| ට්‍රීං ට්‍රීං මේං මේං පණිවිඩයක් |
“ට්‍රීං ට්‍රීං .....ට්‍රිං ට්‍රීං ...“
“හලෝ ..“
“සර් මං අමන්දා ...පොඩි Invitation කරන්න කතා කළේ ....“
“අහා ...මොකක්ද මේ invitation එක ?.ළඟදී ......?....“
“නෑ සර් ....අපේ ගෙරද අද Dinner එකට සර්ටයි මිස්ටයි බබාලටයි එන්න කියන්න කතා කළේ ...., ඊයෙ හවස ගෙදර ආව ..මට එන්න වුනෙත් නැහැනේ සර්ගේ farewell එකටත් ,......සර් එනවනේ ........“
මේ මගේ දෙදහස් හත සිසු කණ්ඩායමේ සිසුවියකගේ හඬ , මගේ දරුවෙක්ගෙන් උදේ පාන්දරම ලැබුණු මේ ආරාධනාව එකපාරටම බාර නොගෙනත් බැහැ , ඒත් අද දවසේ රාජකාරි එක්ක සහ මේ දවස් වල කඩා වැටෙන වැහි එක්ක ටිකක් කල්පනා කළා..
“හරි අමන්දා ...අපි එන්නම් ..හැබැයි වැඩි ලොකු දේවල් කරන්න එපා , මොකද එන්න වෙන්නේ මගේ හවස ඩියුටි off වෙලා , අනෙක් හයියෙන් වැස්සොත් නම් එන්න බැරිවේවි දුවේ , දන්නවනේ මගේ යානයේ තත්ත්වේ ....“
“හරි , එහෙනම් අපි බලාගෙන ඉන්නවා , අනෙක අපේ පුංචිත් ඉන්නව ගෙදර , ඊයේ එයාට බෙහෙත් විද්ද , ටිකක් අමාරුයි වගේ , සර් ආවොත් ගොඩක් වටිනවා එයාටත් ....“
මට මතක් වුනා අමන්දගේ පුංචි අම්ම පිළිකා තත්ත්වයකින් පසුවන බව , අවුරුදු තිහක් විතර වන ඇය ප්‍රාථමික ස්ථානය හඳුනා Course unknown primary (C.U.P) නොගත් පෙනහළු , තයිරොයිඩ් පිළිකාවකින් පෙළුනා , මීට මාස දෙකකට විතර ඉස්සර අපි ඔක්කොම ගිහින් ඇයත් එක්ක කතා කරල ආවත් ඊට පස්සේ තත්ත්වෙ ගැන තවම අවබෝධයක් නැහැ ,
එහෙමනම් අද Dinner එකට අපි යනවා අමන්දලගේ ගෙදර ...
| ලිස්සමුද අයියේ ... |
..අමන්දයි , අම්මයි , තාත්තයි මගටම ඇවිත් ...
“අපි ඒත් බය වුනා පරක්කු වෙන කොට ...මේ පාරට පස්දාල තියෙන්නේ තලන්න කියලා , එත් වැස්සට මඩ වගුරක් වුනානේ ...මං වැඩිය බය වුනේ බයිසිකලේනේ එන්නේ , “ අමන්දගේ තාත්ත මගේ යතුරු පැදිය අල්ලගත් ගමන්මයි ...එතකොට තමයි මටත් මතක් වුනේ මෙතැනට එනකම්ම ආපු Ice skating ගමන ගැන , පාරේ මඩ තට්ටුව නිසා බයික් එක ආවෙත් අයිස් උඩ ලිස්සනව වගේම තමයි ,
ටිකක් කතා කර කර හිටියට අමන්දගේ පුංචි අම්ම පේන්න නැහැ ,
“කෝ පුංචි ....ඇඳේ ද? ....“
“නැහැ ..එයා බුදුන් වඳින්න ගිහින් , කොහොමත් පැයක් විතර වැඳල නේ එන්නේ ...“ අමන්දාගේ තාත්ත කීවා.. අපි ටිකක් කතා බහ කළා , පැටවු ටික සෙල්ලම් කළා ...ඇයි දැන් පැටවු හතර දෙනෙක් ඉන්නවනේ , අපේ දෙන්නට මල්ලියෙකුයි ලොකු අයිය කෙනෙකුයි හම්බ වෙලා ..අපිව මතකත් නෑ වගේ ....
