| ගාල්ල කොළඹ - කොළඹ ගාල්ල. |
කොහොම වුනත් අදත් අපට කතා කරන්න තියෙන්නේ මේ ඇරඹුණු පුංචි පැටියාගේ ලෝකය සුන්දර සහ නිරෝගි කරන්නට අපි සූදානම් විය යුතු ආකාරය ගැන. වෙනද වගේම අදත් මීට අදාල 45 , 46 සහ 47 ලිපි කියවා නැත්නම් ඒ ගැන ටිකක් අධ්‍යයනය කරලම මේ කතාව පටන් ගනිමු.මොකද මේ සියල්ල එකිනෙක බැඳුනු කරුණූ , ඔක්කොම එකවතාවට ලිව්වොත් ප්‍රයෝජනය අඩු වෙන්න පුළුවන් නිසා තමයි මේ විදියට කොටස් හතරක් පහක් එක්ක ලියන්නේ.
අද අපි කතා කරමු , පියයුරු ගැන . විශේෂයෙන්ම දරු උපතකදී මේ පියයුරු වල වන වෙනස් වීම් , සහ කිරිදීම වෙනුවෙන් පියයුරු හැඩ ගස්වා ගන්නා විදිය . සමහර විට මේ ලිපි ඔබට එතරම් නොවැදගත් කියල හිතෙන්න පුළුවන් , එහෙම නම් මෙය වැදගත් වේ යැයි සැලකෙන අයෙක් වෙත යොමු කරන්න.
| ආදරණිය පෝෂණ මල්ල.. |
මේ තිබෙන්නේ පියයුරක ඇතුලත පෙනෙන ආකාරය සටහනකින් , මේ කෙළවරේම රතුපාට ඉදි වගේ තිබෙන්නේ පේෂි Muscles එයින් තමයි පියයුරු පපුවට හයි කරල තිබෙන්නේ , මතක තියා ගන්න ඕන දෙයක් , ඔය පේෂිය තමයි පියයුරේ බර දරන්නේ , පියයුරු විශාල වීමත් එක්ක , කිරි දීමේදී සිදුවන වෙනස් කම් එක්ක , ඔය පේෂීයට ටිකක් වැඩ වැඩි වෙනවා , එතකොට මේ පේෂි ටිකක් ඇඳෙන ගතියක් එන්න පුළුවන් , එතකොට තමයි ඔය පියයුරු වැහැරිලා වගේ පේනනේ , ඒ නිසා ඔය පේෂී වලට පොඩි සහයෝගයක් විදියට හොඳ bra එකක් අදින එකේ වැදගත් කමක් තිබෙනවා,හුඟක් තද නැති ඒ වගේම හුඟක් බුරුල් නැති , පියයුරට ප්‍රමාණවත් උදව්වක් දෙන එකක්ම තෝර ගන්න , නිදා ගන්නා කාළයටත් මෙය අඳිනවානම් හොඳ නිසා සමට මෘදු , දහදිය හොඳින් උරා ගන්නා නිශ්පාදනයක් නම් වඩාත් හොඳයි .විශේෂයෙන්ම කිරි දෙන කාළයට නම් ඒ වෙනුවෙන්ම සැකසූ feeding bra එකක් අඳින්න ,
එයින් ඇතුලත ගත්තොත් කහපාටට පිරවීමක් filling තියෙනවා නේද ? ඒ තමයි fat tissue එහෙම නැත්නම් මේද පටකය , මේ මෙද පටක ප්‍රමාණය වැඩි වූ තරමට පියයුරේ විශාලත්වය වැඩි උනත් , ඒ විදියට පියයුර විශාල වීම සහ නිශ්පාදනය වන කිරි ප්‍රමාණය අතර සම්බන්ධයක් නැති තරම් . (ඒ කියන්නේ පියයුරු ටිකක් කුඩා උනා කියල “මට කිරි නෑ කියල අඬන්න එපා“) .
ඔය මේද පටකය අස්සේ පරිස්සමට හංගල තියෙන පද්ධති ටික තමයි කිරි නිශ්පාදනාගාර වෙන්නේ . පේනවද එයි කෙළවරේම milk gland කියල නම් කරල තියෙන අකුළපු balloon වගේ කොටස් , ඇත්තටම ඒ තුල තමයි කිරි නිශ්පාදනය වෙන්නේ ,(ඒක ලොකු කතාවක් අපි ඒ ගැන මව්කිරි ගැන කතා කරන ලිපියකදි විස්තරාත්මකව කතා කරමු.) ඒ නිශ්පාදනයන් duct කියන බට පද්ධති දිගේ ඉස්සරහට අරගෙන ඇවිත් ඔය බටේම ටිකක් ඉදිමුණු ප්‍රදේශයක් reservoir නමින් තිබෙන තැන තාවකාළිකව තැනපත් වෙලා තිබිළා , අවශ්‍ය වෙලාවට බාහිරට (දරුවගේ මුව තුලට) මුදා හැරෙනවා , (මේ කිරි නිශ්පාදනය වීමේ ක්‍රියාවලිය ඊට අදාල අනෙක් වෙනස්වීම් සිද්ධ වෙන්නේ පිළිසිඳ ගැනීමක් එක්ක , ඒ සඳහා අවශ්‍ය හෝමෝන සියල්ල අවශ්‍ය ප්‍රමාණයට එක්වෙන්නේ ඒ අවස්ථාවෙදි .)
