Showing posts with label ඖෂධ. Show all posts
Showing posts with label ඖෂධ. Show all posts

2016/01/12

185 ) රෑට රෑට ගන්න හිතෙන “ආස“ම පෙත්ත

ලස්සන ...................winter එක (පිංතුරයwww.wookmark.com)
වෙලාව අටයි පනස් පහයි , පොඩ්ඩො දෙන්න ඉස්කෝලෙට දාල මගේ සේවා ස්ථානයට එත්දි . අද දවසට හිම වැස්ස . අඳුර තිබුණත් තද හුළඟක් නැති නිසා ඒතරම්ම සීතල නැහැ . දැනෙන විදියට සෙල්සියස් සෘණ 15-20 ක් වගේ ඇති . කොහොම වුනත් තවත් ලස්සන දවසක් .

සපත්තු , සීතල කබා ,  හිස් වැසුම් ඉවත් කරල  සැහැල්ලු වුනා විතරයි . කාමරේට ඇතුළු වෙන්න වුනෙත් නැහැ , 

2016/01/06

181) හද බදන හොටු හදන සාර්තන් !

ටිකක් සීතල දවසක් , ඊයේ Sundogs ලා දැකපු නිසා කවුරුත් අද දවස ටිකක් දරුණු දවසක් වේවි කියල බලාගෙන ඉන්නෙ , මොකද මේ කාළගුණ දෙපාර්තමේන්තුව , මාධ්‍යයට වඩා ගමේ වයසක වැඩිහිටියෝ “ටක්කෙටම“ කාළගුණේ කියනව .

මෙන්න Sundogs

2012/05/04

97) සඳවතීට සඳසිරී ....එකතු කරන පොඩි පෙතී

සුපිරි සඳ 
අද විශේස දවසක් , ඒ වෙසක් පොහොය , තවත් දෙයක් , ඒ තමයි ආයෙත් අපිට Super moon දකින්න ලැබීම , ඒ කියන්නේ , වෙනදට වඩා සඳ පොළොවට ලංව ගමන් කිරීම නිසා , ප්‍රමාණයෙන් විශාලව එය පෙනෙන්නට වීම , ...ඔන්න ඔය අස්සේ මේ සංසිද්ධීයේ බල පෑම් නිසා ගිනිකඳු පිපිරීම් වගේ සිදුවීම් සහ භූමිකම්පා වේදැයි සැකයක් මතුකරන ලිපියක් අද Weather network එකේ පළකරල තිබුණා . ඒ නිසා මේ ගැන ටිකක් කියවන්නත් හිතාගෙන වාඩි වුනත් , දැන් ටිකක් නිස්කලංක එකේ Post එකක් ලියන්න හිතුනා ...හඳ ගැනම ලියමුකෝ ...


2011/09/19

59) එකක් උරල ටිකක් ඉඳල...පණ රැක ගන්න ...

අද තමයි ටිකක් නිදහසක් ලැබුණේ , පහුගිය දවස් ටිකේම ලොකූ දුව ගේ concert එකේ පුහුණූ විම් වලටයි , එක එක බඩු හොයන්නයි  දිව්ව එක තමයි වැඩේ . කොහොම හරි හැමෝගෙම මහන්සියේ සාර්ථක ප්‍රතිඵලයක් විදියට ගාල්ල සංඝමිත්තා බාලිකාවන් Leiderkranz 2011 ප්‍රසංගය අති සාර්ථක විදියට පැවැත්වූවා. පුංචි පන්ති වල පැටවුන්ගේ ඉඳලා ලොකු පන්ති වල ඉන්න දරුවන්ගේ දක්වා ගායන , රංගන , වාදන හැකියාවන් බොහොම උසස් මට්ටමින් එහිදි ඉදිරිපත් වුනා. අපේ දිනිති ලොකු අක්කත් ඒකේ වයලින් වාදන කිහිපයකට ඉදිරිපත් වුනා . හරිම සතුටුයි , 

2011/09/17

58) පණ රැක දෙන ..දිව නටවන ..පෙත්ත.

අපේ අළුත් සගයා 
අද අපේ ඒකකයේ හැමෝටම හුඟක් සතුටු දවසක් , එකක් අපේ ඒකකය භාර හෙද නිලධාරිනියගේ උපන් දිනය , අනෙක් වැදගත්ම දේ අපේ ඒකකයට ලොකු අඩුවක් වෙලා තිබුණූ රූපවාහිනි යන්ත්‍රයක් පරිත්‍යාගයක් විදියට ලැබීම . අනෙක් හෙද නිලධාරින් පරිත්‍යාගය නීත්‍යානූකූල විමට අවශ්‍ය ලිපි ලේඛණ සකසත්දි මමත් ජයන්තත් බිත්තියේ සිදුරක් හදාගෙන අළුත් වයරින් එකක් කළ ා ,මොකද රූපවාහිනිය ලැබුණට ඒකට power supply දෙන්න ක්‍රමයක් නැහැ ,ඕව පොත් වල ලිය ලිය ආණ්ඩුවෙන් කරව ගන්න ගියොත් තව කාළයක් යනව. දන්නවනේ ඉතින් වැඩක් කර ගන්න ගියාම කොයි තරම් කොළ ලියාගෙන අනුමත කර කර යන්න ඕනද කියලා, කොහොම හරි පැය දෙක තුනකින් සියල්ල හරි , රුපවාහිනිය ක්‍රියාත්මකයි , වැඩේ කියන්නේ අපේ කට්ටියට (රෝගීන්ට) වැදගත්ම දෙයක් තමයි විකාශය වෙන්නේ , ක්‍රිකට් තරඟයක් , අපේ රෝගීන්ගෙන් වැඩි දෙනෙක් තරුණ කොළු ගැටළු ..හැමෝටම හරි සතුටුයි , මොකද සමහරු රූපවාහිනිය නරඹන්නේ මාස නමකට විතර පස්සේ .දැන් අපේ ante room එක ,( රෝගීන්ගේ කාමර වලට පෙර තිබෙන විශේෂ කොටස)  හිනාවෙන් , කතාවෙන් පිරිළා.

2011/08/06

42) කකුළු බෙහෙතෙ උකුළු මුකුළු ....

ට්‍රීං ට්‍රීං මේං මේං පණිවිඩයක් 


“ට්‍රීං ට්‍රීං .....ට්‍රිං ට්‍රීං ...“
“හලෝ ..“
“සර් මං අමන්දා ...පොඩි Invitation  කරන්න කතා කළේ ....“
“අහා ...මොකක්ද මේ invitation එක ?.ළඟදී ......?....“
“නෑ සර් ....අපේ ගෙරද අද Dinner එකට සර්ටයි මිස්ටයි බබාලටයි එන්න කියන්න කතා කළේ ...., ඊයෙ හවස ගෙදර ආව ..මට එන්න වුනෙත් නැහැනේ සර්ගේ farewell එකටත් ,......සර් එනවනේ ........“
මේ මගේ දෙදහස් හත සිසු කණ්ඩායමේ සිසුවියකගේ හඬ , මගේ දරුවෙක්ගෙන් උදේ පාන්දරම ලැබුණු මේ ආරාධනාව එකපාරටම බාර නොගෙනත්  බැහැ , ඒත් අද දවසේ රාජකාරි එක්ක සහ මේ දවස් වල කඩා වැටෙන වැහි එක්ක ටිකක් කල්පනා කළා..