“ආ නිශාන්ත මහත්තයලනේ ....ඔන්න අපේ දූ උදේ ඉඳළම කියන කියවා හිටිය ...“ තට්ටේ පෑදුනු , ඉදිමුණු ඇඟක් එක්ක පුංචි ආව සාළෙට ...මේ තමයි අමන්දගේ පුංචි අම්මා ,
“ ඊයේ බෙහෙත් විද්ද , ඇඟට ටිකක් අමාරුයි වගේ , ඒ වුනාට වෙනද තරම් අමාරුවක් නැහැ ...මං ඉතිං හොඳට වතුර එහෙම බොනවානේ ...“ ගතින් රෝගී වුනත් ඇගේ හිතේ ශක්තිමත් බවනම් හරිම අපූරුයි , ලස්සන කොළු පැටවු දෙන්නෙක්ගේ අම්ම කෙනෙක්නේ ...
අපි රෑ ආහාරය අරගෙන ටිකක් විවේකයෙන් කතා කර කර හිටිය , මගේ බිරිද පවුලේ අනෙක් සාමාජිකයො එක්ක කතා කරත්දි මම අමන්දගේ පුංචි එක්ක ටිකක් කතා කළා , මොකද ඇයට හුඟක් දේ දැන ගන්න ඕන වග මට හැඟුණා , ..ඒ කතා කළ දේ අතරින් අපේ මිතුරු මිතුරිනට දැන ගන්නට ඕනම වැදගත් කරුණු ටික බ්ලොග් සටහනටත් දාන්න හිතුනේ , මේ තොරතරු නොදැනිමම , පිළිකා ප්‍රතිකාරයේ නිසි ප්‍රයෝජන නොලැබීමට හේතුවක් බව දැනෙන නිසා , මෙතැනදි මගේ වෘත්තීය ජීවිතේ වඩාත්ම කැමැත්තෙන් සේවය කළ පිළිකා ඒකකයේ සේවා කාළයේදි ලත් අත්දැකීම් වගේම එහිදි ලද විශේෂ පුහුණු මගින් ලබා ගත් දැනුමත් , අන්තර්ජාලය මඟින් ලබා ගත් නවතම දැනුමත් එක් කරන්නට මම උත්සාහ කරනවා ...
| මේං රජ මකුණා ( නැහැ කකුළුවා ) |
දැන් ඔය කකුළුවා ඇඟ ඇතුළේ හැදුනාම වෙන්නේ ඇඟේ අනිත් හොද අවයව පටක දුර්වල වෙන එක , මොකද මේ නරක කකුළුවා ඇඟට වැටෙන ඔක්කොම කැම බීම ඔක්කොම වගේ කනවනේ , ඉතිං හොඳ කට්ටියට ලැබෙන්නේ අඩුවෙන් , ඕක ඉතිං කොතැනත් ඔහොමමනේ නේද ? කොහොම හරි දැන් ප්‍රතිපලේ අපේ දේහයේ අනෙක් සාමාන්‍ය ක්‍රියාවන් වෙනස් වෙන එක , ඒ නිසා තමයි පිළිකා රෝගියෙක්ගේ විවිධ රෝග , ලක්ෂණ , වේදනාවන් , කරදර මතුවෙන්නේ ,
| විසෙන් විස නසන්නා ....... |
හරි දැන් පටන් ගනිමු , ඔය පිළිකානාශක ඖෂධ ප්‍රතිකාරය Chemotherapy drugs ගන්න රෝගීන් මුහුණ දෙන ප්‍රධානතම අතුරු ප්‍රතිපල කිහිපයක් ගැන අපි කතා කරමු , ඔය හැම දේකටම හේතුව මේ ඖෂධ දේහයේ විවිධ පටක මත , විශේෂයෙන්ම සීඝ්‍රයෙන් බෙදෙන , වර්ධනය වන පටක මත බලපැමක් ඇති කරන නිසා ,
| මේක නම් දිය ඇල්ලක්..... |
![]() |
| වමනෙට... |