ඕන්න පාඩම ඉවරයි , දැන් අපි කතා කරමු ගර්භණී කාළයෙදි කොහොමද “කිරි දීම “ සඳහා පෙර සූදානම වෙන්නේ කියල.මුලින්ම බලමු ගර්භණි කාළයේදි පියයුරු වල සිදුවන වෙනස්කම් මොනවද කියලා ? ඒ වෙනස්කම් හඳුනාගැනීම මානසික වශයෙන් හොඳ පෙළඹවීමක් කරනවා කිරි නිශ්පාදනයට , තමන් අම්ම කෙනෙක් වෙන්න යන බව පෙන්වන මේ වෙනස්කම් මොනවාද ?
| තූ......ති අම්මා..... |
ඇරියෝලාව පෙදෙසේ පාට ටිකක් තද පාටක් ගන්න පුළුවන් , ඒ කියන්නේ ඒ හරියේ තියෙන ග්‍රන්ථී , රුධිර වාහිනි වැඩ පටන් අරගෙන . ඒ වගේම ඔය කාළෙට ඇඟ ඇතුලේ නිශ්පාදනය වන හෝමෝන (ඊස්ටජන් සහ ප්‍රොජෙස්ටරෝන්) වැඩිවීමත් මේ පාට වෙනස් වීමට හේතුවක් .ඒවිදියට පාට වෙනස් වීම වැදගත් , මොකද එතකොට පැටියට හරිම ලේසිය එයාට වැදගත්ම තැන හොයාගන්න .ඒ වගේම ඔය ප්‍රෙද්ශයේ තියෙන ග්‍රන්ථි වලින් එන ස්‍රාවයේ සුවඳ , පැටිය වටේ දැනට තියෙන දියරයේ (ගර්භාෂයේ ඉන්න පැටිය වටේට ආරක්ෂක දියරයක් තිබෙනවා) සුවඳට සමානයිළු , ඒ නිසා ඉපදිච්ච ගමන් වුනත් පැටියට හුරු පුරුදු සුවඳ හොයාගෙන ගිහින් එයාට වැදගත්ම තැන හොයා ගන්න පුළුවන්.
ඒ වගේම ගර්භණීත්වයේ සති 16ක් 18ක සිට පියයුරු වලින් ටිකක් කහ අඳුරු පාටකට හුරු ස්‍රාවයක් කාන්දු වෙන්න පුළුවන් , අපේ කිරි ෆැක්ටරියේ මුල්ම නිශ්පාදනයන් , ඒ ගැන බයවෙන්න එපා , එහෙම leak වුනොත් සාමාන්‍ය වතුරෙන් සෝදල පිරිසිදු ඇදුමක් ඇදගන්න, ඒ දියර උරා ගන්න පුළුවන් විදියේ breast pad එකක් අඳින්න පුළුවන් නම් වඩාත් හොඳයි , හැබැයි ඒක ඇන්ද කියල දවසේම තියාගන්න එපා වරින් වර එය ඉවත් කරල පිරිසිදු කරගන්න ඕන ,සබන් දාල සෝදන්න එපා නිපලය පෙදෙස , මොකද සබන් නිසා නිපලය අවට තිබෙන තෙල් ගතිය සේදිලා ගිහින් , වියලෙන්න පුළුවන් , එ විදියට නිපලය අවට වියළුනොත් කරදර ගොඩයි .
![]() |
| සාමාන්‍ය හැඩය |
එතැනදි අපි සාමාන්‍ය , හොඳ නිපලයක පිහිටීම මේ රූප සටහනෙන් බලමු.මේ තමයි නිපලයේ හැඩය සාමාන්‍ය Normal nipple ,පැවතිය යුතු හැඩය , තමන්ගේ ඇඟිලිවලින් හොඳට අල්ලන්න පුළුවන් , මේ විදියට නිපලය තිබුණොත් දරුවට කිරි උරාබීම පහසුයි ,
දැන් ඉතින් නිපල් එක හරියට නෑ කියල කළබල වෙන්න එපා, ඒවටත් ක්‍රම තියෙනවා ටිකක් ඉන්නකෝ.
