේ බ්ලඩ් රිපෝට් එකක් ගැන ...අද අරගෙන ආවට එතැනදි මේව කතා කරන්න තරම් හොඳ තත්ත්වයක් තිබුණේ නැහැනේ ...සර් මෙන්න මේ රිපෝට් එකේ ඇත්ත තත්ත්වය කියල දෙන්නකෝ .....“
මගේ අතට දුන්න වෛද්‍ය පරීක්ෂණ වාර්තාව අතර අරගත්තත් මගේ හිතේ වදන් කිහිපයක් රැඳුනා ...“ ඇයි පුතා ඇත්ත තතත්වය කියන්න කිව්වේ ...? “ මගේ කුතුහලය යොමු වුනා ...
| ලේ බලේ ....මොළේ .... |
එහෙම නම් අද අපි කතා කරන්නේ Blood tests එහෙම නැත්නම් රෝග නිර්ණක රුධිර පරීක්ෂණ කිහිපයක් ගැන ...
මොනවද මේ බ්ලඩ් ටෙස්ට්ස් ? .....අපේ ඇඟේ ක්‍රියාකාරීත්වයේ යම් වෙනසක් පවතිද කියල හොයා ගන්නත් එමඟින් රෝග තත්ත්වයක් හරි රෝග තත්ත්වයක ස්වභාවය හෝ හඳුනගන්න භාවිත කරන ක්‍රමයක් තමයි මේ රුධිර පරීක්ෂණ ...පොදුවේ මේ විදියට කිවුවත් මෙම රැධිර පරීක්ෂණ ...Biochemical tests , Hematological tests , වගේ වර්ග ගණනාවක් තියෙනවා ..නමුත් ඔබට පුරුදු නම් වශයෙන් කිව්වොත් Blood sugar , Blood count ....ඔය විදියට විවිධ නම් , පරීක්ෂණ තියෙනවා ..අපි ටිකක් හුරු ඒ වගේම වඩාත් බහුලව සිදු කෙරෙන පරීක්ෂණ කිහිපයක් ගැන විතරක් කතා කරමු , මොකද වැඩියෙන් විස්තර කරන්න ගියොත් ඔබට මෙය එපා වේවි ....
සාමාන්‍ය යෙන් රැධිර පරීක්ෂණයක් කෙරෙන්නේ වෛද්‍යවරයෙක් විසින් කරන ඉල්ලීමක් Request මත ...ඒත් සමහර රෝග තත්ත්ව වලට ප්‍රතිකාර පතා රෝහලට යත්දිම පරික්ෂණ වාර්තාවක් අරගෙන යන්නම පුළුවන් නම් එය කාළය ඉතිරියක් වේවි ..හැබැයි දැන් ඉතින් ඇස් අමාරුවට බෙහෙත් ගන්න යත්දිත් Blood test කරන්න දුවන්න එපා ...
| ඇන්න නේද ? ..තැනටම |
දැන් අපි බලමු කොහොමද ඔබෙන් නිවැරදිව රැධිර සාම්පලයක් ගන්නේ කියල ...මුලින්ම අදාල හෙදිය හෝ රසායනාගාර නිලධාරියා අදාල පරීක්ෂණ ඉල්ලුම් පතේ කරුණූ ඔබ සමඟ කතා කර දැන ගෙන තහවුරු කර ගන්න ඕන ..හරිම වැදගත් ඔබේ නම එහි නිවැරදිව තිබේදැයි බලන්න ..කියවගන්නට බැරිනම් අදාල නිලධාරියාගෙන් අසන්න..ඒ ගැන අයිතියක් ඔබට තියෙනවා .. ඊළඟට කළ යුතුදේ තමයි පරීක්ෂණය සඳහා ඔබේ සූදානම පිළිබඳව හදුනාගැනීම ..සමහර පරීක්ෂණ වලට නිරාහාරව පැමිණිය යුතු වෙනවා ..බොහොමයකට එසේ අවශ්‍ය වන්නේ නැහැ...සමහර පරීක්ෂණ සඳහා ඔබ දැනට ගන්නා ඖෂධ වල වෙනස් කම් කළ යුතු වෙනවා ...එම කරුණ දී ඇති උපදෙස් මත වූවාදැයි හඳුනාගැනීමේ වගකීම අදාල නිලධාරියා සතුයි ...ඒ වගේම පරීක්ෂණය සඳහා ලේ ගැනිමට පෙර අදාල පරීක්ෂණය ගැන එහි අවශ්‍යතාවය ගැන ඔබට පැහැදිලි කරදීමේ වගකීමත් ඔහු සතුයි ...සමහර අවස්ථාවල ඔබගේ කැමැත්ත Written consent ලබා ගන්නත් ඉඩ තිබෙනවා ...