කතා කළේ බෙහෙත ගැනනේ , ඊට අමතරව අපි කරන්නට ඕන දේවලුත් රාශියක් තියෙනවා , විශේෂයෙන්ම මේ ගැටළුව තියෙද්දි කෑම බීම ගන්නේ කොහොමද කියල , මොකද අපේ අය හුඟක් අමාරුවේ වැටෙනවා , වමනය යාම නිසා කෑම බීම නොගැනීමත් එක්ක , ඒ නිසා වමනය ගියා කියල නොකා නොබී ඉන්න එපා , ටික ටික කන්න , ටික ටික බොන්න . විශේෂයෙන්ම දවස පුරාම වරින් වර වතුර ටික ටික බොන්න , එකවර හුඟක් බිව්වොත් වමනය යන්න ඉඩ වැඩියි , සමහර විට සීතල කළ වතුර බොන කොට වමනය එන තත්ත්වය ටිකක් අඩු වෙනවා. කෑම වුනත් එහෙමමයි , දවසට වාර 6ක් 7ක් විතර චුට්ට චුට්ට කන්න , හැබැයි හුඟක් තෙල් දාපු , තුනපහ දාපු බර කෑමක් කෑවොත් වැඩේ වරදීවි , ඒ නිසා ටෝස්ට් කළ පාන් පෙත්තක් , කෙසෙල් ගෙඩියක් , බත් එලවළු ටිකක් , එළවළු සුප් ටිකක් වගේ මෘදු කෑමක් ටික බැගින් ගන්න දෙන්න , කිසිම වෙලාවට බඩ පැලෙන්න තරමට පුරවන්න එපා , ඒ වගේම කාපු ගමන් නිදා ගන්න යන්න එපා , ඇඳේම වුනත් කමක් නැහැ ටිකක් වාඩි වෙලා , විනාඩි 30ක් පැයක් විතර පොතක් පත්තරයක් බලන්න පුළුවන් නම් වඩාත් හොඳයි , හොඳට මතක තියා ගන්න , වමනයට බය වෙලා කන්නේ බොන්නේ නැතිව හිටියොත් තියෙන ලෙඩේ මදිවට තවත් කරදර රාශියක් බලෙන් හදා ගන්න වේවි,
| ටික..ටික....... ටික.... ටික... කන්න .... |
| ආ....හොඳට කුචු කුචු කරන්න ..... |
| සී.....තල කෑම |
| බොන්නද ? සූප්පු කරන්නද .? ... |
ඕං දැන් අනෙක් ප්‍රශ්නේ , දැං හිතෙන ඇති ප්‍රශ්න පත්තරයක් නේද බොලේ කියලා , ඔව් ගැටළු ගනනාවක් තියෙනවා , එයින් ප්‍රධානතම ගැටළු ටික ගැන හරි අපි කතා කරමු , ටිකක් ඉවසගෙන ඉන්න පුළුවන්ද ?
අනෙක් ප්‍රශ්නේ තමයි කෑම අරුචිය ඇතිවීම , කිසිම කෑමක් ගැස ආසාවක් නැහැ , මේකට හේතු ගණනාවක් තියෙනවා , ඖෂධය මොළය මත කරන බලපෑමත් එක්කම , වමනය , ඔක්කාර තත්ත්වය නිසාත් කටේ ඇතිවල තුවාල නිසාත් මේ හැඟීම ඇති කරන්න පුළුවන් , ඒවගේම ඖෂධයේ බලපැම නිසා සුවඳ , රස නොදැනීයාම සහ මානසිකව ඇතිවන අවපීඩන ස්වභාවයත් මේ අරුචියට හේතු වෙනවා , කොහොම ආවත් මේ අරුචිය නිසා රෝගියාගේ තත්ත්වය තවත් උග්‍ර අතට යන්න පුළුවන් , දැන් අපි මොකද කරන්න ඕන ,
| කෑම එපා කෑම එපා .......... |
| ඇයි මං කැතද ?....... |
| ලෙඩේ වුනාට හැඩේ කෝමද ? |
මෙහෙම ලියා ගෙන යද්දි නතර කරන්න හිතෙන් නෑ , මොකද තව දේවල් කියන්න ඕන , අනික දැන ගන්න දේ හරියට දැන ගන්නත් එපායෑ , ඒ නිසා මට තව ටිකක් ලියන්න අවසරයි නේ , ...