මීට ටිකක් වෙනස් විදියේ නිපල් පිහිටීම් තිබෙන්න පුළුවන් , අපි ඒව නම් කරනවා Flat nipple තවත් ආකාරයක් inverted nipple කියලා. මේ අවස්ථා දෙකම , කිරි දීමේ ක්‍රියාවෙදි යම් තරමක බාධා , කරදර ඇති කරනවා , එ නිසා මෙවන් පිහිටීමක් තිබෙනවා නම් නොසලකා හරින්න එපා , එය නිවැරදි කර ගන්න පුළුවන් නිසා උත්සාහ කරන්න .
| inverted nipple හි අවස්ථාවක් |
මේ පිහිටීම බලන්න , මෙහි එළියට හොඳට නෙරා ආ නිපලයක් හඳුනගන්න අමාරුයි , හොඳට බැළුවොත් පෙනේවි නිපලය ඇතුලට ගිහින් , මේ අවස්ථාව වෛද්‍ය විද්‍යානුකූලය Inverted nipple කියල නම් කරනවා , ඒවගේම පහල රූප සටහනෙන් පෙන්වන්නේ flat අවස්ථාව බලන්න එහි හැඩය.මේ අවස්ථා දෙකම නිසි ලෙස නිවැරදි කර ගැනීම කළ යුතුයි , බොහෝ අවස්ථා වල එය කළ හැකියි , නොවෙතත් ඒ වෙනුවෙන් තවත් තාක්ෂණික උපක්‍රම තිබෙනවා , ඒනිසා දැන්ඉතිං බය වෙන්න ඕන නැහැ.
අපි දැන් බලමු මේ වගේ inverted හෝ flat නිපල් තත්ත්වයක් තිබේ නම් මොකද කරන්නේ කියලා.හොඳට මතක තබා ගත යුතු කරුණ තමයි මේ නිවැරදි කිරීම් කර ගන්නට බබා හම්බවෙනකම් ඉන්න එපා, ඊට මාස දෙක තුනකට පෙර සිට මේ නිවැරදි කර ගැනීම කරන්න පටන් ගන්න ඕන.
| හැබැයි ඇතුළෙන් පලඳින්න.. |
ඒ වගේම nipple former කියන ප්ලාස්ටික් උපකරණයත් මේ සදහා යම් උදව්වක් කෙරෙනවා , අවසන් මාස දෙකක සිට ඔබේ පියයුරු පළඳනාවට යටින් පළඳින්නට පුළුවන් උපකරණයක් , මෙයින් ඇරියෝලාව වටා යම් තෙරපීමක් ඇති කරමින් නිපලය ඉවතට නෙරවිමට උත්සාහ දරනවා.
නමුත් මේ වෙනුවෙන් බහුලව භාවිත කෙරෙන උපක්‍රමයක් මේ , අවශ්‍ය ද්‍රව්‍ය තමයි මිලිලීටර් දහය ප්‍රමාණයේ අළුත් සිරින්ජයක් , හොඳට කැපෙන blade එකක් , දැන් බලමු මේ උපකරණය හදා ගන්න හැටි. මුලින්ම සිරින්ජයේ කටුව සවි වෙන ප්‍රෙද්ශය රූපයේ විදියට කපල ඉවත් කරන්න.ඊට පස්සේ සිරින්ජය ඇතුලේ තිබෙන plunger එක , අර අදින කොටස ඉවත් කරලා , අපි කපපු පැත්තෙන් ආයේ ඇතුළු කරන්න.

දැන් උපකරණෙ සූදානම් , දැන් එහි විවෘත කෙළවර නිපලය තිබෙන ප්‍රෙද්ශයට තියල ටිකක් තෙරපීමක්
කරමින් හොඳට රඳවගෙන plunger එකෙන් ඉවතට අදින්න , දැන් ඔබට පෙනේවි නිපලය සිරින්ජය ඇතුලට ටිකක් නෙරා ආව වගේ , තත්පර 15ක් 20ක් ඔහොම ඉන්න . දැන් නිදහස් කරන්න . මේ විදියට වාර කිහිපයක් කරන්න , නිපලයේ ගැටළු යම් තරමකට විසඳේවි.
මේ ක්‍රම යම් තරමකට සාර්ථක වනොත් ඉදිරියේදි , දරුවට කිරි දෙන අවස්ථාවේ ටිකෙන් ටික නිවැරදි වේවි ,මොකද දරුවා කිරි උරා බීමේදිත් මේ වගේ ඇදීමක් වෙනවානේ .
| පියයුරු පොම්පේ .. |
අපි මෙතෙක් කතා කළේ දරුවා බිහි වෙන්න ඉස්සර වෙලා පියයුරු රැක බලා ගත යුතු ආකාරය , දැනු අපි කතා කරමු දරුවා බිහිවෙලා කිරි දෙන අවස්ථාවේ එන්න පුළුවන් ප්‍රශ්න සහ ඒවාට කළ හැකි දේ මොනවද කියලා ...මේ ලිපිය කියවගෙන යන මහත්තුරුන්ට දැන් හිතෙනව ඇති “අපි නිකං උඩින් දැක්කට මේකේ තියෙන බර.....මේ ගැන දැන ගන්න තියෙන තරම් ‘‘ නේද ?....
