Showing posts with label Inhalers. Show all posts
Showing posts with label Inhalers. Show all posts

2011/09/19

59) එකක් උරල ටිකක් ඉඳල...පණ රැක ගන්න ...

අද තමයි ටිකක් නිදහසක් ලැබුණේ , පහුගිය දවස් ටිකේම ලොකූ දුව ගේ concert එකේ පුහුණූ විම් වලටයි , එක එක බඩු හොයන්නයි  දිව්ව එක තමයි වැඩේ . කොහොම හරි හැමෝගෙම මහන්සියේ සාර්ථක ප්‍රතිඵලයක් විදියට ගාල්ල සංඝමිත්තා බාලිකාවන් Leiderkranz 2011 ප්‍රසංගය අති සාර්ථක විදියට පැවැත්වූවා. පුංචි පන්ති වල පැටවුන්ගේ ඉඳලා ලොකු පන්ති වල ඉන්න දරුවන්ගේ දක්වා ගායන , රංගන , වාදන හැකියාවන් බොහොම උසස් මට්ටමින් එහිදි ඉදිරිපත් වුනා. අපේ දිනිති ලොකු අක්කත් ඒකේ වයලින් වාදන කිහිපයකට ඉදිරිපත් වුනා . හරිම සතුටුයි ,