| අපිටත් ගහනවෝ ........ |
| අපි දෙන්නටත් කරදරයි නේද ........සුදූ ........ |
දැන් ඕකෙම අනිත් සහෝදර ප්‍රශ්නේ infections-ආසාදන ඇතිවීම , ඒ කිව්වේ මුලින් කී විදයට අපේ ඇඟේ ඉන්න හොඳ සුදු රැධිරාණු W.B.C. විනාශවීම නිසා මොකද අපිට වෙන්නේ ? ....ඔය සුදු රැධිරාණු කියන්නේ හරියට රටේ ආරක්ෂණ හමුදාව වගේ , ඉතින් එයාල අඩු වනොත් , දුර්වල වුනොත් මොකද වෙන්නේ රට ඇතුලේ වෙනත් කණ්ඩායම් වර්ධනය වෙමින් රටට කරදර , විනාශ කරනවා , ඔන්න ඔය වගේ W.B.C අඩු විම නිසා මේ රෝගීන්ට නිතර උණ හෙම්බිරිස්සාව වගේ පොඩි පොඩි ආසාදන වරින් වර ඇති වෙන්න පුළුවන් , පොඩි ඒව විතරක් නොවෙයි සමහර විට නියුමෝනියාව වගේ බොහොම උග්‍ර මරණිය තත්ත්වයට වුනත් පත්වෙන්න පුළුවන් රෝග ඇති වෙන්නත් පුළුවන් ,
| හොඳටම උණ නේ ..? |
මේ ගැටළුවෙන් ගැලවෙන්න නම් මූලිකවම රෝගියාගේ පවිත්‍රතාව හොඳින් තියා ගන්න ඕන , පිරිසිදුව ඉන්න ඕන , නිවැරදිව අත් සේදීම වැනිදේ හරම වැදගත් , ඒ වගේම රෝගියා ඉන්න ඇඳ , කාමරය දිනපතා පිරිසිදු කරල තියන්න ඕන , මොකද මේ වෙලාවේ මකුණෙක් කාළ ඇති වුන තුවාලයක් වුනත් ලොකු කරදරයක් ඇති කරන්න පුළුවන් , අමු එළවළු , පළතුරු නොකා හොදින් පිස ගත් ආහාර , පිරිසිදුව ආහාරයට ගන්න , ඇවුල බාද්දි තුවාල විම් සිදුවිම පුළුවන් තරම් අඩු කර ගන්න , හදිසියේ හරි තුවාලයක් වුනොත් ඉකමණින් යම් ඖෂධිය ප්ලාස්ටරයක් මගින් එතැන ආවරණය කරගන්න , මොකද ඔතන ඇති මරණයකට දොර හරින්න වුනත් , කුරුලෑ තිබේනම් ඒවා මිරිකළ කඩල බලෙන් දොර ඇර ගන්න එපා ... මළපහ කළාම හෝ මුත්‍රා කළාට පස්සේ හොඳින් පිරිසිදු කරගන්න , නැත්නම් මුත්‍රා ආසාදන Urinary tract infections U.T.I.ඇති වෙන්න පුළුවන්,
තව සහෝදරයෙක් ඉන්නවනේ පට්ටිකා කියලා platelet මුලින් කීහේතුවක් එක්ක මෙ කට්ටියතු අඩු වෙනවා , ඔය පට්ටිකා සාමාන්‍යෙයන් රුධිරය මයික්‍රො ලීටරයක 150000-450000 අතරේ තියෙන්න ඕන , එතකොට තමයි එයාලා එකතු වෙලා රුධිර වහනය වීම් , ඒ කිව්වේ ලේ ගැලීම් නවත් වන්නේ , ඒත් පට්ටිකා ප්‍රමාණය අඩු වුනාම මොකද වෙන්නේ , අපේ ඇඟෙන් යම් ලේ වැගිරීමක් නුනොත් ඒක නවත්ව ගන්න බැරිව යනවා , දිගටම ලේ යන්න ඉඩ තියෙනවා , අනතුරක් නේද මේක ? ...විශේෂයෙන්ම ඔය පට්ටිකා අගය 20000ට වඩා පහල ගියොත් බාහිරින් තුවාලයක් නොවී උනත් ලේ ගැලිමක් වෙන්න පුළුවන් , විශේෂයෙන්ම මොළය ඇතුලට වගේ තැන්වලට පවා , එය මරණිය අනතුරක් වෙන්න පුළුවන් ,