කිරි දෙන මවකට මුල් දින කිහිපය තුල දැනෙන ටිකක් වේදනාකාරී අත්දැකීමක් තමයි , පියයුරු තද වීම , අපි වෛද්‍යවිද්‍යාත්මකව Engorgement කියල හඳුන්වන මේ තත්ත්වයට හේතුව දරුවා බිහිවීමත් එක්ක කිරි නිශ්පාදනය එකවරම අධික ලෙස වැඩිවීම, ඒ වගේම දරුවාට ප්‍රමාණවත් ලෙස කිරි නොදීමත් හේතුවක් , දැන් මොකද වෙන්නේ හැදෙන කිරි අපි මුලින් කතා කළ කිරිබට දිගේ එකතු වෙලා , තද වෙනවා , ඒක ටිකක් වේදනාකාරී බවකින් තමයි ඇයට දැනේනේ,
| රස්නෙට නාගන්න .... |
| මෙන්න මේ විදියට කිරි ඉවත් කරන්න |
ඔබට මතකද මේ තත්ත්වයේදී දරුව අඬන හඬ ඇහුනත් ඔබේ පියයුරු වල වේදනාව වැඩි වෙනවා , ඒකට හේතුව ඔබේ හෝමෝන ක්‍රියාකාරීත්වය සහ දරුවා වෙත ඇතිවන ආදරය , ඒ හැඟිම් ලොකු බලපෑමක් කරන නිසා.අපි ඒ ගැන විස්තරාත්මකව ඊළඟ ලිපියෙදි කතා කරනවා . හරිම සුන්දර සිදුවිමක් එය.
අනිත් ප්‍රශ්නේ ...අපෝයි දැන් හිතෙනවා ඇති මෙච්චර ප්‍රශ්න ද කියල ? ඔව් මොන වැඩේ වුනත් කරගෙන යද්දි එක එක ප්‍රශ්න එනවනේ , මෙතැනදිත් එහෙමම මයි , අපි දැන් ඒ වෙන්න පුළුවන් ප්‍රශ්න ටික දැන ගත්තම කරදර වෙන්න ඉස්සර වෙලා සූදානම්ව ඒ කරදරෙන් මිදෙන්න පුළුවන් නේ.
| කිරි ගැටයක් ... |
![]() |
| cracked nipple තුවාලයක් |
| නිපල් ෂීල්ඩ් එකකින් කිරි දෙන අවස්ථාවක් |
මීට අමතරව කිරි දෙන කාළ සීමාවේ පියයුරු වල වේදනාවක් එක්ක උණ ගත්තොත් අනිවාර්යයෙන්ම නිසි වෛද්‍ය ප්‍රතිකාරයක් ගන්න ඕන .
ඔන්න දැන් ප්‍රශ්න පත්තරේ ටිකක් ඉවරයි , පේනවනේ බබා හදන්න කොයි තරම් ඉගෙන ගන්න ඕනද කියලා නේද ? ඒකත් ලේසි වැඩක් නෙවි , නමුත් දැන ගෙන මේ වැඩේ පටන් ගත්තොත් කිසිම කරදරයක් නැතිව සුන්දරම අත්දැකීමක් ලබන්න පුළුවන් .
අපි ඊළඟට කතා කරන්නේ මව් කිරි දිම සහ එහි වැදගත්කම් ගැන , බලාපොරොත්තුවක් තිබෙනවා මේ ලිපි පෙල අවසන් වුනාට පස්සේ , දරුවෙක් ගැන හිතන තැන ඉඳළ , දරුවෙක් බිහිවෙලා රැක බලා ගන්නා අවස්ථාව දක්වා සියළුම කතා ටික එකම PDF එකක් විදියට ඔබට ලබා දෙන්න , හැබැයි ඕන කරන අයට විතරක් , මොකද මොන දේ උනත් නිකං දෙන කොට නාස්ති නොවෙන්න නම් එය දෙන්නට ඕන “ඇත්තටම අවශ්‍ය කෙනාට විතරයි “ කියන මගේ අදහස නිසා , එ නිසා ඔබට අවශ්‍ය නම් මේ සියල්ල PDF එකක් විදියට මෙතැන ක්ලික් කරන්න , (එතකොට internet නැතත් කියවන්න පුළුවන් , අනික ඕන නම් print කරගෙන බෙදා හදා ගන්නත් පුළුවන්නේ )
එහෙම නම් අදට යන්නම් ඉක්මණින් නැවතත් එනවා ...