| මෙන්න මේකයි වෙන්නේ ....... |
දැන් ඉතින් ඔක්කොම හරිනේ හෙට එන්න රිපෝට් එක දෙන්නම් ....
| මෙන්න රිපෝට් එක ....පාස්ද ෆේල්ද ? |
මුලින්ම සීනි ගැනම කතා කරමු ....මේකට අපි කියනවා Blood sugar / blood glucose ...එක එක නම් , කොහොම වුනත් වෛද්‍යවිද්‍යාත්මකව භාවිත වන්නේ Random blood sugar නමින් එහි සාමාන්‍ය අගය වන්නේ 75-120mg/dl එයම වෙනත් ඒකකයකින් 3.9-6.9mmol/L ලෙසිනුත් දක්වන්න පුළුවන් ....පරීක්ෂණේ සඳහා විශේෂ සුදානමක් , ආහාර වෙනස් කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ ...දියවැඩියාව හෝ එහි පුර්ව අවස්ථා හඳුනාගන්නට බහුලව භාවිත කෙරෙන පරීක්ෂණයක්.... හැබැයි තවත් සීනි පරීක්ෂණයක් බහුලව සිදුවෙනවා ..එය නම් කරන්නේ Fasting blood sugar කියන නමින් ..මෙහිදී රෝගියා පැය අටක් නිරාහාරව සිට ඉන් පසුව මෙම පරීක්ෂණයට රැධිරය ගන්නට ඕන ...මෙහි සාමාන්‍ය පරතරය 70-100mg/dl (මිලිග්‍රෑම් පර් ඩෙසි ලීටර්) හෝ 3.9-5.5 mmol/L( මිලි මෝල් පර් ලිටර්) වෙන්නට පුළුවන් ...හැබැයි මේ අගයන් සීමාවෙන් පහළ ගියත් ඉහළ ගියත් ලෙඩ.....
දැන් කම්මැලියිද ......එහෙනම් තව එකක් ගැන විතරක් කතා කරමු ...Full Blood Count එක ගැන ..මේ පරීක්ෂණේ ඇතුලේ පොඩි පොඩි test ගණනාවක් තියෙනවා ..අපි කිහිපයක් ගැන කතා කරමු ...එයින් මුලින්ම Hemoglobin ප්‍රමාණය ගැන ..මෙම අගය ස්ත්‍රී පුරුෂ අනුවත් යම් වෙනසක් දක්වනවා ..මොකද සාමාන්‍යයෙන් ස්ත්‍රියකගේ Hemoglobin අගය ටිකක් අඩුයි ..ඒ Menstruation හි බලපෑමත් එක්ක ..කොහාම වුනත් කාන්තාවකගේ මෙම අගය 12-16g/dl අතර අගයකත් පිරිමියෙක්ගේ නම් 14-18g/dl වගේ සීමාවකත් තියේවි ....
අනිත් හරිම වැදගත්දේ තමයි පට්ටිකා ප්‍රමාණය Platelet count මොකද මෙයාල තමයි අපේ ඇඟේ තුවාලයක් වුනාම ලේ කැටියක් හදලා ලේ එළියට යන එක නවත්වන්නේ ...Platelet අඩු වුනොත් අනතුරු දායකයි .විශේෂයෙන්ම ඩෙංගු තත්ත්වය වගේ අවස්ථාවකදි ....මෙය සාමාන්‍යෙන් 150,000-450,000/mm3 තිබිය යුතු වෙනවා , මෙම අගය පහළ යනවා නම් අනතුරුදායකයි ...ඉක්මණින් වෛද්‍ය උපදෙස් ගන්න
මේ විදියට කියන්න ගියොත් පරීක්ෂණ ගණනාවක් තියෙනවා ...ඒ සියළුම පරීක්ෂණ පිළිබඳ දැනගන්න හොඳ link එකක් දෙන්නම් වැඩි විස්තර අවශය නම් එතැනින් ගන්න ..නැත්නම් මම ඕනෑම වෙලාවක මේ වෙනුවෙන් විවෘතයි .....
මෙන්න ලින්ක් එක් http://www.flash-med.com/LabNormal.asp
කොහොම හරි කට්ටියගේ සාජ්ජේ ඉවරවෙන කොට රෑ දහයත් පහු වෙලා ...ගෑණු දරුවො ටික පරිස්සමින් ඔවුන්ගේ නේවාසිකාරයට ඇරලූවත් අපේ පිරිමි දරුවන්ට මොකද වෙන්නේ ...“පුතාල අද මෙහේ ඉඳල හෙට යන්න පුළුවන්නේ ...“ , කොහොම වුනත් මම ඒ දරුවන්ගේ දෙමාපියන්ට කතා කරල අවසර අරන් දුන්න ..මොකද අපේ පිරිමි ළමයි හරිම තැන්පත් ...නේද ?