මේ පට්ටිකා අඩු වීම වලක්වනවාට වඩා කළ හැක්කේ එය අඩු වීමේ ලක්ෂණ හඳුනා ගැනීමත් , ලේ වැගිරීම් තුවාලවීම් අවස්ථා හැකි තරම් අඩු කර ගැනීමත් පමණයි ,
අපි දැන් බලමු මේ පට්ටිකා අඩු වීමේ ලක්ෂණ මොනවාද කියලා , ඩෙංගු වලදි වගේම මෙහිදීත් සමේ පුංචි පුංචි රතු - කළු පාට ලප මු වෙන්න පුළුවන් , (මොකද ඩෙංගු වලදි වෙන්නෙත් මේ පට්ටිකා අඩු වීම) සමහර විට හම යට හීරිලා තුවාල වෙලා වගේ දැනෙන්න පුළුවන් , ඊට අමතරව හුඟක් වෙලාවට දකින්න ලැබෙන දෙයක් තමයි විදුරු මස් වලින් ලේ ගලන එක , මොකද මේ වෙන කොට තොල් එහෙමත් තුවාල වෙලානේ තියෙන්නේ , දත් මැදල ඉවර වුනාම නිකම්ම ලේ එන්න පටන් ගන්නවා , ටික වෙලාවකින් අඩු වේවි , ඒත් මෙය platelet අඩුවීමේ ලක්ෂණයක් , ඒ වගේම කිවසීමක් එක්ක ලේ යන්න පුළුවන් , ඔය තමයි ප්‍රසිද්ධ ලක්ෂණ ඊට අමතරව පොඩි තුවාලයක් වුනොත් හරි ආර්තවයේ රුධිර වහනයෙදි හරි බලාපොරොත්තු වනවාට වඩා ලේ යන්න පුළුවන් , ඒ වගේම කාන්තාවන්ගේ සාමාන්‍ය ආර්තව කාළයට ඉස්සර වෙලා රුධිරය පිටවීම් වෙන්න පුළුවන් , මළපහ කරල ඉවර වුනාම ටිකක් බලන්න මලපහ වල වර්ණය ගැන , සාමාන්‍යෙයන් කහ පැහැයක් ගන්න මළපහ , රතු හෝ කළු (චොකලට් පාට) වගේ වෙලා නම් හෝ මුත්‍රා රතු පැහැයක් ගන්නව නම් ඉක්මණින් වෛද්‍ය ප්‍රතිකාර ලබැ ගැනීමයි සුදුසුම , මේ එක්කම ඔළුවේ කැක්කුමක් , පෙනීමේ වෙනසක් තියෙනවා නම් කළබල නොවී සහ වෙහෙස නොවී රෝහලට යනවා නම් වඩා සුදුසුයි ,
| රෝස කඳුළු ද ...... |
මුලින්ම මහා ලොකු බරකින් වගේ හිටිය අමන්දාගේ පුංචි සුසුමක් හෙළුවා ....
කොහොම හරි මේ ටික කතා කරල ඉවර වෙනකොට රෑ දහය විතර ඇති , “එහෙම නම් ඉතිං අපි යමු නේද .....“ නිදමතේ ඉන්න ලොක්කිගෙයි පොඩ්ඩිගෙයි බර දරා ගෙන මගේ බිරිඳ ඉවත් වීමේ යතුර Ejection button ක්‍රියාත්මක කළා ...
“හොඳමයි , එහෙනම් ගෙහුං එන්නකෝ ...යන්න ඉස්සර ආයෙත් මෙහෙ එන්න ඕන .. “...අමන්දාගේ අම්ම ආදරෙන් ඉල්ලීමක් කළා ...
“ඔව් අපි බලමු ...නේද ...?“
| ආපු පාර ...මාර පාර ......නෑ ...මඩ පාර ...... |
ගෙරද එනකොට රෑ එකොළහයි , හරිම සනීපයි ....නැහැ නිදි මතයි ....
